Archive | මුල් පිටුව RSS feed for this section

නීතියක් නැති රටකට!

13 Jan

අධිකරණයට අදාළ අර්බුදය තීරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙන මෙම අවස්ථාවේදී පොදු යහපත ගැන උනන්දුවක් දක්වන නිදහස් පුවත්පතක් වශයෙන් සාම්ප‍්‍රදායික මුල් පුවත් වාර්තාකරණයෙන් බැහැර වී අධිකරණ දෙකක් විසින් ලබාදී තිබෙන තීරණයන් නොසලකා දෝෂාභියෝග ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමෙන් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක ජනාධිපතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත්, දේශපාලන පක්ෂවලත්, මහජනයාගේත්, පාඨකයන්ගේත් දැනගැනීම සඳහා මෙසේ පිඬු කොට වාර්තා Continue reading

Advertisements

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි – රට අවුලකට

6 Jan

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විභාග කරන්නට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බලයක් හෝ අධිකාරයක් නැතැ යි ප‍්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති අර්ථ නිරූපණ තීන්දුව පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබීමෙන් රටේ ප‍්‍රධාන පාලන ආයතන අතර බරපතළ ගැටුමක් හටගෙන රටේ පාලනය අවුලට යනු ඇතැ යි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති.

පසුගිය 3 වැනිදා අභියාචනාධිකරණය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණ තීන්දුව තමන්ගේ ඉදිරි කටයුතුවලට බලපෑමක් සිදුකරන්නේ නැති Continue reading

දිවිනැගුම ගැන ආණ්ඩුවේ මතභේද

30 Dec

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවිනැගුම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු ආකාරය පිළිබඳව කර ඇති සඳහන අනුව ජනමත විචාරණයකට නොගොස් සම්මතකර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහයට එහි කොටස්කාර අනෙකුත් පක්ෂ සහයෝගය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත සංශෝධනය නොකර ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලයෙන් සම්මතකර ගත යුතු බව දැඩිව ප‍්‍රකාශකර ඇති අතර එහිදී ආණ්ඩුවේ වෙනත් පක්ෂ ඊට විරුද්ධ වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව ජනමත Continue reading

ජිනීවා පොරොන්දුවලට දෝෂාභියෝගය පටහැනියි

22 Dec

ශ‍්‍රී ලංකාණ්ඩුව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා ඇති කරන්නට සහතික වී තිබෙන විධිවිධාන අළලා ලබාදී තිබෙන වාර්තාවකට අනුව උසස් අධිකරණයේ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන දෝෂාභියෝගයකදී ස්ථාවර නියෝග 78 ඒ යටතේ පත් කෙරෙන තේරීම් කාරක සභාවක පරීක්ෂණ ක‍්‍රියාවලිය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූලව පවත්වන බවටත් එසේම තේරීම් කාරක සභාවේ තීරණයන් අධිකරණ සමාලෝචනයක් සඳහා Continue reading

ජනාධිපතිගේ කමිටුව අර්ථ විරහිතයි – ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු කියති

16 Dec

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විභාග කර වාර්තා කළ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව සමාලෝචනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කිරීමට බලාපොරොත්තු වන කමිටුව අර්ථවිරහිත එකක් බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති.

පසුගිය 13 වැනි බ‍්‍රහස්පතින්දා උදෑසන පුවත්පත් කතුවරුන් හමුවූ ජනාධිපතිවරයා පවසා තිබුණේ, දෝෂාභියෝග විශේෂ කාරක සභාවේ වාර්තාව සමාලෝචනය කොට තමන්ට උපදෙස් දීමට කමිටුවක් පත්කිරීමට තමා බලාපොරොත්තු වන බවය. එවැනි කමිටුවක් පත්කිරීමෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ බලයට කිසිදු හානියක් Continue reading

දෝෂාභියෝග විභාගයෙන් අගවිනිසුරු ඉවත්වෙයි – කාරක සභාව ගැන කිසිම විශ්වාසයක් නැහැ

9 Dec

තමාට එරෙහිව දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ තවදුරටත් පෙනීසිටීමෙන් වැළකීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තීරණය කළාය.

සමස්තයක් ලෙස විශේෂ කාරක සභාවේ ක‍්‍රියාකාරීත්වය ගැනද විශේෂයෙන් එහි සමහර ආණ්ඩු පක්ෂ සාමාජිකයන්ගේ ක‍්‍රියාකාරීත්වය ගැනද අගවිනිසුරුවරියගේ විශ්වාසයක් නැති බව කාරක සභාවට ප‍්‍රකාශ කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තම සේවාදායිකාව මෙම විභාගයට තවදුරටත් පෙනීසිටීමෙන් වළකින්නට තීරණය කොට ඇති
බව දැනුම් දුන්නේය.

පසුගිය 6 වැනිදා සවස 2.30ට දෝෂාභියෝග චෝදනා විභාග කරන පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර අගවිනිසුරුවරිය සිය නීතිඥ මණ්ඩලය සමග එය ඉදිරියේ පෙනීසිටියාය.

කතානායකගේ තීරණයෙන් ගැටුම සංකීර්ණ වෙයි

1 Dec

පාර්ලිමේන්තුවට විධානයක් කිරීමට සමත් කිසිම බාහිර ආයතනයක් නැති බවට කතානායක චමල් රාජපක්ෂ පසුගිය 29 වැනිදා සවස පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය නිසා ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර දැනට පවතින ගැටුම තවදුරටත් සංකීර්ණවීමේ තත්ත්වයක් උද්ගතවනු ඇතැයි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ගේ මතය වී ඇත.

පාර්ලිමේන්තුවේ කතානායකට හෝ එහි මන්ත‍්‍රීවරුන්ට විධානයක් කිරීමට බලයක් තිබෙන කිසිදු ආයතනයක් නැතැයිද එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ඉදිරියට පැමිණ කරුණු දක්වන ලෙස තමාට හා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කිරීමට පත්කර ඇති විශේෂ කාරක සභාවට එවා ඇති නොතීසි පිළිගැනීම ප‍්‍රතික්ෂේප Continue reading