Archive | March, 2012

ජනාධිපති z ස්කෝර් ගැන වාර්තාවක් ඉල්ලයි

31 Mar

2011 අ.පො.ස (උසස් පෙළ) විභාගය සඳහා පෙනී සිටී දරුවන්ට ඉසෙඞ් අගය ගණනය කිරීමේ දී කිසියම් අසාධාරණයක් හෝ සුළු වැරදීමක් සිදුවී ඇත්නම් එම ඉසෙඞ් අගය ගණනය කිරීමේ සූත‍්‍රය සංශෝධනය කිරීමට ද ඒ පිළිබඳව සියලූ දරුවන්ට දැනට කිසියම් සැකයක් ඇති වී තිබේ නම් එය ඉවත් කිරීමට ද අදාළව පිළිගත හැකි තාක්ෂණික පැහැදිලි කිරීමක් දෙසතියක් තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් අධ්‍යාපන ඇමතිවරයාට දන්වා ඇත.

2011 අපොස ( උසස් පෙළ) විභාග ප‍්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට සහ විභාග දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පති‍්‍රකාවකට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා විසින් 2012.02.21 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් අධ්‍යාපන ඇමතිවරයාට ඒ බව දන්වා ඇත.

කමිටු නිර්දේශ මගින් ඉදිරියේදී විෂය නිර්දේශ දෙකක් සහ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් සම්බන්ධව කටයුතු කිරීමේදී ඉසෙඞ් අගය තීරණය කළ යුතු ආකාරය නිර්දේශ කොට ඇති බවත්, මෙම නිර්දේශ නිසා සිසු දරුවන් තුළ 2011 වසරේ යොදාගත් ඉසෙඞ් අගය ගණනය කිරීමේ ක‍්‍රමවේදය ගැටලූවක් පවතින බවට සැකයක් මතුවිය හැකි බවත් එම සංදේශයේ සඳහන් කොට ඇත. එමනිසා රජය, දරුවන්ගේ අනාගතය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බැවින් කිසියම් සුළු හෝ වැරදීමක් සිදු වී ඇතිනම් 2011 වසරේ ඉසෙඞ් අගය ගණනය කිරීමේ සූත‍්‍රය සංශෝධනයකොට සියලූ සිසු දරුවන්ට ඒ පිළිබඳව දැනට කිසියම් සැකයක් ඇති වී ඇත්නම් එය ඉවත් කිරීමට පිළිගත හැකි තාක්ෂණික පැහැදිලිකිරීමක් කිරීමට කටයුතු කළ යුතු බව එම සංදේශයෙන් දන්වා ඇත.

ඒ අනුව 2011 වසරේ ඉසෙඞ් අගය ගණනය කිරීම සඳහා යොදාගෙන ඇති ක‍්‍රමවේදය, ශිෂ්‍ය කණ්ඩායම් දෙකෙහි එක් එක් ශිෂ්‍යයා පිළිබඳව එය බලපාන ආකාරය වෙන වෙනම අධ්‍යයනය කොට දරුවන්ට පෞද්ගලිකව තම ලකුණ, මධ්‍යන්‍යය, සම්මත අපගමනය සහ ඒකාබද්ධ මධ්‍යන්‍යය විනිවිද භාවයකින් යුතුව බලාගත හැකි ආකාරයට ඉදිරිපත් කළ යුතු බවය. එය අධ්‍යයනය කිරීමේදී කිසියම් ගැටලූවක් ශිෂ්‍යයකුට ඇතිවී තිබෙන බවට තහවුරු වන්නේ නම් එය නිවැරදි කිරීමට කටයුතු කිරීම, රජය සහ සමාජය කෙරෙහි දරුවන් නැගූ විශ්වාසය ගොඩ නැඟීමට අත්‍යවශ්‍ය කරුණක් බවත් එම සංදේශයෙහි සඳහන් කර ඇත.

එමනිසා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකොට දරුවන් හා දෙමාපියන් තුළ ඇතිවී තිබෙන අවිනිශ්චිතතාවන් ඉවත් කිරීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව දෙසතියක් තුළ අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වන ලෙස ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමතිවරයාට දන්වා ඇත.

ඉසෙඞ් අගය ගණනය කිරීමේ ක‍්‍රමවේදය සැකසීමේ කි‍්‍රයාවලිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිදුකරන බැවින් ජනාධිපතිවරයා විසින් එවන ලද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයට පිළිතුරු දී ඇතිදැයි රාවය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ 2011 වසරේ අපොස (උසස් පෙළ) විභාගයට එම ක‍්‍රමවේදය සැකසූ ආචාර්ය, මහාචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මෙම සංදේශයට පිළිතුරු සපයා අධ්‍යාපන අමාත්‍යවරයාට භාර දුන් බවය.

රාවය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපති ඇමතීමේදී ඔහු පැවසුවේ දැනට මේ පිළිබඳව නඩුවක් පවරා ඇති බැවින් කිසිවක් පැවසිය නොහැකි බවය.

විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසුවේ, විභාග දෙපාර්තමේන්තුවට අදාළ එම සංදේශයේ සඳහන් කරුණුවලට තමා පිළිතුරු සැපයූ බවය.

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඇතුළත්ව අමාත්‍යාංශ වාර්තාවක් සති දෙකක් තුළ කැබිනට් මණඩලයට ඉදිරිපත් කළ බවය. එහි අන්තර්ගතය පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බවද ඔහු පැවසීය.

ජිනීවා යෝජනාවේ නෛතික තත්ත්වය

31 Mar

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය 23 වැනිදා සම්මත වූ යෝජනාවට අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක නොකළද එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි දෙයක් නැති බව හා ඒ හා කිසිම නෛතික බැඳීමක් නැති බව කියන අදහස් පළවෙමින් පවතී. රටක් වශයෙන් ඕනෑම තීන්දුවක් ගන්නට පෙර එහි යථා තත්ත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

නූතන අර්ථයෙන් ගත්විට ජාත්‍යන්තර නීතිය ආරම්භවන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙනි. එය ලෝක යුද්ධ අවසාන අවධියේදී ජයග‍්‍රාහී රාජ්‍යයන් 1944 අගෝස්තුවලදී හා 1945 පෙබරවාරිවලදී කරන ලද සාකච්ඡුා දෙකකින් පසුව 1945 අපේ‍්‍රල් 25 වැනි දින සැන්ෆ‍්‍රැන්සිස්කෝවලදී සකස් කරගන්නා ලද ප‍්‍රඥප්තියකි. එක්සත් ජාතීන්ගේ Continue reading

උරුමය විකුණන මුත් උරුමය නොරකින ආණ්ඩුවක්

31 Mar

ශ‍්‍රී ලංකාවේ සියලූ ඓතිහාසික හා ජාතික උරුමයන් සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සලකන්නෙමි. උරුම අරුණ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන 10,000ක් සංරක්ෂණය කැරේ. පෞරාණික උරුමයන් බවට පත්ව ඇති පුරා වස්තු විනාශකිරීම, විකිණීම හෝ මිලදී ගැනීම වැනි ක‍්‍රියාවල නිරතවන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමට නීති සකස් කැරේ.

මේ මහින්ද චින්තනයේ ජාතික උරුමයන් පිළිබඳව සඳහන් අතීත අබිමන හෙටටත් (27 පිටුව) යන ජාතික ප‍්‍රතිපත්තියයි. ඒ අනුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලෙස ලංකාවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට 2012 වර්ෂය සඳහා පමණක් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 69ක් සහ එම Continue reading

ලංකාවේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණය වුණා

31 Mar

අමාත්‍ය ඩිව් ගුණසේකර

ජිනීවාහිදී උද්ගතවූ ප‍්‍රශ්නය කළමනාකරණය කරගැනීමට අපි රටක් හැටියට උත්සාහ කළ ආකාරය දෙස ආපසු හැරී බලන්නෙ කොහොමද?

මෙහි පසුබිමේ ඇති කාරණා අපි පළමුව සලකා බැලිය යුතුයි. යුද්ධය අවසන් වුණේ 2009 මැයි 18 වැනිදා. 14දා ජනාධිපතිතුමා ජෝර්දාන් ගියා. 13දා කැබිනට් එකක් තිබුණා. එදා රෑ 10.00ට විතර ජනාධිපතිතුමාට ටෙලිෆෝන් කෝල්ස් එනවා, ඇමරිකාවෙන්, එංගලන්තයෙන්. ඔවුන් කාරණා තුනක් ඉදිරිපත් කළා. යුද්ධය නතර කරන්න. ඊට මැදිහත්වෙන්න. එජා සංවිධානය මාර්ගයෙන් හෝ මැදිහත්වෙන්න කියන බලපෑම ඔවුන් අපිට කළා. නමුත් ජනාධිපතිතුමා නොසැලී සිටියා. ඊට දවස් දෙකකට පසු බැන් කී මූන් ආවා. මූන් මෙහිදී ඇමරිකානු තානාපතිවරයා මෙන්ම තවත් අය හමුවුණා. මූන්ගේ මූඞ් එක හොඳ නැති බවත් මට තේරුණා. ඊට පස්සෙ ජිනීවා කවුන්සිලයේ විවාදය ආවා. දයාන් ජයතිලක එවර ඊට අදාළ කටයුතු මෙහෙයවූවා. අපිට ජයගත හැකිවුණා. ඊටත් පස්සෙ දරුස්මාන් වාර්තාව ආවා. එජා සංවිධානයට එය ඇතුළු කළ නොහැකි වුණා. ඉන්පසු අවස්ථාව තමයි ඉකුත් 22දා ජිනීවාවල ඇතිවූ තත්ත්වය. අද තියන ලෝක බලතුලනය අනුව තමයි ඒ මුළු ක‍්‍රියාවලියට සිදුවුණේ. 2001න් පටන් ගත් වසර දහය තුළ ලෝක රටාවෙ යම් වෙනසක් සිදුවෙමින් පැවතුණා. ඒ අනුව බලතුලනයත් වෙනස්වෙමින් පවතිනවා. ඊට හේතුව තමයි සංවර්ධනයවෙමින් පවතින රටවල් 5ක් බලවතුන් ලෙස මතුවීම. බි‍්‍රක්ස් කියන සංවිධානය ඒ අනුව Continue reading

ඇමති පීනන්නට නොයන්නේ මන්ද?

31 Mar

ස්ලාසු (Slasu) හෙවත් ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය වූ කලි සාගරය මැද අතරමංවූ රුවල් ඉරීගිය රුවල් ඔරුවකි. මෙසේ රුවල් ඉරීගොස් ඇත්තේ දැවැන්ත වූ චණ්ඩ මාරුතයකිනි; දරුණු කුණාටුවකිනි. මේ චණ්ඩ මාරුතයත් දරුණු කුණාටුවත් ‘නේතෘ’ යන නාමයෙන් නාමකරණය කිරීමට කාලය එළැඹ තිබේ.
නේතෘ යනු රාජකීය විද්‍යාල ජල සංගමය නියෝජනය කරමින් දෙදහසේ මුල් භාගයේ ජල ක‍්‍රීඩා සංගමයකට රිංගූ චරිතයකි. එවකට පිහිනුම් සංගමයේ සිටි දැවැන්ත චරිතවලට කිට්ටු වී තට්ටු කළ නේතෘ පසුකාලීනව ජල ක‍්‍රීඩා සංගමයේ එකම හිමිකරුවා බවට පත්විය. රන්මල් කොඩිතුවක්කු යටතේ සිටි නේතෘ පසුව රන්මල්ව ජල ක‍්‍රීඩාව තුළ තමා යටතට ගත්තේය. ජල ක‍්‍රීඩා සංගමයේ සභාපතිව සිටි වසන්ත කරන්නාගොඩද පසුකාලීන නේතෘගේ රූකඩයක් බවට පත්විය. වසන්ත කරන්නාගොඩගෙන් පසු එහි Continue reading

31 Mar

ඇමරිකානු යෝජනාව ජයගනී

25 Mar

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් හා විපක්ෂව ඡන්ද 15 ක් ලැබීමෙන් සම්මත විය. රටවල් 8 ක නියෝජිතයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම යෝජනාව විවාදයට ගැනීම වැළැක්වීම සඳහා වන ප‍්‍රති යෝජනාවක් රටවල් 14 ක අනුග‍්‍රහය ඇතිව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කියුබාව විසින් ඉදිරිපත් කරන ලද නමුත් එය සාර්ථක නොවීය.

කියුබාව, චීනය, රුසියාව,ඉක්වදෝරය, උගන්ඩාව, ෆිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, බංග්ලාදේශය ඇන්ගෝලාව සහ මාලදිවයින මෙම යෝජනාවට විරුද්ධව කරුණු දැක්වූහ.

ඇමරිකාව, යුරෝපා සංගමය වෙනුවෙන් බෙල්ජියම, නයිජීරියාව, උරුගුවේ ඇතුළු රටවල් කිහිපයක් යෝජනාවට පක්ෂව කතා කළහ.

ඡන්දය විමසීමේදී ඉන්දියාව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දීම විශාල වැදගත්කමක් ගත්තේය.

ආසියානු කලාපයට අයත් සාමාජික රටවල් 13 අතරින් බංග්ලාදේශය, චීනය, ඉන්දුනීසියාව, කුවේට්, මාලදිවයින, පිලිපීනය, කටාර්, සවුදි අරාබිය, තායිලන්තය යන රටවල් නවය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර මැලේසියාව, කිර්ගිස්ථානය සහ ජෝර්දානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ආසියානු රටවල් අතරින් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ ඉන්දියාව පමණි.

අප‍්‍රිකානු කලාපයට අයත් සාමාජික රටවල් 13 අතරින් බෙනින්, කැමරූන්, ලිබියාව, මුරුසිය, නයිජීරියාව යන රටවල් 5 යෝජනාවට පක්ෂ වූහ. ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා ෆාසෝ, ජිබුටි, සෙනෙගාල් යන රටවල් 5 ඡන්දය දීමෙන් වැළකී සිටියහ. යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ අප‍්‍රිකානු රටවල් අතරින් මොරිටේනියාව, කොන්ගෝව සහ උගන්ඩාව යන රටවල් 3 පමණකි.

ලතින් ඇමරිකානු රටවල් අතරින් චිලී, කොස්ටාරිකා, ගෝතමාලා, මෙක්සිකෝව, පේරු සහ උරුගුවේ යන රටවල් 6 යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කියුබාව සහ ඉක්වදෝරය විරුද්ධව ඡන්දය දුන්හ.

නැගෙනහිර යුරෝපය රටවල් අතරින් පෝලන්තය, මොල්දාවා ජනරජය, චෙක් ජනරජය, රුමේනියාව සහ හංගේරියාව යෝජනාවට පක්ෂ විය. එම කලාපයේ රටවල් අතරින් යෝජනාවට විරුද්ධ වූයේ රුසියානු ෆෙඩරේෂණය පමණකි.

බටහිර යුරෝපීය සහ අනෙකුත් රටවල් අතරින් ඔස්ටි‍්‍රයාව, බෙල්ජියම, චෙක් ජනරජය, ඉතාලිය, නෝර්වේ, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සියල්ලම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂ යෝජනාව විවාදයට ගන්නා සැසිවාරය 21 වැනිදා ජිනීවා වේලාවෙන් 10.30 ට පමණ ආරම්භ වූ අතර කවුන්සිලයේ සභාපතිවරිය සැසිවාරය ආරම්භ කළාය.

මානව හිමිකම් කවුන්සිලය සඳහා වන ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය එලීන් චෙම්බර්ලේන් ඩොනහියු විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළාය.

මෙම යෝජනාව මෙවර සාකච්ඡාවට නොගෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සැසිවාරය දක්වා කල්දාන ලෙස යෝජනාවක් ලංකාව වෙනුවෙන් වෙනත් රාජ්‍යයන් 14 ක ගේ අනුග‍්‍රහය ඇතිව කියුබාව විසින් ඉදිරිපත් කරන ලදි.

ඇමරිකානු තානාපතිනිය එයට පිළිතුරු දෙමින් කියා සිටියේ යෝජනාවට සංශෝධන ඉදිරිපත් කර එයට ඡන්දය විමසනු වෙනුවට යෝජනාව ප‍්‍රමාද කිරීමට කටයුතු කිරීම පිළිගත නොහැකි බවය. එබැවින් මෙම අතුරු යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස ඇය අනෙක් සාමාජික රටවල් වලින් ඉල්ලා සිටියාය. ඉන්පසු කියුබාව විසින් මෙම ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ඡන්දය දෙන ලෙස සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලදි.

‘මෙම යෝජනා කෙටුම්පත රටක ස්වෛරීභාවය බිඳදැමීමක් මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ විශ්වසනීය භාවය බිඳ දැමීමකි. මෙම යෝජනාව මගින් වෙනත් රටවල්වලට විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවලට අහිතකර ලෙස බලපාන පූර්වාදර්ශයක් ඇති විය හැකියි. එබැවින් මෙම යෝජනාව පරාජය කළ යුතුය” කියුබානු තනාපතිවරයා පැවසීය.

ඉන්පසු යුරෝපා සංගමය වෙනුවෙන් කතා කළ බෙල්ජියම් තානාපතිවරයා මෙම ඇමරිකානු යෝජනාවට සහාය පළකරමින් කතා කළේය. තමන් මෙම යෝජනාවට සහාය දෙන බවත්, එය සමඟ සහයෝගයෙන් ක‍්‍රියාකරන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළ බෙල්ජියානු තානාපතිවරයා සිවිල් සමාජයට එරෙහිව රට තුළදී සහ ජිනීවා හිදී එල්ල කරනලද ප‍්‍රහාර හෙළා දකින බවත්, එම සිවිල් සමාජ නියෝජිතයන්ට ආරක්ෂිතව තම මව් රටට යාමට අවකාශය සලසන ලෙසත් ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු චෙක් ජනරජයේ තානාපතිවරයා ඇමරිකානු යෝජනාවට පක්ෂව කතා කළේය.

ඉන්පසු චීන තනාපතිවරයා ශ‍්‍රී ලංකාවට පක්ෂව සහ මෙම යෝජනාවට එරෙහිව කරුණු දැක්වීය.

වෙනත් අදහස් දැක්වීමත් සිදු නොවූ බැවින් මෙම යෝජනාවට විෂය වන රට වන ශ‍්‍රී ලංකාවට කවුන්සිලයේ සාමාජිකයකු නොවුණද කරුණු දැක්වීම සඳහා විනාඩි 3 ක් ලබා දෙන ලදි. මෙහිදී මහින්ද සමරසිංහ ඇමැතිවරයා මෙම යෝජනාවට තමා ප‍්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ වන බවත්, වැරදි පූර්වාදර්ශයක් ඇති වීමට තමා විරුද්ධ බවත් කීය. වීදුරු ගෙවල්වල සිටින අය අනුන්ට ගල් නොගැසිය යුතු බවද ඔහු කීය. අපට කාලය සහ අවකාශය අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

ඡන්ද විමසීම පැවතියේ ඉන්පසුවය.

ක‍්‍රියාත්මක නොකළොත් සම්බාධක

ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව ජයගැනීම නිසා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඊට අමතරව එම කොමිෂන් වාර්තාවේ ප‍්‍රමාණවත් ලෙස සාකච්ඡුා කර නැති ජාත්‍යන්තර නීතියට අදාළ කටයුතු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පියවර ගැනීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් වූ අධීක්ෂණ කටයුතු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැවරෙන බවත් විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහසය.

තම වගවීම පිළිබඳ කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට අවුරුදු දෙකක පමණ කාලයක් බොහෝවිට ලැබෙනු ඇති බවත්, එම කාලයේදී අදාළ කටයුතු සිදුකිරීමට බැරි බව ප‍්‍රකාශ වුවහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව මීටත් වඩා තදබල යෝජනාවක් ඉදිරිපත් විය හැකි බවත්, එහි ප‍්‍රතිඵල වශයෙන් ආර්ථික සම්බාධක වැනි තහංචි ශ‍්‍රී ලංකාවට එරෙහිව පැනවිය හැකි බවත් එම නීතිවේදීන්ගේ අදහසය.

ඉන්දීය ස්ථාවරය පහදයි

අමිල ප‍්‍රදීප්

ඉන්දියාව ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සුළු ජන අයිතීන් වැනි කාරණා සම්බන්ධව රජය සතුව ඇති අවධානය වැඩි දියුණු කිරීමටත්, ශ‍්‍රී ලංකාව විසින්ම විසඳුමක් ලෙස දෙන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව උනන්දුකිරීමටත් බව ඉන්දියාව පවසා ඇත.

මාර්තු 22දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති එච්.එම්. ක‍්‍රිෂ්ණා මේ බව සඳහන් කොට ඇත්තේ ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඉන්දියාව ඡන්දය ලබාදීම පිළිබඳව හේතු දැක්වීමකදීය.

ශ‍්‍රී ලංකාව තමන්ට 13 වන සංශෝධනයට එහා ගිය විසඳුමක් පිළිබඳව පැවසූ බවත්, මීට අමතරව මානව හිමිකම් සහ වගවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවර්ධනය කරන බව පැවසුවත්, මෙම ඇමරිකානු යෝජනාව ඒ සියල්ලට අඩිතාලමක් වනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා පවසා ඇත.