Archive | කතු වැකිය RSS feed for this section

රස්තියාදුකාර ආණ්ඩුවක් හා රස්තියාදුකාර නායකයෝ

13 Jan

රස්තියාදුකාරයන්යැ යි සමාජය කියන්නේ අණක් ගුණක් නීතියක් නොතකන, කිසිවකු කියන දෙයක් නොඅසන, හොඳ නරක නොබලා තමන්ට ඕනෑ දෙයම කරන පාදඩ ගණයේ පුද්ගලයන්ටය.

මේ ආණ්ඩුවත් එහි නායකයනුත් අඩුවැඩි වශයෙන් ඒ සියලූ ලක්‍ෂණ උරුමකරගෙන ඇති බව නැවත වාරයක් පැහැදිලි විය. ඒ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය නොනවත්වා ඉදිරියට ගෙනයෑම නිසාය.

අගවිනිසුරුවරියට එරෙහිව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ඉදිරිපත්කරන ලද දෝෂාභියෝග යෝජනාව වනාහි නීති විරෝධී, මුළුමනින්ම දේශපාලන Continue reading

අධිකරණ තීරණයට ගරුකළ යුතුය

6 Jan
අගවිනිසුරුවරිය ධුරයෙන් ඉවත්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පවත්වාගෙන යනු ලැබූ ක‍්‍රියාදාමය මුළුමනින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. ඒ සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අගවිනිසුරුවරිය වැරදිකාරිය කිරීම සඳහා බලයක් හෝ අධිකාරයක් නැති බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
මෙය ඓතිහාසික තීරණයකි. විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ අත්තනෝමතික බලයට අධිකරණය යටත්කරගන්නට ඉඩ නොදී අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම Continue reading

අනාගත අඳුර

30 Dec

දෝෂාභියෝග ක‍්‍රියාවලිය විසින් රට නොනවත්වාම ගෙනයමින්තිබෙන්නේ අඳුරෙන් අඳුරටය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර තිබිය යුතු එකිනෙකාට ගෞරවයෙන් සැලකීමේ සම්ප‍්‍රදාය දැන් ආණ්ඩුව විසින්ම වළපල්ලට විසිකොට තිබේ.

අධිකරණය සිය වුවමනාවන් වෙනුවෙන් හැසිරවීමේ විධායකයේ වුවමනාව ඉටුකරගන්නට ආණ්ඩුව එක් අවස්ථාවක උත්සාහ දැරුවේ මහපාරේදීය. ඒ මාළුපාන් ගෙඩියට, කිරි පැකට් එකට හා රුපියල් පන්සීයට කැඳවාගත හැකි මහ පිරිසක් අධිකරණයට එරෙහිව කැඳවීමෙනි. දැන් ආණ්ඩුවේ මාධ්‍යවලට එය බාරදී තිබෙන බව පෙනෙයි. Continue reading

ජන බලය වරදට බලපත‍්‍රයක් නොවේ

22 Dec

ආණ්ඩුව, විශේෂයෙන් එහි බලවත්ම අංගය වන විධායකය ගමන්කරමින් සිටින්නේ අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට බව දැන් නැවතත් පැහැදිලිවෙමින් පවතියි. එය මේ දැන් ඇරඹූ ගමනක් නොවේ. දැන් ගතවෙමින් තිබෙන්නේ, ඉන් එපිටින් ලද පූර්වාදර්ශයන් අනුයමින්, 2005 වසරේ සිටම අත්තනෝමතිකත්වයේ හා ජනපීඩාවේ දෙසට යන ගමනෙහි වර්තමාන මොහොතයි.

එකිනෙකා කෙරෙහි සුපරීක්ෂාකාරීව බලාසිටිනා, අවශ්‍ය වුවහොත් අනෙකාගේ නොමනා ක‍්‍රියාවන් පාලනය කරනා ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන Continue reading

ලංකා ඉතිහාසයේ අලූත්ම කළු ලපය

16 Dec

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කළ කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේ. මේ වනාහි ලංකා ඉතිහාසයේ තවත් අඳුරු හා ලජ්ජාසහගත මොහොතක ලේඛනගත සංකේතයක් බව කිවයුතුය.

දෝෂාභියෝග කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් ඊට පාදක කරගත් ක‍්‍රියාපරිපාටියත් එවැනි දෙයක් නොකළ යුත්තේ කෙසේදැයි යන්නට හොඳම උදාහරණ ලෙස සැලකිය හැකිය.

දෝෂාභියෝග නඩු විභාගයත් කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් මෙතැන් සිට ලංකාවේ ඉතිහාසය වෙයි. ඒ ඉතිහාසය කියනු ඇත්තේ කුමක්ද? රටේ අධිකරණ Continue reading

උතුරේ දේශපාලන නිදහස

9 Dec

මෙතෙක් අහිමිව තිබූ නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුද්ධයෙන් පසු උතුරට දෙන බවට ආණ්ඩුව කී කතා නැවත නැවතත් බොරු වෙමින් තිබේ. එහි ආසන්නතම සංකේතය පසුගිය සතියේ යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට ආරක්‍ෂක අංශ විසින් කරන ලද පහරදීමයි. පහරදුන්නා පමණක් නොව, ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගන්නටද පොලිසිය කටයුතු කළේය.

ශිෂ්‍යයෝ වරදක් කළාහු නම්, ඒ පසුගිය යුද්ධයේදී මියගිය හිතෛෂීන් නිහඬව සිහිකිරීමයි.

විවිධාකාර අපරාධයන් කොට රට තුළ නීතියේ ආධිපත්‍යයට බරපතළ අභියෝගයන් එල්ල කළ අපරාධකරුවන් පවා මියගිය විට සිහිකරන්නට ඔවුන්ගේ හිතෛෂීන්ට ඇති Continue reading

අධිකරණය ජනතාවගේ ඔඩොක්කුවට

1 Dec

පසුගිය නොවැම්බර් 23වැනිදා තමාට එරෙහිව ඇති දෝෂාභියෝග පරීක්‍ෂණයට මුහුණදීම සඳහා පාර්ලිමේන්තුවට යෑමට අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය පිටව ගියේ උපරිමාධිකරණ සංකීර්ණයේ මහජන පිවිසුම් දොරටුවෙනි. ඒ අවස්ථාවෙහිදී ඇය වටා මහජනතාව විශාල පිරිසක් එක්රොක්ව සිටියහ. මේ, මෙරටේ මින් පෙර කිසි දවසෙක සිදුනොවුණු සුවිශේෂ සංකේතාත්මක එමෙන්ම හැඟීම්බර සිදුවීමකි. අධිකරණය, රටේ නියම අධිකරණ බලය හිමි මහජනතාවගේ ඔඩොක්කුවට වැටීම එයින් Continue reading