Archive | January, 2012

උසස් පෙළට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති

27 Jan

උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් අර්බුද පැනනැගුණු සියලූම අවස්ථා අභියෝගයට ලක්කරමින්, මෙම සතිය තුළදී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට 2011 උසස්පෙළ විභාගයට පෙනීසිටි සිසුන් පිරිසක් කටයුතු කරන බව වාර්තා වෙයි. 2011 වර්ෂයේ අගෝස්තු මස පැවති උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵල දීර්ඝකාලීන ප‍්‍රමාදයකින් පසුව පසුගිය දෙසැම්බර් 25 වනදා නිකුත් කළ අතර නිකුත් කළ ප‍්‍රතිඵල සම්පූර්ණයෙන් අවුල්සහගත වී තිබුණි.

ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා වගකිවයුතු බවට ගුරු සංගම්, ශිෂ්‍යයන් හා විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනා කළ අතර එම අර්බුදය සිදුවූයේ කෙලෙසදැයි සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරයාද, විදුහල්පතිවරයෙක්ද නියෝජනය වන පරිදි කමිටුවක් පත් කළ අතර එම කමිටුව තීන්දු කළේ ප‍්‍රතිඵල පරිගණක ගතකිරීමේදී සිදුවූ තාක්ෂණික දෝෂයක් හැරුණු කොට විභාග ප‍්‍රතිඵලයේ කිසිදු දෝෂයක් නොතිබුණු බවයි.

මෙවර z අගය සකස් කිරීමේදී බරපතළ දෝෂසහගත තැන් තිබූ බව ශ‍්‍රී ලංකාවට z ලකුණු ක‍්‍රමය හඳුන්වා දුන් මහාචාර්ය ආර්. ඕ. තටිල් මහතා පෙන්වාදීමත් සමගම ප‍්‍රතිඵලය දෝෂසහගත බවට නැවත වරක් කතාබහට ලක්විය.

z අගය ලංකාවට හඳුන්වා දෙන කාලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මාධ්‍යයට අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ ප‍්‍රතිඵලය දෝෂසහගත බවත්, මේ වසරේ නිර්මාණය කර තිබූ z-score සූත‍්‍රය නිවැරදි නොවන බවත්ය.

මේ අතර 2011 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ඇතිවූ අර්බුදයත් සමගින් ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් එක් ලක්ෂ හතළිස් දහසක් විභාග දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

2011 වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා නව විෂය නිර්දේශය යටතේ එක් ලක්ෂ හතළිස් දහස් හත්සිය හැට එකක්ද, පැරණි විෂය නිර්දේශය යටතේ එක් ලක්ෂ හතළිස් හත්දහස් හත්සියයක්ද වන ලෙස අයදුම්කරුවන් දෙලක්ෂ අනූ හතරදහස් අටසිය හැට එකක් විභාගයට පෙනී සිටියහ.

2010 වර්ෂය සඳහා නැවත සමීක්ෂණය සඳහා ලැබී ඇත්තේ අයදුම්පත් 60,000ක් පමණක් වුවත් මෙවර එම ප‍්‍රමාණය දෙගුණයකටත් වැඩි බව වාර්තා වේ.

ප‍්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා එක් විෂයයකට රුපියල් 250ක මුදලක් අයදුම්කරුවකු විසින් දැරිය යුතු වූ අතර ඉන් රජයට ලැබුණු ආදායම රුපියල් මිලයන 35කි.

වෙබ් අඩවි වර්ජනය හා ඒවාහි සදාචාරය

27 Jan

ජනවාරි 18 වැනිදා අන්තර්ජාලයේ ජනප‍්‍රිය වෙබ් අඩවි කිසියම් විශාල ප‍්‍රමාණයක් (ගූගල්, යාහූ, යූ ටියුබ්, ෆේස්බුක්, ටුවිටර්, ඊබේ, රොබ්ලොක්ස්, විකිපීඩියා වැනි) වෙබ් අඩවිවලට අදාළව ඇමරිකාව කෙටුම්පත් කර ඇති නීති සම්පාදන දෙකකට (සෝපා හා පයිපා) එරෙහිව සිය වෙබ් අඩවිවල ක‍්‍රියාකාරීත්වය ක‍්‍රියාවිරහිත කිරීම තුළ එක් දින සංකේත වර්ජනයක නිරත විය.

මෙය අන්තර්ජාල විෂයයෙහි මෙතෙක් ලෝකයේ ඇතිවූ දැවැන්ත සංසිද්ධියක් ලෙස සැලකිය හැකි වුවද ඒ ගැන ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවල ප‍්‍රමාණවත් තරමේ වාර්තාකරණයක් සිදු නොවීය. ප‍්‍රමාද වී සමහර ඉංග‍්‍රීසි පුවත්පත් ඒ ගැන වාර්තාකර තිබුණද ශ‍්‍රී ලංකාවේ කිසිම ජනමාධ්‍යයක ඒ ගැන හොඳ විශ්ලේෂණයක් පළවී නැත.

සෝපා නීතිය පුද්ගලයන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන නීති කෙටුම්පතකි. පයිපා නීතිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් සකස් කර තිබෙන නීති කෙටුම්පතකි. මෙම Continue reading

ආණ්ඩුව සලිත කළ කළු ජනවාරිය

27 Jan

කළු ජනවාරිය මේ දිනවල ආණ්ඩුව සලිතකළ සිදුවීම විය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන එකතුව විසින් කළු ජනවාරිය නමින් සංකේතාත්මකව සමරන්නට යෙදුණේ ජනමාධ්‍යයට එරෙහිව සිදුවූ සිදුවීම්ය. ජනවාරිය ඊට විශේෂ වූයේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකරන ලද බරපතළ සිද්ධීන් ගණනාවක් එම මාසය තුළ පසුගිය වසර කිහිපයේදී සිදුවී තිබීමය. මේ සැමරීම මගින් කියන්නට උත්සාහ කළේ ජනමාධ්‍ය මර්දනය සඳහා සිදුකළ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, මාධ්‍යවේදීන්ට පහරදීම් හා මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම් ආදී සියලූම Continue reading

ජාතික සමගියට ව්‍යවස්ථාමය රාමුවක් අවශ්‍යයි

27 Jan

එම්. සත්‍යවේල් පියනම

උතුර හා දකුණ අතර සමගිසම්පන්නභාවයක් ඇති කිරීමට නම් රජය දෙමළ ජනයා තුළ විශ්වාසයක් ගොඩනැංවිය යුතුයි. මේ කාරණය අද වන විට මෙරට දෙමළ ජනයාට දැනෙන්නේ කොහොමද?

ආගමික කාරණාවලින් සමගිය ඇති කරගත හැකියි කියලා හිතන පිරිසක් අප අතර ඉන්නවා. අන්තර් ආගමික කණ්ඩායම් වගේ ඒවා කරුණාව, මෛත‍්‍රිය පෙරදැරි කරගත් තත්ත්වයක් සිංහල දෙමළ දෙපාර්ශ්වයෙන් ඉල්ලනවා. නමුත් ඒක ඒ අයට පැවැත්ම සඳහා ව්‍යාපෘතියක් වනවා මිස Continue reading

27 Jan

ජනාධිපතිගේ 13ට වැඩි විස‍ඳුම සන්ධානයේ පක්ෂවල පොදු තීරණයක් නෙවෙයි – ආණ්ඩුපක්ෂ නියෝජිතයෝ කියති

20 Jan

ශ‍්‍රී ලංකාවේ ජාතික ගැටලූවට 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබාදෙන බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා හමුවේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය සිදුකර ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් තොරව බව ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ප‍්‍රකාශ කරති.

ජාතික හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සන්ධානය යන ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂ කිසිවක් ජනාධිපතිවරයා ලබාදෙන බව ප‍්‍රකාශ කරන 13න් ඔබ්බට ගිය විසඳුමේ ස්වභාවය පිළිබඳ දැනුවත්භාවයක් තමන්ට නොමැති බවද ප‍්‍රකාශ කරති.

මේ පිළිබඳව අප කළ විමසීමේදී ජාතික හෙළ උරුමයේ නීති උපදේශක උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට ජාතික ගැටලූව සම්බන්ධයෙන් යම් මතයක් ඇති අතර තමන් ඇතුළු අනෙක් පක්ෂවලටද ජාතික ගැටලූවට ලබාදිය යුතු විසඳුම සම්බන්ධයෙන් තමන්ගේ මතයක් ඇති බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික සන්ධානයේ නායක වාසුදේව නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා 13න් ඔබ්බට ගිය විසඳුමක් ලබාදෙන බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා සමග ප‍්‍රකාශ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡාවක් සිදුනොකළ බවත්ය.

කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ එවැනි ප‍්‍රකාශයක් ජනාධිපතිවරයා විසින් සිදුකළාද නැද්ද යන්න තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් නොදැනුවත්ව මාධ්‍යයට අදහස් දැක්වීමට තමන් අකැමති බවත්ය.

මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ 13න් ඔබ්බට ගිය විසඳුමක් පිළිබඳ රජය තීරණයක් ගෙන නොමැති බවයි.

ලංකා සමසමාජ පක්ෂයේ නායක ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතාගෙන්ද මේ පිළිබඳව රාවය විමසූ විට ජනාධිපතිවරයා හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් අනෙකුත් ආණ්ඩුවේ දේශපාලන පක්ෂත් සන්ධීය ව්‍යුහයක් තුළ බලය බෙදීමකට සර්වපාක්ෂික කමිටුවේදී දැඩි සේ විරුද්ධ වූ බව ප‍්‍රකාශ කළ අතර ඔහු තවදුරටත් පැවසුවේ ජනාධිපතිවරයා අදහස් කළ 13න් ඔබ්බට ගිය විසඳුමද ඒකීය රාමුවක් තුළම සිදුවන බලය බෙදීමක් විය හැකි බවයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්.එම්. අස්ලාම් මහතා ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා අදහස් කරන විසඳුම කුමක්දැ’යි තමන් නොදන්නා බවත්, ද්‍රවිඩ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාවටද ශ‍්‍රී ලංකාව තුළ සමාජ දේශපාලන ප‍්‍රශ්න තිබෙන බවත්ය.

විනාශයක් ළඟ ළඟ

20 Jan

වෙනත් සියලූම අංශවල ගරාහැලීමක් හා පරිහානියක් තිබියදීත් ක‍්‍රිකට්වලදී ශ‍්‍රී ලංකාව ජයග‍්‍රාහී හා කැපී පෙනෙන තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. දැන් ඒ තත්ත්වයද අහිමිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. එය අපේ රටේ ආයතන ක‍්‍රමයේ ගරාහැලීම හා පරිහානිය තවත් වැදගත් අංශයක සංකේතාත්මකව හා ප‍්‍රබලව පෙන්නුම් කරමින් තිබෙන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. රටේ සමස්ත ආයතන ක‍්‍රමයම තිබෙන්නේ අවුලෙන් අවුලට ගිය ගරාහැලෙන තත්ත්වයකය. එකතැන පල්වෙන හා ඵලදායකත්වය විශාල ප‍්‍රමාණයකට හීන කරමින් තිබෙන Continue reading