Archive | ලිපි RSS feed for this section

අවිචාරය, උද්දච්චකම හා අශීලාචාරත්වය

13 Jan

මීට පෙර බලයේ සිටි කිසිම ආණ්ඩුවක් නොකළ බරපතළ හා සාහසික වරදක් අගවිනිසුරු අර්බුදයේදී මේ ආණ්ඩුව විසින් කර තිබේයැ යි කිවහැකිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හා අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දු හා නියෝග නොසලකා ක‍්‍රියාකිරීමය. ඒ මගින් ආණ්ඩුව අධිකරණයේ සුජාතභාවය අහෝසි කරන අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීම මගින් ආණ්ඩුවේ සුජාතභාවයද අහිමි කරගෙන තිබේයැ යි කිව හැකිය. 

ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 125 (1) වගන්තිය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට අදාළ ප‍්‍රශ්න විභාග කොට තීන්දුදීමේ තනි හා අනන්‍ය බලය පැවරී තිබුණේ Continue reading

Advertisements

දෝෂාභියෝගයේ තවත් පැත්තක්

6 Jan

අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභි යෝගය ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන අර්බුදය අපේ රටේ ක‍්‍රියාත්මක වන ආණ්ඩුක‍්‍රමය සකස් කර තිබෙන දූෂිත ස්වභාවය පිළිබඳව වැදගත් පාඩම් ගණනාවක්ම අපට කියාදෙයි‍.

ආණ්ඩුක‍්‍රමය තුළ අධිකරණය ස්ථානගත කර තිබෙන්නේ ස්වාධීන ක‍්‍රියාකාරීත්වයකට ඉඩ ලැබෙන ආකාරයකට නොව විධායකයට යටහත් පහත්ව ක‍්‍රියාකිරීමට බලකැරෙන තත්ත්වයකය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ ව්‍යවස්ථාසම්පාදනය කරන ව්‍යවස්ථාදායකයේත්, එම ව්‍යවස්ථා ක‍්‍රියාත්මක කරන විධායකයේත් ක‍්‍රියාකාරීත්වය නීතියට Continue reading

අධිකරණ අර්බුදයේ ගමන් මග

30 Dec

මුලදී ආණ්ඩුව සටන් කිරීමට අපේක්ෂා කළේ අධිකරණයේ ප‍්‍රධානියා වූ තනි ශිරාණි බණ්ඩාරනායක කෙනකු සමග පමණය. ඇය තනි කොට දුෂ්කරතාවකින් තොරව තනතුරෙන් පහ කළ හැකිවනු ඇතැ යි ආණ්ඩුව අපේක්ෂා කළ බවක් පෙනෙන්නට තිබුණි. ඇය තනතුරෙන් පහකිරීම සඳහා ඉදිරියට ගෙනා මුග්ධ වැඩපිළිවෙළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් සේ ම නීතිඥ සංගමයද කිසියම් විශාල ප‍්‍රමාණයකට ඒකාග‍්‍ර තත්ත්වයකට ගෙනඒමට හේතුවිය. ඇය අධිකරණයෙන් පලවා හැරීම සඳහා ආණ්ඩුව ඉදිරියට ගෙනා සාහසික වැඩපිළිවෙළ විනිශ්චයකාරවරුන් තුළ සේ ම නීතිඥයන් තුළද තම වෘත්තීය අභිමානයේ කම්පනයක් ඇති කිරීමට හේතුවෙමින් ඒ සියලූදෙනා අතර එම Continue reading

අර්බුදයේ තවත් පැතිකඩක්

22 Dec

මීට පෙරද විවිධ කාලවකවානුවලදී රටේ විශාල දේශපාලන අර්බුද ඇතිවී ඇතත් වර්තමානයේ ඇතිවී තිබෙන අර්බුදයේ ස්වභාවය මීට පෙර ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයන්ගේ ස්වභාවයන්ට වඩා වෙනස්ය. පෙර ඇතිවූ හැම අර්බුදයක්ම බලයේ සිටින ආණ්ඩුවේ පැවැත්ම අභියෝගයට ලක් කරන වර්ගයේ ඒවා වූ අතර ඒවා ආණ්ඩුවේ පැවැත්මට අතිරේකව දේශපාලන ක‍්‍රමය අභියෝගයට ලක් නොකළේය. ඒ හැම අර්බුදයක්මත් එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බලය සඳහා තරග කරන විරුද්ධ පක්ෂ ව්‍යාපාරවලට දැඩි සම්බන්ධයක් තිබූ අර්බුද ලෙස සැලකිය හැකිය. එහෙත් වර්තමානයේ මතුවී තිබෙන අර්බුදය හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර ආත්මීය සම්බන්ධයක් Continue reading

අහෝ පාර්ලිමේන්තුව

16 Dec

රටේ නීති සම්පාදකයන්ගේ ආයතනය වන පාර්ලිමේන්තුව යුක්තිය පසිඳලන ආයතන ක‍්‍රමයේ ප‍්‍රධානියාට එරෙහිව අපූරු නඩු විමසීමක යෙදුණේය. පාර්ලිමේන්තුව විසින්ම සකස් කරන ලද මූලික නීතිය අනුව වුවද නඩු අසා දඬුවම් කිරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොතිබියදී එවැනි බලයක් පාර්ලිමේන්තුවට ඇතැයි සලකා එසේ මෙසේ කෙනකුට එරෙහිව නොව රටේ අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා ගොනුකොට නඩු අසන තැනකට ගියේය. අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළද එය හොඳින් කරුණු සලකා බලා විධිමත් ලෙස සකස් කරන ලද චෝදනා පත‍්‍රයක් නොවීය. චෝදනා ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් කරන ලිපි ලේඛන ඊට අමුණා නොතිබුණු Continue reading

අධිකරණයේ කාර්යභාරය – විවේචනාත්මක විමසීමක්

9 Dec

අධිකරණය හා ආණ්ඩුව අතර ඇවිලී තිබෙන ආරාවුල ත‍්‍රාසජනක ස්වරූපයක් ගනිමින් පවතී. ආණ්ඩුව අධිකරණය සමග සටන් කරමින් සිටිනුයේ ඊට උචිත ස්වරූපයකින් නොව විරුද්ධ දේශපාලන ව්‍යාපාරයක් සමග කරන සටනකදී සටන් කරන ගොරහැඩි ස්වරූපයට සමාන ආකාරයටය. අධිකරණය ආණ්ඩුව සමග සටන් කරමින් සිටිනුයේද ආණ්ඩු විරෝධී දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩු විරෝධී සටනකදී සාමාන්‍යයෙන් සටන් කරන ආකාරයටය. ආණ්ඩුවක් අධිකරණයත් සමග ඇති කරගන්නා ව්‍යවස්ථාමය ආරාවුලකදී පාක්ෂිකයන් වීථි බස්සන ප‍්‍රතිපත්තියක් යහපත් නොවනවා සේ ම අධිකරණයක් ආණ්ඩුවත් සමග ඇතිකරගන්නා ව්‍යවස්ථාමය ආරාවුලකදී ආණ්ඩු විරෝධී Continue reading

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය

24 Nov

විවේචනාත්මක විශ්ලේෂණයක්

සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග‍්‍රහයකට හසුකොට නැති විෂය ක්ෂේත‍්‍රයක් ලෙස සැලකිය හැකිය. උසස් අධිකරණවල විනිශ්චයකාරවරුන්ට ඔවුන්ට ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ තර්ජනයකින් තොරව සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ලබාදීම ශිෂ්ට සම්පන්න ලෝකයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ. බරපතළ වැරදි කරන උසස් අධිකරණයේ විනිශ්චය කාරවරයකු තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. සමහර රටවල් Continue reading