වියයුත්තේ කුමක්ද?

17 Feb

රටක් වශයෙන් දැන් අප ඉන්නේ ලොකු අවුලකය. රුපියලේ හුවමාරු වටිනාකම කෙරෙහි පවත්වාගෙන ගිය ග‍්‍රහණය අත්හැරීම නිසා ඩොලරයක් සඳහා වන රුපියල් හුවමාරු අනුපාතිකය ශීඝ‍්‍රයෙන් ඉහළයමින් පවතී. පෙට‍්‍රල්, ඞීසල් හා භූමිතෙල් මිල එකවර වෙන කවරදාකවත් නොකළ තරම් ප‍්‍රමාණයකින් ඉහළ දැමීමද භාණ්ඩ හා සේවාවන් සඳහා වන මිල ශීඝ‍්‍ර ලෙස ඉහළ දැමීමට හේතුවී තිබේ. මෙම පියවරයන් දෙක භාණ්ඩ මිල වර්ධනය කෙරෙහි අන්‍යොන්‍ය වශයෙන් බලපානු ඇත. මහජනයාගේ ඇඟට දැනෙන උද්ධමනයක් ඇති කිරීමට හේතුවනු ඇත. ඒ නිසා සමහර නව ව්‍යාපාර වැසී යනු ඇති අතර ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන නව ව්‍යාපාර ආරම්භ කිරීම අත්හැරීමට සිදුවනු ඇත. එම තත්ත්වය විසින් රැුකියා විරහිතවූවන්ගේ ප‍්‍රශ්නය උග‍්‍ර කැරෙනු ඇත. මේ තත්ත්වය මහජනයා අතර නොසන්සුන් හැඟීම් ඇති කිරීමට හේතුවනු ඇති අතර රටේ ආර්ථික සංවර්ධන වේගයද අඩපණ කිරීමට හේතුවනු ඇත.
ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව වහාම විය යුතුව තිබුණේ එකම අවුල් ජාලාවක් බවට පත්ව තිබුණු ¥ෂිත දේශපාලන ක‍්‍රමය හා පරිපාලන ක‍්‍රමය මුළු එකක් වශයෙන් ගෙන ප‍්‍රතිසංවිධානය කරන අතර එම ක‍්‍රියාවලිය තුළ ජනවර්ග අර්බුදයටද සියලූදෙනාගේ පිළිගැනීමට හේතුවන විසඳුමක් ලබාදීමය.  යුද්ධ කාලයේ බටහිර බලවතුන් සමග ඇති කරගෙන තිබුණු ආරාවුල් තුනී කරගැනීමට හේතුවන ලෙස නැවත මැදිහත් විදේශ ප‍්‍රතිපත්තියකට මාරුවීමය. එවැනි ජාතික ප‍්‍රතිසංවිධාන වැඩසටහනක් සඳහා නැතුවම බැරි කොන්දේසියක් විය යුතුව තිබුණේ සියලූ පක්ෂ ප‍්‍රතිසංවිධාන අරමුණු වෙනුවෙන් සමගියෙන් එකට වැඩ කරන තත්ත්වයක් ඇතිකිරීමය.
ආණ්ඩුවට ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණද ඉන්පසු සිදුවිය යුතු ජාතික ප‍්‍රතිසංවිධාන වැඩසටහනක් සඳහා ඉදිරි දර්ශනයක් නොතිබුණේය. ප‍්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව එවැනි ප‍්‍රතිසංවිධානයකින් තොරව වේගවත් ඉදිරි ගමනක් යාහැකිවනු ඇතැ‘යි ආණ්ඩුව කල්පනා කළේය. ඒ දර්ශනයේ පිහිටා ආණ්ඩුවට යාහැකි උපරිම දුරද ගියේය. අවසානයේ ඒ මාවතේ ආණ්ඩුවට යාහැකි වූයේ කිසියම් දුරක් පමණය. ඒ දුර යන්නටද කිසියම් විශාල වන්දියක් ගෙවන්නටද සිදුවිය. එහෙත් දැන් තවදුරටත් ඒ මාවතේ ගමන් කිරීමට ඉඩක් නැති බව ආණ්ඩුව තීරණය කර තිබෙන බව පෙනේ.
මෙම අවුල ආර්ථික කළමනාකරණ ප‍්‍රශ්නයකට ලඝු කළ නොහැකි විශාල ප‍්‍රශ්නයක් බව ආණ්ඩුව පමණක් නොව, විරුද්ධ පක්ෂද තේරුම්ගත යුතුය. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කරන අවස්ථාව වන විට රටේ දේශපාලන ක‍්‍රමය හා පරිපාලන ක‍්‍රමය තිබුණේ කුණුවී මජර ගලන තත්ත්වයකය. හැම ආයතන ක‍්‍රමයක්ම පැවතියේ නීතියක් නැතිකම, ක‍්‍රමානුකූලකමක් නැතිකම, හිතුවක්කාරී බව, අල්ලස, ¥ෂණය හා නාස්තිය රජ කරන තත්ත්වයකය. කළමනාකරණ අසමත්භාවය ජනවර්ග සම්බන්ධතා පිළිබඳ විෂයයට පමණක් සීමා නොවීය. අධ්‍යාපනය, සෞඛ්‍යය, රජයේ සේවක වැටුප් වැනි අන් හැම අංශයක් කෙරෙහිමද එම අසමත්භාවය බලපා තිබුණි.
මෙය නිදහසේ සිටම ක‍්‍රමයෙන් වර්ධනයවෙමින් පැවති තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. බි‍්‍රතාන්‍ය පාලනයෙන් අපට ජාතික රාජ්‍යයක් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් ලැබුණද එම ජාතික රාජ්‍යයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයේ සාර්ථක පැවැත්මක් සඳහා අවශ්‍ය එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමට සමත් වූයේ නැත. එම තත්ත්වය සමස්ත ක‍්‍රමය අවුල් කොට විකෘති කිරීමට හේතුවී තිබුණි. ත‍්‍රස්තවාදයෙන් අභියෝගයක් තිබෙන තෙක් දේශපාලන ක‍්‍රමය හා පරිපාලන ක‍්‍රමයේ මූලික වෙනසක් ඉලක්ක කොට ගත් ප‍්‍රතිසංවිධානයකට ඉඩක් නොතිබුණු අතර ඒ ඉඩ නැවත ඇතිවූයේ ප‍්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුවය. එම ඓතිහාසික අවශ්‍යතාව තේරුම් ගැනීමට ආණ්ඩු පක්ෂය සේ ම විරුද්ධ පක්ෂයද අසමත්වීයැ’යි කිව හැකිය.
දැන් රට තිබෙන්නේ ඇවිලෙන්නට යන මහා ගිනි කන්දක් පාමුලය. ආණ්ඩුව හා විරුද්ධ පක්ෂ පමණක් නොව, සමාජය ප‍්‍රඥාවන්ත ලෙස ක‍්‍රියාකිරීමට අසමත් වෙතොත් ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවිය හැකි වන්දිය දැවැන්ත විය හැකිය. රටේ පවතින මෙම අවුල්සහගත තත්ත්වය ජයගත හැකිවනු ඇත්තේ සියලූ දේශපාලන පක්ෂ එකට එකතු වී දේශපාලන ක‍්‍රමය හා පරිපාලන ක‍්‍රමය මුළු එකක් වශයෙන් ගෙන විධිමත් ලෙස ප‍්‍රතිසංවිධානය කැරෙන තැනකට යෑමෙන් පමණය. එම ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ තුළම ජනවර්ග ප‍්‍රශ්නයටද සාධාරණ විසඳුමක් දිය යුතුය. සියලූදෙනා සමගියෙන් එකට එකතු වී කළයුතු එම ජාතික ප‍්‍රතිසංවිධානය, ජාතික දේශපාලන න්‍යාය පත‍්‍රයේ අංක 1 බවට පත් කරගත යුතුය. මේ අවුල ආවේගයෙන් හා කෝපයෙන් මහපාරේ විසඳා ගතහැකි දෙයක් නොවන අතර ජාතික ප‍්‍රතිසංවිධානයක් ඉලක්ක කරගත් සර්වපාක්ෂික ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයක් තුළ ප‍්‍රඥාවෙන් විසඳාගත යුතුව තිබෙන අවුලකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: