Archive | September, 2012

වෙළෙඳපොලෙන් ඉවත්කරන ලෙස දැනුම්දුන්නත් බාල ළමා ඖෂධ ඉවත්කර නෑ

30 Sep

පසුගිය මැයි මාසයේදී භාවිතයෙන් ඉවත්කරන ලෙස නියම කරන ලද ළමුන් සඳහා භාවිත කරන ඖෂධ සිරප් වර්ග කිසිවක් භාවිතයෙන් ඉවත්කර නොමැති බව වාර්තා වෙයි.
ඖෂධ වර්ග නිපදවන දේශීය නිෂ්පාදකයකු වන MSJ ඉන්ඩස්ටී‍්‍රස් සිලෝන් පෞද්ගලික ආයතනයේ ජල පවිත‍්‍රකරණ ඒකකය භාවිතයට නුසුදුසු තත්ත්වයක පැවතීම හේතුවෙන් එහි නිෂ්පාදනය කරන මොරිසන්ස් ග‍්‍රයිප් මික්ස්චර්, වැල්මෙලික්ස්, වැල්මෙලික්ස් පොලිවියෝල්, Triseudofed Continue reading

මහජන මතය කෝකටත් තෛලය නොවේ

30 Sep

ජනතාව තමන් සමග සිටිතැයි පෙන්වීමට ආණ්ඩුව විශාල කැමැත්තක් දක්වයි. ආණ්ඩුව කල්පනා කරන්නේ මහජන කැමැත්ත තමන් වෙත නම් කවර දේශීය හෝ විදේශීය අභියෝගයක් වුවද පහසුවෙන් ජයගත හැකිය කියාය. විශේෂයෙන් තෝරාගත් පාලන ආයතන සඳහා, ආණ්ඩුවේ සියලූ බලය, සම්පත් හා විශාල මුදල් සම්භාරයක් යොදවමින්, ඡුන්දදායකයාට විවිධ තාවකාලික වරප‍්‍රසාද දෙමින් කඩින් කඩ වරින් වර මැතිවරණ පවත්වන්නේ මහජන කැමැත්ත ආණ්ඩුව සමග බව පෙන්වීමටය. එමගින් ලබන ජයග‍්‍රහණයන් තවත් වසර කිහිපයකට සිය බලය පවත්වාගෙන යෑම සඳහා Continue reading

අනාථ දරුවන්ගේ ප‍්‍රශ්නය හා ළමා අපයෝජන

30 Sep

අම්මලා, තාත්තලා සිටින දරුවන්ට සීමා නොවී අම්මලා තාත්තලා නැති පරිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන ළමා නිවාසවල හා තවත් ඒ සමාන තැන්වල ජීවත් වන පහළොස් දහසකට වැඩි අනාථ ළමුන් ගැන සේ ම රටේ පවතින ළමා අපයෝජන ගැන ලිවිය යුතුයැයි කියා කල්පනා වූයේ ලෝක ළමා දිනය යෙදී ඇත්තේ ඊළඟ සඳුදාට වන නිසාය.

දෙමාපියන්ගේ හෝ පවුලේ වෙනත් අයගේ ආදරය හා සෙනෙහස ලැබීමේ වාසනාව හිමි නැති රටේ සිටින අනාථ ළමුන් කෙරෙහි ඒ රට දක්වන Continue reading

6% වෙනුවට අපට තියෙන්නේ සංකීර්ණ ප‍්‍රවේශයක

30 Sep

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වත්මන් ස්ථාවරය මොකක්ද?
තවමත් අපි සාකච්ඡා කරනවා. පාගමන අවසන් කරනතුරු සාකච්ඡා කළ නොහැකි නිසා තාවකාලිකව එය නැවතී තිබෙනවා. ඊළඟ වතාවෙදි මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සමග කතා කළයුතු බව සංගමය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටයි, බැසිල් ඇමතිතුමාටයි කියා තිබෙනවා. එතනදි අපි බලාපොරොත්තු වෙනවා මේ ප‍්‍රශ්නය විසඳීමට දස අවුරුදු සැලැස්මක් දෙන්න. ඒකෙන් මේ ප‍්‍රශ්නය ඉවර වෙයි කියලා මම හිතනවා.

පී.බී. ජයසුන්දර මහතා සමග සාකච්ඡාව වේලාසන ඉල්ලූ එකක්. එය ප‍්‍රමාද වූයේ ඇයි?

ජයසුන්දර මහතාට හදිසියෙ විදේශ ගතවෙන්න සිදුවුණා. ඔහු එනවිට පා ගමන පටන් අරන්. ඒත් Continue reading

සෙල්ලංද කොල්ලෝ

30 Sep

කාලයට අනුව තාලය වෙනස් නොකළොත් පරාජය නිසැකය. එබැවින් අද සැවොම කරනුයේ කාලයට අනුව තාලය වෙනස් කිරීමය. ජනපතිගේ ලොකු පුත් නාමල් රාජපක්ෂ කොණ්ඩය වවන කල ඒ ආකාරයට කොණ්ඩය වවන්නට පාසල් ළමුන්ද පෙළැඹී ඇතැයි ආණ්ඩු හොරණෑ වාර්තා කළේය. ඒ නිසා රටේ පාසල්හි දරුවන්ට ආදර්ශයක් වනුවස් නාමල් කොණ්ඩය කැපුවේය. එතැන් සිට පාසල් ළමුන්ද කොණ්ඩය කපන්ට ඇතැයි උපකල්පනය කළ හැකිය.
අද දවසේ මෙරට කී‍්‍රඩාව යනු රාජපක්ෂකරණයට ලක්වූ හපයක් විනා අන් කිසිවක් නොවේ. නාමල් කොණ්ඩය වැව්වා සේ නාමල් කී‍්‍රඩාවට ආපසු එහි Continue reading

30 Sep

බර්ටිගේ අභියෝගයෙන් ආණ්ඩුව අර්බුදයක

23 Sep

උතුරුමැද පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා නම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වී ඇති බව වාර්තා වන අතර ඊට හේතුවී ඇත්තේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අතර එම ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටුමය.

ගොවිජන සේවා හා වන ජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සිය සොහොයුරාට ප‍්‍රධාන අමාත්‍ය ධුරය ලබාදීම සඳහා සැප්තැම්බර් 19 වැනිදා අමාත්‍ය ධුරයෙන් ඊට පිළිතුරු වශයෙන් සැප්තැම්බර් 20 වැනිදා හිටපු ප‍්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක තමාට ප‍්‍රධාන අමාත්‍ය ධුරය ලබා Continue reading