Archive | ක්‍රීඩා RSS feed for this section

පරාජයේ කොටස්කරුවෝ කවුද?

13 Jan

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැති ටෙස්ට්තරගාවලිය 3-0ක් ලෙස අන්ත පරාජයක් ලැබූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ දැන් එක්දින සහ විස්සයි/20 තරගවලට සූදානම් වෙති. ඒ සඳහා ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් ම කණ්ඩායමට එකතුවීමට ඔස්ටේ‍්‍රලියාවට ගියේ නොබෝදා ය.

ලත් පරාජයේ කොටස්කරුවන් කවුරුන්දැයි තෝරාගැනීමට නොහැකිව දැන් ක‍්‍රිකට් පාලකයෝ එකි- නෙකාට දොස් තබා ගනිති. තම තමන් සුදනන් වීමට උත්සාහ දරති. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව දෙසට සිග්නල් වැටීම ය.
Continue reading

Advertisements

අමිහිරි ක‍්‍රිකට් කතාවක්

6 Jan

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඔස්ටේ‍්‍රලියානු සංචාරය දැනටමත් අහිමිහිරි අත්දැකීමක් වී තිබේ. නිමා වූ ටෙස්ට් තරග දෙකම පරාජය වූ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මෙම ලිපිය ලියන මොහොත වන විට තෙවැනි ටෙස්ට් තරගයට පිටියට පිවිස සිටී.

පළමු ටෙස්ට් තරගය නිමාවන විට ක‍්‍රීඩකයන් හා පාලකයන් අතර ඇරැඹි සීතල යුද්ධය දැන් ඔඩු-දුවා ඇති සේ ය. මෙය දෙවැනි ටෙස්ට් තරගයට බෙහෙවින් ම ඉවහල් වන්නට Continue reading

නව වසරට

30 Dec

මේ වසරද අහවරය. ලෝක විනාශයක අත්දැකීම් ලබන්නට පෙරුම්පිරූ සැමට එකී මහඟු අවස්ථාවද පෙර පවකට මඟ හැරී ගියෝය. එකී යටගියාවක කී‍්‍රඩාව ගැන අකුරු කරන්නේ නම් කිව හැකි සරලම දේ මහින්දානන්ද අලූත්ගමගේ යටතේ කී‍්‍රඩාවේ අධිවේගි සංවර්ධනයක් පැතු සියල්ලට ලෝක විනාශය පිළිබඳ බලා සිටි ප‍්‍රමෝදයම අත්විඳින්ට අවස්ථාව උදාවූ බවය. ගෙවුණු වසර තුළ කී‍්‍රඩාව ගැන බොරු පුරසාරම් බේගල් ඇද බැමේ තේරුමක් නොපවති. මහින්දානන්ද අලූත්ගමගේ කිසිවක්ම නොකළා යයිද අපි Continue reading

නයිට් රේස් ඉවරයි – එළි වුණා!

22 Dec

කොළඹ ‘‘නයිට් රේස්’’ පැවැත්වූ බවට ඉතිරිව ඇති එකම සාක්ෂිය තවමත් තැන තැන ගොඩ ගැසූ වැලි කොට්ටය. වැලි කොට්ට පුරවා ගොඩ ගැසූ හමුදා සෙබළුම වැලිකොට්ට ට‍්‍රක් රථවල දමා රැගෙන යති. යුද්ධයෙන් පසු යුද හමුදාව නිකමුන් නොකිරීමට ආණ්ඩුව ගන්නාවූ වෙහෙස අපමණය. නයිට් රේස්වල දරදිය අදින සෙබළුන් කියාපානුයේ එකී අරුතමය. අපේ හමුදාව අපට ඕන විදිහටය. එබැවින් ඊට වඩා ඒ ගැන කීම නොවටී.

2013 අයවැය තුළ කතාබහ කරන්නට ඉතිරි කළ දැවැන්තම කතාබහ රේසිං කාර් බදු මුදලෙන් නිදහස් කිරීමය. ඒ අතර කී‍්‍රඩා තරග කිරීමේදී තෝරාගත් රූපවාහිනී Continue reading

කෑමට බීමට වහල්වූ මලල කී‍්‍රඩා සංගමය

16 Dec

වසර අවසානයත් සමග හමන සීත සුළඟ කී‍්‍රඩා සංගම් නිලධාරීන්ට දැනෙනුයේ වෙනත් ආකාරයටය. එනම් එන වසරේ කී‍්‍රඩා නිලවරණවලට කල්තියාම සූදානම් විය යුතු බවට මතුවන හිරිගඩු නිසාය. මේ දිනවල සංගම් ප‍්‍රධානීන් එකී අරගලයට පිඹුරු සකසමින් සිටිති. එයට කදිම නිදසුනක් පසුගිය දොහේ මලල කී‍්‍රඩා සංගමයෙන් ඇසෙන්නට විය. ඒ නොබෝදා රැස්වූ මලල කී‍්‍රඩා සංගමය උප සභාපතිවරු දෙපළගේ වචන හරඹයකින් අවසන් වීමත් සමගය. වචන හරඹය ඇති වන්නේ සුනිල් ජයවීර සහ අජිත් නාරගල Continue reading

ජාතික කී‍්‍රඩා උළෙලෙහි මළගම

9 Dec

තිස් අට වසරක ඉතිහාසය පුරාවට පැවති අසාර්ථකම ජාතික මහා කී‍්‍රඩා උළෙල නොබෝදා අවසන් විය. මෙරට බිහිවූ හොඳම කී‍්‍රඩා ඇමති වීමේ විලිරුදාවෙන් පෙළෙන වත්මන් ඇමතිවරයාගේ නොහැකියාවේ තරමද ඉන් ඕනෑවටත් වඩා ඔප්පු විය. දේශපාලන මඩගොහොරුවේ එරුණු මෙරට කී‍්‍රඩාව දිනෙන් දින අභාවයට අගාධයට යෑම වළකාලීම ලෙහෙසි පහසු නැති කරුණක් බව පැහැදිලිය. ජනපතිගේ ඇස්පනා පිටම කඩා වැටුණු මේ යථාර්ථය ජනපති නොදකින්නේ නම් එයම පුදුමයක් මෙන්ම අගතියක් Continue reading

බොක්සිං වළල්ලෙහි කාන්තා ලකුණ

1 Dec

කොණ්ඩය කොටට කපා පිරිමියකු වෙස් ගත්තද ඇයතුළ ගැහැණු ලාලිත්‍ය උපරිමය. හිස් දෙඅතට බොක්සිං ආවරණ පැළඳුවද ඇය තුළ අපූරු ගැමි තරුණියක් සිටී. නමේ අගට තුවක්කු ඇතත් දැතින් පහර දීම ඇගේ කලාවය. ඇය අපට සිටින වටිනාම බොක්සිං කී‍්‍රඩිකාවය. ඇය නමින් අනූෂා කොඩිතුවක්කුය. තහනම් උත්තේජක ගෙන විලිලැජ්ජාවක් රටට එක්කළ මංජු වන්නිආරච්චි නැවතත් බොක්සිං පිටියට එන බවට මාධ්‍යය සන්දර්ශන පැවැත්වේ. වරද වරදක් ලෙස ගන්නේ නම් ඔහු උතුම් මිනිසෙකි. Continue reading