Archive | August, 2012

පුහුණුවන උපාධිධාරීන් මැතිවරණ ප්‍රචාරයට

26 Aug

මෑත භාගයේදී කොන්ත‍්‍රාත් පදනම මත රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් යොදාගනිමින් රත්නපුර ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සිදුකිරීම නවතන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් අගෝස්තු 23දා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී ඇත.

මැතිවරණ කොමසාරිස්වරයාට අගෝස්තු 23දා ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානය කරන ලද පැමිණිල්ලක් අනුව මෙම දැනුම්දීම සිදුකර ඇත.

රත්නපුර කුඩුගල්වත්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ප‍්‍රභාත් මහේෂ් ද අල්විස් මහතාගේ කාර්යාලයට උපාධිධාරීන් 90කට අධික පිරිසක් Continue reading

විශ්වවිද්‍යාල සටනත් කුමන්ත‍්‍රණයක්ද?

26 Aug

ආණ්ඩුව විශ්වවිද්‍යාල සියල්ලම වසා දැම්මේ පසුගිය අඟහරුවාදාය. එම අඟහරුවාදාම සවස ඇමති බැසිල් රාජපක්‍ෂ හා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සමග පැවැති සාකච්ඡා කිසියම් දුරකට බලාපොරොත්තුසහගත බව ඒ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය මාධ්‍යවලට කීවේය.

විශ්වවිද්‍යාල අර්බුදය විසඳාගැනීම මේ මොහොතෙහි ඉතාමත්ම වැදගත් ජාතික ප‍්‍රශ්නයක් බවට පත්වී තිබේ. එය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, සිසුන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට පමණක් නොව ඉන් ඔබ්බට ගොස් උසස් පෙළ සිසුන්ට හා දෙමාපියන්ටද ඍජුව බලපාන දෙයක් බවට නුදුරෙහිදීම Continue reading

විය හැක්කේ කුමක්ද?

26 Aug

ශ‍්‍රී ලංකාව, දේශපාලන ක‍්‍රමයේ මහා කඩාවැටීමක මුවවිට සිටින්නේයැ යි කිවහැකිය. ආණ්ඩුව සිය ආරක්ෂාව සඳහා හෝ රට සංවර්ධනය කිරීම සඳහා හෝ කරන ක‍්‍රියා මගිනුත්, විරුද්ධ පක්ෂය තිබෙන ආණ්ඩුව පරාජය කොට අලූත් ආණ්ඩුවක් ඇතිකර ගැනීමේ අරමුණින් කරන ක‍්‍රියා මගිනුත් වෘත්තීය සමිති ව්‍යාපාර අයිතිවාසිකම් දිනාගැනීම සඳහා කරන සටන් මගිනුත් නිරත වී සිටිනුයේ එකම කාරියකය. එනම් ඔවුහු එක් ආකාරයකින් හෝ තවත් ආකාරයකින් හෝ කරමින් සිටිනුයේ හොඳටම ගරා හැලූණු තත්ත්වයක තිබෙන දේශපාලන ක‍්‍රමය නමැ ති කුලූන සිටුවා තිබෙන භූමිය මුල්ලූ කිරීමය. Continue reading

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමට ජනමතයක් ගොඩනැගිය යුතුයි

26 Aug

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති

අගෝස්තු 22 දා සිට විශ්වවිද්‍යාල වසා දැමීමට රජය ගත් තීරණය තුළ කවර අරමුණක් තිබෙන බවද පෙනෙන්නෙ.

ආසන්නතම හේතුව ලෙස මම දකින්නේ 23 දා පැවැත්වීමට නියමිත විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ රැස්වීමට ශිෂ්‍යයන් සහභාගි වීම අවම කිරීමටයි. විශ්වවිද්‍යාල වැසූවිට නේවාසිකාගාර වහන්න වෙනවා. එතකොට ළමයි ගෙදර යනවා. මේ අයගේ තක්සේරුව තමයි අපි ලොකු කුමන්ත‍්‍රණයක් කරනවා කියන එක, මේ විධියේ උද්ඝෝෂණවලට ගිහින් ආණ්ඩු පෙරළන්න. ඒකට විශ්වවිද්‍යාලවල Continue reading

නාවලපිටියේදී පාපන්දුවේ හුළං බසී

26 Aug

එෆ්.ඒ කුසලාන පාපන්දු අවසාන මහා තරගය නාවික හමුදාව සහ යුද හමුදා පිල අතර නොබෝදා පැවැත්වූ අතර එහි ජයග‍්‍රහණය නාවික හමුදා පිලට හිමිවිය. නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට ආරාධිතයා ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා සහභාගි වන බවට වෙළෙඳ දැන්වීම් පළවිය. එහෙත් තම ගමේම පැවති පාපන්දු තරගයට ක‍්‍රීඩා ඇමති සහභාගි නොවීය. ඒ ඇයි? ක‍්‍රීඩා අමාත්‍යවරයා කෙසේ හෝ ගෙන්වා ගෙන මිතුදමක් සාදාගැනීම පාපන්දු සම්මේලනයේ අරමුණ වුවත් ක‍්‍රීඩා ඇමතිවරයාද එය කල්තියාම දන්නා නිසා ඉහත අවස්ථාව මගහැර ඇති බව ක්ෂේත‍්‍රයේ කතාබහය. මෙරට පාපන්දු ක‍්‍රීඩාව බල්ලට ගොස් ඇති බව ක‍්‍රීඩා ඇමතිවරයා වටහාගෙන එයට නිසි Continue reading

26 Aug

පිනට ලකුණු දීමෙන් Z ස්කෝර් අර්බුදයක්

19 Aug

අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර (උ.පෙළ) විභාගයේ දැනට අවසන්කර ඇති ප‍්‍රශ්න පත‍්‍රවල තිබූ වැරදිවලට ලකුණු පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇතත් එමගින් සිසුන්ගේ ඉසෙඞ්ස්කෝර් අගයට සේම අනෙකුත් අගයන්ට සිදුවන අසාධාරණය මේ වන විට සිදුවී අවසන් බව සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය ආර්. ඕ තටිල් මහතා පවසයි.

මහාචාර්යවරයා පවසන්නේ වැරදි ප‍්‍රශ්නයකට පිළිතුරු සැපයීමට උත්සාහ කළ සිසුවාට සේම එම ප‍්‍රශ්නය මගහැර අනිකුත් ප‍්‍රශ්නවලට පිළිතුර සැපයූ සිසුවාටත් නිකම් ලකුණු Continue reading