Archive | April, 2012

සහනාධාර නොලැබුණහොත් ඉන්ධන මිල යළි ඉහළ යන ලකුණු

8 Apr

ඉන්දියානු ඔයිල් සමාගමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක තම මිල ගණන් වැඩි කිරීමට හැකියාව ඇති බව වැඩ බලන ඛනිජ තෙල් අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා කියා සිටී.

එලෙස තෙල් මිල වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් ඉල්ලූම වැඩිවී එමගින් ඛනිජ තෙල් සංස්ථාවට පාඩුවක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් පාඩු පිට තෙල් ලබාදෙන බැවින් තෙල් වැඩිපුර විකිණීම මගින් සිදුවන පාඩුව පියවීමට තෙල් මිල වැඩි කිරීමට දැනට අපේක්ෂා නොකළත් ඉදිරියේදී ලෝක වෙළෙඳපොළ තත්ත්වයන් මත තෙල් මිල වෙනස් විය හැකි බවත් ඔහු පැවසීය.

පෙට‍්‍රල් මිල රු. 15කින් ඉහළ දැමීමට පිළිබඳව තම සමාගම කළ දැනුම්දීමට රජයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැති බව ලංකා අයි ඕසී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුරේෂ් කුමාර් මහතා පැවසීය.

රජය පනවා ඇති බදු හා රුපියලේ අගය අවප‍්‍රමාණය හේතුවෙන් ඉන්ධන ආනයනයේදී සමාගමට පාඩු ලැබීමට සිදුව ඇති බවත්, එහෙයින් සමාගමට අවශ්‍ය නම් ඉන්ධන මිල ඉහළ දැමිය හැකි බවද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීම වෙනුවට රජයට තම සමාගමට බදුවලින් නිදහසක් ලබාදීමට ඇති හැකියාව විමසා අදාළ දැනුම්දීම ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට කළ බවද සුරේෂ් කුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසුවේ ස්වාධීන මිල නියාමන කොමිසම හා ඛනිජ තෙල් මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකවීම අහෝසි කිරීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් (CPL) LIOC සමාගමටත් සිතූ පැතූ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට අවස්ථාව උදාවී ඇති බවයි.

LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමූ පසු CPC තෙල් ලබාගැනීමට පාරිභෝගික යන් පෙළඹෙනු ඇති බවත් පාරිභෝගිකයන් ප‍්‍රමාණය වැඩි වුවත් පාඩු මිලට ඉන්ධන ලබාදීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයකට පත්වනු ඇතැ යි ද ආනන්ද පාලිත මහතා ප‍්‍රකාශ කළේය.

Advertisements

කෙස් පැලෙන තර්ක

8 Apr

ශ‍්‍රී ලංකාවට අදාළව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ අතර උණුසුම් විවාදයකට හේතුවී තිබෙන බව පෙනේ.

විරුද්ධ පක්ෂය හිතන්නේ එවැන්නක් සිදුවීම රටට සිදුවූ හොඳක් ලෙසය. එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාවට නගන ලෙස ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

මෙම යෝජනාව සම්මතවීම ආණ්ඩුව දකින්නේ රටට සිදුවූ ලොකු නරකක් ලෙසය. විදේශ බලකිරීම් නිසා නොව එල්එල්ආර්සී සමහර නිර්දේශ තමන් ක‍්‍රියාත්මක කරන බව ආණ්ඩුව කියන්නේය.

මෙය පොදුවේ රටට එල්ල වූ අභියෝගයක් ලෙස සලකා එකට එකතු වී ක‍්‍රියාකරන්නට මෙම දෙපක්ෂයම කැමති බවක් පෙනෙන්නට නැත.

යුද්ධයේදීද මෙම දෙපක්ෂය දෙපැත්තට ඇද්දේය. යුද්ධයක් කරන අවස්ථාවකදී විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීම අවශ්‍යවේයැ යි ආණ්ඩුව කල්පනා නොකළේය. එවැනි අවස්ථාවකදී බලයේ සිටින ආණ්ඩුවට සහාය දියයුතුයැ යි විරුද්ධ පක්ෂයද කල්පනා නොකළේය.

Continue reading

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

8 Apr

වත්ත ජාවාරමට බදු දී සෞඛ්‍යයට දත නියවීම

මෙරට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත‍්‍ර තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ අර්බුදය පිළිබඳ සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව ඇත. කමිටුව පත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යවරයායි. කමිටුවේ ප‍්‍රධානියා වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවින්ද්‍ර රුබේරු, කමිටු සාමාජිකයන් වූ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එච්. ආර්. යූ ඉන්ද්‍රසිරි, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත ජයවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අබේකෝන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරී ඒ. ආර් අහමඞ් යන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රාමාණිකයන් ඉදිරිපත් කළ වාර්තාවක වැදගත් කම අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවත්, එම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ දෙමාපියනුත් ප‍්‍රකාශ කළ කරුණු ද මාධ්‍ය මගින් හෙළි කළ කරුණු ද සම්පූර්ණ සත්‍ය බව මෙම පංච පුද්ගල කමිටුව සනාථ කර ඇත.

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනය මුල සිටම නිරතව සිටි වංචා සහගත ක‍්‍රියාන්විතයන් බොහොමයක් කමිටුවේ නිරීක්ෂණයට භාජනය වීම පිළිබඳව අපි සතුටු වෙමු. එහෙත් කමිටුවේ නිරීක්ෂණයන්ට පරස්පර වූ නිගමනයන් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කළේ ඇයිද යන්න ප‍්‍රශ්න සහගතය. කමිටුවේ නිගමනයන් පිටස්තර පුද්ගලයකු විසින් සම්පාදනය නොකළේ නම් එය සිදු කොට ඇත්තේ යම් තැනැත්තකුට හෝ ආයතනයකට ඇති පක්ෂපාතීත්වය නිසා බැව් වාර්තාව සම්පූර්ණයෙන්ම කියවන්නකුට අවබෝධ වීම වැළැක්විය නොහැක.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් ආයෝජන මණ්ඩලය රවටන ලද ආකාරය කමිටුව නිරීක්ෂණය කර ඇත. 2008 වසරේදී දකුණු ආසියානු තාක්ෂණ සහ Continue reading

උතුර, දේශපාලන විභවතාව උරගා බැලිය යුතුයි

8 Apr

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සේනාධීර ගුණතිලක

අප ඉදිරියේ තිබෙන්නේ සමාජ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ශී‍්‍ර ලංකාවක්. මේ කාරණය ඔබ තේරුම් අරන් ඉන්නෙ කොහොමද?

බැලූ බැල්මට ලංකාවේ එබඳු මුහුණුවරක් තිබෙනවා. ලංකාවේ වටේ ව්‍යාපාරය පැත්තෙන් බැලූවත් පවතින ධනේෂ්වරය පැත්තෙන් බැලූවත් එම ව්‍යාපාර හෝ සංවිධාන යම් සන්ධිස්ථානයකට පැමිණ තිබෙන බව පෙනෙනවා. ඊට වම පැත්තෙන් ආසන්නම උදාහරණය තමයි ජ.වි.පෙ පැවති ව්‍යාපාර මේ අර්බුදයට සැබෑ ලෙසම අභිමුඛව වෙන්න අසමත් වූවා. විපක්ෂයෙන්ම ජාතික ප‍්‍රශ්නය ඉදිරියේ සෙසු ව්‍යාපාර සේම වමේ ව්‍යාපාරයත් අසමත් බවකුයි ප‍්‍රකට කළේ. මේ නිසා තමයි විවිධ ප‍්‍රජාවන්ගේ පැත්තෙන් ගත්තත් පොදුවේ බැලූවත් සමාජ ප‍්‍රතිසංස්කරණ ඉල්ලන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන්නෙ. එහෙත් වමේ ව්‍යාපාරය හැටියට ඒ ප‍්‍රතිසංස්කරණවලින් එහා ගිය දැක්මක් සමාජය පිළිබඳව තිබිය යුතුයි. ඒ මොහොතේ එළඹෙන ප‍්‍රශ්නවලට උත්තර සොයමින් සිටින තත්ත්වයකුයි එට තුළ අපිට දක්නට ලැබෙන්නෙ. වමේ ව්‍යාපාරයට ඒ පුළුල් වපසරිය බැහැරකර දෛනිකව කරගත යුතු දේවල් සමග පමණක් එල්ලෙන්න බැහැ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණ නිදහස, ප‍්‍රකාශනයේ නිදහස වැනි දේවල් සම්බන්ධයෙන් ප‍්‍රතිසංස්කරණවාදී ආකල්පයක් මූලිකවම දැරිය යුතු වෙනවා නේද? නැතහොත් පුළුල් වගකීමක් ඉටුකිරීමේ ප‍්‍රවේශය ගන්නෙ කොතැනින්ද?

Continue reading

කෙළිබිමේ ගුණ සුවඳ – නුඹ තුළින් මම දුටිමි

8 Apr

අදින් වසර හතරකට පෙර ගම්පහ වැලිවේරියේ සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් මෙරට මලල ක‍්‍රීඩා පිටිය ආලෝකමත් කළ ප‍්‍රවීණ ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් මහතා ජීවිතක්ෂයට පත්විය.
1940 මාර්තු 17 දින ගල්කිස්සේ උපන් ලක්ෂ්මන් මොරටු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේදී ප‍්‍රසිද්ධ පාසල් මීටර් 100, 200 ශූරතාවන් දිනා වර්ණ ලැබීය. පසුව ජාතික මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට පිවිස මීටර් 100, 200, 400 ඉසව්වන් හා සහාය දිවීමේ ඉසව්වන් ජයගත්තේ ලංකා වාර්තා බිඳ හෙළමිනි. පසුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී සේවය කළ අවධියේ දක්ෂතම මලල ක‍්‍රීඩකයාට හිමි ශූරතාව පිට පිටම කිහිප වතාවක් ජයග‍්‍රහණය කළ ඔහු එතෙර තරග කිහිපයකදී ලංකාව නියෝජනය කළේය. පසුව Continue reading

8 Apr