Archive | December, 2012

දිවිනැගුම ගැන ආණ්ඩුවේ මතභේද

30 Dec

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිවිනැගුම පනත් කෙටුම්පත සම්මත කරගත යුතු ආකාරය පිළිබඳව කර ඇති සඳහන අනුව ජනමත විචාරණයකට නොගොස් සම්මතකර ගැනීමට ආණ්ඩුව දරන උත්සාහයට එහි කොටස්කාර අනෙකුත් පක්ෂ සහයෝගය නොදැක්වීමට තීරණයකර ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පනත් කෙටුම්පත සංශෝධනය නොකර ආණ්ඩුවට ඇති තුනෙන් දෙකේ බලයෙන් සම්මතකර ගත යුතු බව දැඩිව ප‍්‍රකාශකර ඇති අතර එහිදී ආණ්ඩුවේ වෙනත් පක්ෂ ඊට විරුද්ධ වෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව ජනමත Continue reading

අනාගත අඳුර

30 Dec

දෝෂාභියෝග ක‍්‍රියාවලිය විසින් රට නොනවත්වාම ගෙනයමින්තිබෙන්නේ අඳුරෙන් අඳුරටය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර තිබිය යුතු එකිනෙකාට ගෞරවයෙන් සැලකීමේ සම්ප‍්‍රදාය දැන් ආණ්ඩුව විසින්ම වළපල්ලට විසිකොට තිබේ.

අධිකරණය සිය වුවමනාවන් වෙනුවෙන් හැසිරවීමේ විධායකයේ වුවමනාව ඉටුකරගන්නට ආණ්ඩුව එක් අවස්ථාවක උත්සාහ දැරුවේ මහපාරේදීය. ඒ මාළුපාන් ගෙඩියට, කිරි පැකට් එකට හා රුපියල් පන්සීයට කැඳවාගත හැකි මහ පිරිසක් අධිකරණයට එරෙහිව කැඳවීමෙනි. දැන් ආණ්ඩුවේ මාධ්‍යවලට එය බාරදී තිබෙන බව පෙනෙයි. Continue reading

අධිකරණ අර්බුදයේ ගමන් මග

30 Dec

මුලදී ආණ්ඩුව සටන් කිරීමට අපේක්ෂා කළේ අධිකරණයේ ප‍්‍රධානියා වූ තනි ශිරාණි බණ්ඩාරනායක කෙනකු සමග පමණය. ඇය තනි කොට දුෂ්කරතාවකින් තොරව තනතුරෙන් පහ කළ හැකිවනු ඇතැ යි ආණ්ඩුව අපේක්ෂා කළ බවක් පෙනෙන්නට තිබුණි. ඇය තනතුරෙන් පහකිරීම සඳහා ඉදිරියට ගෙනා මුග්ධ වැඩපිළිවෙළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් සේ ම නීතිඥ සංගමයද කිසියම් විශාල ප‍්‍රමාණයකට ඒකාග‍්‍ර තත්ත්වයකට ගෙනඒමට හේතුවිය. ඇය අධිකරණයෙන් පලවා හැරීම සඳහා ආණ්ඩුව ඉදිරියට ගෙනා සාහසික වැඩපිළිවෙළ විනිශ්චයකාරවරුන් තුළ සේ ම නීතිඥයන් තුළද තම වෘත්තීය අභිමානයේ කම්පනයක් ඇති කිරීමට හේතුවෙමින් ඒ සියලූදෙනා අතර එම Continue reading

අධිකරණයේ නොතීසි පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කිරීම

30 Dec

ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය විසින් තම අධිකරණ ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා පාර්ලිමේන්තුවේ කතානායකවරයාට හා දෝෂාභියෝග චෝදනා විමර්ශන විශේෂ කාරකසභාවේ සමාජිකයන් වෙත යවන ලද නොතීසි ඔවුන් විසින් පිළිගනු නොලැබූ බවත්, අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත්, පසුගියදා මාධ්‍ය වාර්තා කළේය. අධිකරණයේ නොතීසි පිළිනොගැනීමේ තත්ත්වය මත ඉදිරියේදී සිදුවිය හැක්කේ කුමක්ද යන්න ගැන ප‍්‍රවීණ නීතිවේදීන් දක්වන අදහස්වලට Continue reading

නව වසරට

30 Dec

මේ වසරද අහවරය. ලෝක විනාශයක අත්දැකීම් ලබන්නට පෙරුම්පිරූ සැමට එකී මහඟු අවස්ථාවද පෙර පවකට මඟ හැරී ගියෝය. එකී යටගියාවක කී‍්‍රඩාව ගැන අකුරු කරන්නේ නම් කිව හැකි සරලම දේ මහින්දානන්ද අලූත්ගමගේ යටතේ කී‍්‍රඩාවේ අධිවේගි සංවර්ධනයක් පැතු සියල්ලට ලෝක විනාශය පිළිබඳ බලා සිටි ප‍්‍රමෝදයම අත්විඳින්ට අවස්ථාව උදාවූ බවය. ගෙවුණු වසර තුළ කී‍්‍රඩාව ගැන බොරු පුරසාරම් බේගල් ඇද බැමේ තේරුමක් නොපවති. මහින්දානන්ද අලූත්ගමගේ කිසිවක්ම නොකළා යයිද අපි Continue reading

Image 30 Dec

2012-12-30-Cartoon

ජිනීවා පොරොන්දුවලට දෝෂාභියෝගය පටහැනියි

22 Dec

ශ‍්‍රී ලංකාණ්ඩුව ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වර්ධනය සඳහා ඇති කරන්නට සහතික වී තිබෙන විධිවිධාන අළලා ලබාදී තිබෙන වාර්තාවකට අනුව උසස් අධිකරණයේ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරන දෝෂාභියෝගයකදී ස්ථාවර නියෝග 78 ඒ යටතේ පත් කෙරෙන තේරීම් කාරක සභාවක පරීක්ෂණ ක‍්‍රියාවලිය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුකූලව පවත්වන බවටත් එසේම තේරීම් කාරක සභාවේ තීරණයන් අධිකරණ සමාලෝචනයක් සඳහා Continue reading