Archive | November, 2012

කාරක සභාවේ කටයුතු අත්හිටුවීම මැනවි – ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

24 Nov

ව්‍යවස්ථාදායකය හා විධායකය අතර හොඳහිතට – නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීමට

ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර සුහදතාව හා සහයෝගීතාව පළුදු නොකර පවත්වා ගැනීම සඳහාත්, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීම සඳහාත්, අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයට අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉදිරි කටයුතු අත්හිටුවීම මැනවැ යි ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේය.

දෝෂාභියෝග චෝදනා විභාග කිරීමට අධිකරණ බලයක් පාර්ලිමේන්තුවට තිබේද නැද්ද යන්න ගැන අර්ථ නිරූපණයක් ලබාදීම සඳහා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කොට තිබෙන නිසා, එම අර්ථ නිරූපණය ලැබෙන තුරු මෙලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු අත්හිටුවීමට තමන් නිර්දේශ කරන බව නිමල් ගාමිණී Continue reading
Advertisements

දෝෂාභියෝග විභාගය මාධ්‍යයට විවෘත විය යුතුය

24 Nov

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට එරෙහිව වන දෝෂාභියෝග යෝජනාව පිළිබඳ විභාගය සිදුකැරෙන්නේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් විසිනි. එය පත්කර ඇත්තේ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග යටතේය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 78(අ) (8) යටතේ එහි කටයුතු ප‍්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් පහත විධිවිධාන දැක්වෙයි. විශේෂ කාරක සභාවේ විමර්ශනයට සම්බන්ධ සියලූ කටයුතු, එකී විනිශ්චයකාරවරයාට විරුද්ධව නගා ඇති චෝදනා Continue reading

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන දෝෂාභියෝග ක‍්‍රමය

24 Nov

විවේචනාත්මක විශ්ලේෂණයක්

සමහර උසස් තනතුරු දරන්නන් වැරදි කරන අවස්ථාවලදී එම තනතුරුවලින් පහකිරීම සඳහා යොදා ගැනෙන දෝෂාභියෝග ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ නීතිගත කර තිබෙන වැරදි හා අවලස්සන ස්වභාවය මෙතෙක් විවේචනාත්මක විග‍්‍රහයකට හසුකොට නැති විෂය ක්ෂේත‍්‍රයක් ලෙස සැලකිය හැකිය. උසස් අධිකරණවල විනිශ්චයකාරවරුන්ට ඔවුන්ට ඔවුන්ගේ තනතුරුවලින් පහකිරීමේ තර්ජනයකින් තොරව සිය කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ලබාදීම ශිෂ්ට සම්පන්න ලෝකයේ අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස සැලකේ. බරපතළ වැරදි කරන උසස් අධිකරණයේ විනිශ්චය කාරවරයකු තනතුරෙන් පහකළ හැක්කේ දෝෂාභියෝගයකින් පමණය. සමහර රටවල් Continue reading

කරන්නාගොඩ අප්පුහාමි ගැන මම සෑහෙන්න හිතුවා

24 Nov

ඩබ්ලිව්. ජයසිරි

රඟපෑම ගැන අදහසක් මුලින්ම ඔළුවට එන්නෙ කොහොමද?

මේක ටිකක් අමුතු දෙයක් කියලා මට පොඩි කාලෙ ඉඳලම තේරුණා. දැනට අවුරුදු 15-20කට පෙර දවසක් නාට්‍යයක් ඉවර වෙලා පොඩි අඩියක් ගහන ගමන් වින්සන්ට් සේරසිංහ මහත්තයා මට මෙහෙම කතාවක් කිව්වා. ඇක්ටර් කෙනෙක් වෙන එක එක් හේතුවක් නිසා වැදගත් වෙනවා කියලා. මොකද මේ ලෝකෙ ජීවත්වන ඕනෑම කෙනෙක් තමන් ගැන සියලූම දේවල් තව කෙනෙකුට කියන්නෙ නැහැ. බිරිඳටවත් නොකියන Continue reading

ලොගාඞ් සරණ යෑම

24 Nov

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගොඩගන්නට කැඳවූ හරූන් ලෝගාඞ් සිය තෙදින සංචාරය තුළ අහුලාගත් සියල්ලෙන් පත එකට සිඳුවා සූර පප්පා අරිෂ්ටයක් මෙරට ක‍්‍රිකට් බලධාරීන්ට බොන්නට දී ඇත. හෙට දිනයේ මෙය පානය කොට ලොව සුපිරි ක‍්‍රිකට් කණ්ඩායම අප වනවා නොඅනුමානය. ලොගාඞ් ශ‍්‍රී ලංකාවට ආවේ තෙදිනකි. මේ තෙදින තුළ ඔහු කරුණු නවයක් අහුලාගෙන ඇත. එකී කරුණු මෙරට මාධ්‍යය හැමදාම කතා කළ දෑය. එහි වෙනසකට ඇත්තේ එය අද කියනුයේ හරූන් ලොගාඞ්වීමය. දකුණු අප‍්‍රිකාව ලෝක කුසලාන තරගාවලියක අවසානයට හෝ රැගෙන ඒමට නොහැකි වූ ලොගාඞ් මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ හෙට දවස සකස් කර ගතහැකි ආකාරය පෙන්වා දෙයි. Continue reading

Image 24 Nov

වැඩබලන අගවිනිසුරු ගැන තේරීම් කමිටුවේ මතභේද

18 Nov

එවැනි පත්කිරීමක් ව්‍යවස්ථා විරෝධියි – නීති විශාරදයෝ කියති

පාර්ලිමේන්තු තේරීම් කාරක සභා පළමු රැස්වීමේදී වැඩබලන අගවිනිසුරුවරයකු පත්කිරීම සඳහා ආණ්ඩුවේ සූදානම ගැනද සාකච්ඡා වී ඇතැයි වාර්තා වන අතර, කමිටුවේ විපක්ෂ නියෝජිතයන් ඊට එරෙහිව කරුණු දැක්වීමෙන් පසු අවසාන තීරණයකට නොගොස් සාකච්ඡාව අවසන් වී ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 109 ව්‍යවස්ථාව අනුව වැඩබලන අගවිනිසුරුවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව ප‍්‍රකාශ කර තිබුණේ විශ‍්‍රාමලත් අගවිනිසුරු සරත් එන්. සිල්වාය. කෙසේ වෙතත් දෝෂාභියෝගයක් Continue reading