Archive | October, 2012

වැඩි වැටුප් ඉල්ලා වර්ජන රැල්ලක්

28 Oct

ජීවන මිලට සාපේක්ෂව වැටුප් වැඩිවීම් ඇතුළු අනෙකුත් ඉල්ලීම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකරමින් වර්ජන ඇතුළු වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ක්ෂේත‍්‍ර රැසක වෘත්තීය සමිති තීරණය කර ඇත.

මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග සඳහා ආණ්ඩුවේ, විපක්ෂයේ මෙන්ම ස්වාධීන වෘත්තීය සමිති රැසක් දැනටමත් විවිධ ඒකාබද්ධ ක‍්‍රියාමාර්ගවලට එළැඹී ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැනුම්දීම් ද සිදුකර ඇත.

Continue reading

විජයග‍්‍රහණයේ ප‍්‍රතිඵල

28 Oct

13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ඝෝෂාව දැන් උස්ව නැගෙමින් තිබේ. ආණ්ඩුවේ විවිධ ස්ථරවල සාමාජිකයන් කරන ප‍්‍රකාශවලින් ඔබ්බට ගොස් දැන් මහජනයා වෙත එම අදහස ගෙනයෑමටද සූදානම් කෙරෙමින් තිබෙන බව කියැවෙයි. මේ පෙර සූදානම එම සංශෝධනය ඉවත්කිරීමට විය හැකිය. 13වැනි සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ආණ්ඩුවට තිබේ. සියලූ පළාත් සභා හා අන් කවරකු විරුද්ධ වුවද සිය තුනෙන් දෙකේ බලය පාවිච්චි කිරීමෙන් 13වැනි සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් Continue reading

අසිරිමත් මිනිසකුගේ නික්මයෑම

28 Oct

විශ්වාසයට හා ගෞරවයට හේතුවූ මිතුරකු වූද කිසියම් කලෙක සිට රාවයේ බලවත් ආධාරකරුවකු වූ ද ලාල් පියසේන පසුගිය සිකුරාදා සවස මියගියේය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 61කි. ඊට පෙර දින පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි ඔහු බලන්නට මම වරුණ කරුණාතිලක සමග ගියෙමි. ඔහු බිරිඳ හා දියණියෝ දෙදෙනාද එහි සිටියෝය. ඔහු අවසාන අවස්ථාවට ළඟාවෙමින් සිටින බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. කෙනකු පහසුවෙන් හඳුනාගත හැකි හෝ කතාකළ හැකි තත්ත්වයක නොසිටියද ඔහු මා හඳුනාගෙන වාගේ අත අල්ලා ගත්තේය. ඒ මොහොතේ මට Continue reading

අර්බුදයේ තවත් වැදගත් පැතිකඩක්

28 Oct

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයක් තුළ අධිකරණයක් වෙත පැවරෙන කාර්යභාරය ඉතාමත් සුවිශේෂය. මහජනයා පීඩාවට පත්කරන අත්තනෝමතික පාලනයකට ඉඩ නොදෙමින්, මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන රැකවල් දූතයා ලෙස ක‍්‍රියාකළයුත්තේ අධිකරණයයි. 78දී ගොඩනගන ලද එම අවිධිමත් හා අවලස්සන දේශපාලන ක‍්‍රමය සකස් කර තිබෙන්නේම අධිකරණයට එම අරමුණ වෙනුවෙන් උපරිම ක‍්‍රියාකාරීත්වයකට ඉඩ නොලැබෙන ආකාරයටය. අධිකරණ ක‍්‍රමයක තිබිය යුතු ස්වාධීනත්වය හා ගෞරවය පිළිබඳව බලවත් හැඟීමක් විනිශ්චයකරුවන් තුළ නැතිකමද බලතුලනයේ Continue reading

පළාත් සභා ගැන දියුණු සංවාදයකට යමු

28 Oct

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

පළාත් සභා සම්බන්ධයෙන් ඇතිවී තිබෙන නව කතිකාවත ඔබේ අවධානයට ලක්වෙන්නෙ කොහොමද?

ආණ්ඩුවේ ජනප‍්‍රියත්වය අඩුවෙමින් යන බව පැහැදිලියි. මෙතෙක් ජනප‍්‍රියත්වය රැකගැනීමට යුද්ධය විකිණුවා. ඒත් තවදුරටත් ඒක කළ නොහැකි තත්ත්වයකුයි උදාවී තිබෙන්නේ. ආණ්ඩුවට අලූත් සටන් පාඨ නැහැ. ව්‍යාජ දේශපේ‍්‍රමීත්වයක් දිගින් දිගටම පෙන්වන්න බැහැ වගේම ආණ්ඩුවට එක්කාසු වී සිටින ව්‍යාජ දේශපේ‍්‍රමීන් තවත් පැත්තකින් හෙළිදරව්වෙමින්ද තිබෙනවා. ඊළඟට උතුරු පළාත් පිහිටුවන්නේ නැතුව දිවි නැගුම වැඩසටහන ක‍්‍රියාත්මක කරන්න Continue reading

පාපැදියේ කළු පැල්ලම

28 Oct

රැය මිය ගියේය. ඒ සමග විදුලි පහන්වල එළියද මිය ගියේය. ප‍්‍රීතිවන කාලය ගෙවී ඇත. දැන් කඳුළු හෙළන පැයය.

ලාන්ස් ආම්ස්ට්‍රොන් කලක වීරයෙකි. එහෙත් එක්වරම ද්‍රෝහියකු වී ඇත. තමන්ගේම පිළිරුව පුපුරුවා හැරීමට තරම් ධෛර්යයක්, ගැම්මක්, ඇම්මක් තිබුණු ඒ වීරයාගේ ප‍්‍රභා මණ්ඩලය පැත්තක තිබියදී, ජීවිතය ඔහුව පසුකර පියඹා හමාරය.
ලාන්ස් ආම්ස්ට්‍රෝන් නම් මිනිසෙක් පාපැදිය තුළ තවදුරටත් නොසිටිනු ඇත. ඔහුගේ දිගුකාලීන අතීතය මුලින් උදුරා දමා ඇත. යටගියාවෙහි ඇත්තේ Continue reading

Image 28 Oct