Archive | July, 2012

පළාත් සභා ඡන්දෙට අධ්‍යක්ෂ තනතුරු බෙදයි

30 Jul

නැගෙනහිර, උතුරු මැද සහ සබරගමු පළාත්වල මැතිවරණ පැවැත්වීමට ප‍්‍රථම අධ්‍යාපන කලාප කාර්යාලවල අධ්‍යක්ෂ තනතුරුවල වැඩ ආවරණය කරමින් සිටින ගුරු සේවයේ සියලූදෙනා එම තනතුරුවලට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සියලූම කලාප කාර්යාල අධ්‍යක්ෂ තනතුරුවල වැඩ ආවරණ කරන සියලූදෙනාගේ සේවා කාලය, පත්වීම් දිනය, විශ‍්‍රාම ගොස් ඇත්ද යන බව සඳහන් ජීව දත්ත වාර්තා මෙම මස 31 වැනි දිනට ප‍්‍රථම අධ්‍යාපන අමාත්‍යාංශයට එවන ලෙස පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට දන්වා ඇත.

Continue reading

එජාපය ඒකාධිපතිත්වයට විරුද්ධ වන්නේ කෙසේද?

30 Jul

රටේ විකල්ප ආණ්ඩුව වශයෙන් සැලකිය හැකි ප‍්‍රධාන විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා තම න්‍යාය පත‍්‍රය ප‍්‍රදර්ශනය කළ හැකිව තිබූ තවත් වැදගත් අවස්ථාවක් වුවමනාවෙන්ම අතහැර දැමුයේය. ඒ පක්‍ෂ නායකයාගේ එක් වරෙක ව්‍යවස්ථාපිත නිලකාලය වසර හයක් තරම් දීර්ඝ කිරීමෙනි. වාර්තාවන අන්දමට, මේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පක්‍ෂය තුළ බලවත් විරෝධයක් පැනනැගුණේ නැත. පැනනැගුණත් ඊට වඩා වසර හයක නිලකාලයට පක්‍ෂවූවන්ගේ ශක්තිය වැඩිවන්නට ඇත. නායකයාගේ නිලකාලය අවුරුදු හයක් දක්වා දීර්ඝ කලා පමණක් නොව, පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරුවලට පුද්ගලයන් තෝරාගැනීමේ වරමද දැන් ඔහුටම පවරා තිබේ.

මෙතෙක් පක්‍ෂයේ නායකයා තෝරාගත යුතුව තුබුණේ වාර්ෂිකව පැවැත්වෙන නිලවරණයෙකිනි. වර්ෂයක් යනු ප‍්‍රායෝගික නොවන කාල සීමාවක් බවට සැකයක් නැත. Continue reading

විශ‍්‍රාම ජීවිතය සැලසුම් කරගැනීම

30 Jul

මා කර්තෘ ධුරයෙන් විශ‍්‍රාම යෑමට සූදානම්වෙමින් සිටි කාලයේදී රාවය පාඨකයන්ගෙන් කිසියම් කොටසක් විශ‍්‍රාමිකයන් හෝ ඒ ආසන්න වයස්වල සිටින අය ලෙස සලකා ඔවුන්ගේ ජීවිතවල ප‍්‍රයෝජනවත් වියහැකි විශ‍්‍රාම ජීවිතය සැලසුම් කරගැනීම පිළිබඳව ලිපියක් ලිවිය යුතුයැ යි අදහස් කරගෙන සිටියද මොන මොන හේතු නිසා හෝ අදහස මේ දක්වා ඉටුකිරීමට හැකිවූයේ නැත.

සැලසුම් කළ හැකි තත්ත්වයක තිබෙන හැම දෙයක්මත් යථාර්ථවාදී ලෙස සැලසුම් කළ හැකි නම් ඒ හැම දෙයකම ඵලදායීතාව ඉහළ දැමිය හැකිය. එය විශ‍්‍රාම ජීවිතයටද Continue reading

අපේ ඉල්ලීම් පිළිබඳ ඇමතිවරයාගේ අර්ථකථනය වැරදියි

30 Jul

දන්ත වෛද්‍යපීඨ ආචාර්ය සංගමයේ ලේකම් – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ආචාර්යවරුන්ගේ ඉල්ලීම් අතර සාධාරණ එකකටතියෙන්නේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් කළ යුතුයි කියන කොන්දේසිය විතරක් බවයි උසස් අධ්‍යාපන ඇමතිවරයා ප‍්‍රකාශ කරන්නේ. ඔහුට අනුව ලංකාව අද ඒ ආසන්නයටම, එහෙමත් නැත්තම් දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට පහක් අධ්‍යාපනයට වියදම් කරන තරම් දුරට ඇවිත් ඉන්නවා. ඒ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ මගින් වෙන් කරන මුදලට අමතරව වෙනත් ආයතන සහ තම දරුවන්ගේ අධ්‍යාපනයට දෙමව්පියන් වියදම් Continue reading

අතීතය සහ අනාගතය යාකරන ඩන්කන් වයිට්

30 Jul

ලලිත් ගුණවර්ධන ලියූ අලූත්ම කෘතිය ‘ඩන්කන් වයිට්’ය. ක‍්‍රීඩා ග‍්‍රන්ථ කෙරෙහි ලොබකමක් බඳින ලලිත් මේ වනවිට ක‍්‍රීඩාව අරබයා ග‍්‍රන්ථ ගණනාවක් ලියා ඇති ලේඛකයකු වේ. විටෙක ක‍්‍රීඩා ග‍්‍රන්ථ හරහා පුහුණුකරුවකුගේ භූමිකාව නිරූපණ කරන ලලිත් තවත් විටෙක ක‍්‍රීඩාවේ වැළලී යන චරිත කැණීම් කොට මතුකර ගන්නා පුරාවිද්‍යා ගවේෂකයකුගේ භූමිකාවටද පණ පොවයි. කුමන පැතිකඩක වුවද ලලිත් ක‍්‍රීඩා සාහිත්‍ය පොහෝනි කිරීමට ගන්නා වෙහෙස ඉතා අගනා වටිනා බව කිව යුතුයි.
ලලිත්ගේ ‘ඩන්කන් වයිට්’ කෘතිය එක හුස්මට කියවිය හැකි අපූරු කෘතියකි. කඩුලූ මතින් පැන ලෝකය දිනූ වයිට්ගේ ක‍්‍රීඩා දිවිය තුළ පැන යායුතු කඩුලූ එමට තිබූ බව ලලිත් Continue reading

30 Jul

ඇමති බදුර්දීන්ගෙන් අධිකරණයට තර්ජන

22 Jul

රටපුරා අධිකරණ වර්ජනයක්

පසුගිය 18 වැනිදා මන්නාරම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගල්ගැසීම සඳහා පුද්ගලයන් මෙහෙයවූයේ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිෂාඞ් බදුර්දීන් බව රාවයට වාර්තා වෙයි. මන්නාරම මහේස්ත‍්‍රාත් ජූඞ් සන් මහතා ලබා දුන් තීන්දුවක් වෙනස් කරන ලෙස ඉල්ලා බදුර්දීන් මහතා මහේස්ත‍්‍රාත්වරයාට දුරකතනයෙන් තර්ජනය කර තිබේ. අධිකරණය දුන් තීන්දුවක් වෙනස් කළහැක්කේ ඉහළ අධිකරණයකට පමණක් බව මහේස්ත‍්‍රාත්වරයා කියූ විට කෝපයට පත්වූ ඇමතිවරයා එසේ නම් එයින් මන්නාරම ගිනිගනු ඇතැ යිද කිසියම් බරපතළ සිද්ධියක් සිදුවනු ඇතැ යි ද මහේස්ත‍්‍රාත්වරයාට තර්ජනය කොට තිබේ.

පසුගිය 18 වැනිදා අධිකරණය ඉදිරියට රැස්වූ කලහකාරීන් පිරිසක් අධිකරණයට ගල් ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් අධිකරණයේ පැරණි ගොඩනැගිලිවලට හා ළඟදී විවෘත Continue reading