Archive | December, 2011

සමාව ඉල්ලන්නෑ – අනෝමා ෆොන්සේකා

26 Dec

තමා හෝ තම පවුලේ කිසිවකු ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කරගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලීමට සූදානම් නැති බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කළාය.

ඇය මේ බව ප‍්‍රකාශ කළේ ජෙනරාල් සරත් ෆොන්සේකාට සමාව ලබාදීම සඳහා ඔහුගේ පවුලේ උදවිය තමාගෙන් ඉල්ලීමක් කළ යුතු බවට ජනාධිපතිවරයා දෙසැම්බර් 20 වැනිදා මාධ්‍ය ප‍්‍රධානීන්ගේ හමුවේදී කර ඇති ප‍්‍රකාශය පිළිබඳව විමසීමේදීය.

එසේම ජෙනරාල් ෆොන්සේකා මහතා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් පා.ම. ටිරාන් අලස් මහතා සාකච්ඡා පවත්වමින් සිටින බවද ඇය ප‍්‍රකාශ කළාය.

පා.ම ටිරාන් අලස් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සාකච්ඡාවල ප‍්‍රතිඵල හොඳ මට්ටමක තිබෙන බවය.

‘මේක ලොකු ප‍්‍රශ්නයක්. අපි යම්කිසි එකඟතාවකට එන්න ඕන. ජනපති කියනවා ෆොන්සේකා පවුලේ අයට ඇවිත් කතා කරන්න කියලා. ෆොන්සේකා පවුලේ අය කියනවා ඒ අය සමාව ගන්නේ නැහැ, මොකද සමාව ගන්න වරදක් කරලා නැහැ කියලා. එතකොට අපි උත්සාහ කරන්නේ මේ දෙක මැද විසඳුමකට එන්නයි’ යනුවෙන් ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය. එසේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ උප සභාපති වශයෙන් හඳුන්වමින් පුද්ගලයකු කර ඇති නිවේදනය අමූලික බොරුවක් බවත්, එවැනි පුද්ගලයකු තම පක්ෂයේ නොමැති බවත්, එය ෆොන්සේකා මහතාව හිරේම තැබීමට කරන කුමන්ත‍්‍රණයක් බවත්, පක්ෂයක් ලෙස ඔවුන් ඉන්නේ අනෝමා ෆොන්සේකා මහත්මියගේ ස්ථාවරයේ බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ෆොන්සේකා මහතා නිදහස් කරගැනීමට නම් ෆොන්සේකා මහත්මිය කළ යුතු හොඳම දේ වන්නේ ජනාධිපතිවරයා හමුවී සමාව ඉල්ලීම බවට පසුගියදා නිවේදනයක් නිකුත්කර තිබුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ උපසභාපති මහේෂ් අතපත්තු මහතාය.

ජනපති සමාවට ඉල්ලීම් අවශ්‍ය නෑ – වැලිඅමුණ

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා කිසිවකුගේ විශේෂ ඉල්ලීමක් අවශ්‍ය නොවන බවත්, සිරගතව සිටින ඕනෑම පුද්ගලයකුට ජනාධිපති සමාවක් පිරිනැමිය හැකි බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඉල්ලීමක් ලැබුණොත් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවක් ලබාදීම ගැන සලකා බැලිය හැකි බවට ජනාධිපතිවරයා කර තිබෙන ප‍්‍රකාශය පිළිබඳව රාවය කළ විමසීමකදීය.

ලංකාවේ ජනාධිපතිවරුන් විසින් වඩාත්ම අයුතු ලෙස යෙදවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය ජනාධිපති සමාව යැයි කියා සිටි වැලිඅමුණ මහතා ගෝනවල සුනිල්ගේ සිට මෑත අවධියේ මහනුවර හිටපු නාගරාධිපතිවරයා දක්වා අයට ජනාධිපතිවරුන් විසින් සමාව ප‍්‍රදානය කරන ලද බවද කීය. වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍යනම් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව දිය හැකි බවත් අවශ්‍ය නැත්නම් එසේ සමාව නොදී සිටිය හැකි බවත් වැලිඅමුණ මහතා වැඩිදුරටත් කීය.

කොමිෂන් සභා නිර්දේශ

26 Dec

උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කිරීම සේ ම එල්ටීටීඊය පරාජය කැරුණු අවසාන යුද්ධයේදී මියගොස් තිබෙන අයගේ ඇත්ත සංඛ්‍යාව සොයාගැනීම සඳහා සංගණනයක් පැවැත්වීමද ඉතා වැදගත් ඉදිරි පියවර දෙකක් ලෙස සැලකිය හැකිය.

පසුගිය දශක හතරක කාලය තුළ දකුණේ සිංහල තරුණයන්ගේ කැරලි දෙකක්ද, වඩා දිග්ගැස්සුණු උතුරේ දෙමළ තරුණයන්ගේ කැරැල්ලක්ද ඇතිවිය. එම කැරලි තුනම විස්තර වන්නේ ත‍්‍රස්තවාදී කැරලි ලෙසය. එය නිවැරදි වුවත් Continue reading

තිතට මත මහ පාරේ

26 Dec

කොළඹ කොටුවේ පාරවල් වසා රාත‍්‍රී දෙකක් තිස්සේ (දෙසැම්බර් 16 හා 17) සිදුකළ රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග හෙවත් බාල් නැටීම අවසන්ය. ධාවනයේ යෙදුන මෝටර් රථවල ආරක්ෂාව සඳහා ධාවන මාර්ගය දෙපස ගොඩගසා තිබූ වැලිකොට්ට හා ටයර් ශ‍්‍රී ලංකා යුද හමුදා සෙබළුන් විසින් රැගෙන ආ පරිදිම ආපසු ගෙන යමින් තිබුණි. නරඹන්නන් සඳහා සැකසූ ආසනද ආලෝකය සඳහා සිටවූ විදුලි පහන්ද ගලවමින් තිබේ. එහෙත් කොළඹ කොටුවට අත්වූ Continue reading

ළමුන් සම්බන්ධයෙන් ස්වේච්ඡා සංවිධාන ඉටුකරන සේවය විශිෂ්ටයි. රජය කළයුත්තේ ඔවුන් ශක්තිමත් කිරීමයි.

26 Dec

පරිවාස හා ළමා ආරක්ෂක සේවා කොමසාරිස් ඞී.එම්. සරත් අබේගුණවර්ධන

ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන නීතියට අනුකූලවම කටයුතු කිරීම හැරුණු කොට සංවේදී විය යුතු කාරණා මොනවාද?

ඕනම රටක ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගේම රාජ්‍ය නොවන සංවිධාන පද්ධතීන් හා අන්තර්ජාතික සංවිධාන කටයුතු කරනවා. ඉතිං මම හිතන්නේ මේ ළමා රැකවරණ ක්ෂේත‍්‍රයේ Continue reading

ක‍්‍රිකට් ආයතනයේ නො-බෝල් දැමීම

26 Dec

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයන් සියයකගේ පමණ සේවය අවසන් කරන බවට වූ කතා බහ අඑයට ලූ ගිනිසේ මතුවෙමින්-යට යමින් තිබේ. කෙසේ වෙතත් අතිරික්ත සේවකයන් අස්කිරීමට ගනු ලැබූ තීරණය ඉතා වැදගත් වූත් කාලීන වූත් තීරණයක් බව අප පිළිගනිමු. නමුත් මේ වන විට සිදුවෙමින් පවතින්නේ ඉහඳ පණුවන් සේ සිටින සේවකයන් ම ආයතනයේ සිටිමින් වැඩ කරන සේවකයන්ට ගෙදර යෑමට සිදුවෙන තත්ත්වයක් මතුවීම ය.
ක‍්‍රිකට් ආරංචි මාර්ග ප‍්‍රකාශ වෙන ආකාරයට බොර දියේ මා`එ බෑමට සමත් ඉහළ පුටුවක වැජඹෙන විධායක Continue reading

26 Dec

එජාප නායකයා තේරීම රහස් ඡන්දයෙන්

16 Dec

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තීරණය වීම එළඹෙන 18වනදාට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු නොවන බව වාර්තා වෙයි.

වත්මන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තමන් එජාප නායකත්වයෙන් ඉවත්ව නොයන බව දිගින් දිගටම ප‍්‍රකාශ වී තිබීමත් කරු ජයසූරිය මන්ත‍්‍රීවරයාද නායකත්වය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වීමට නියමිත වීමත් නිසා නව නායකවරයා තෝරාගැනීම රහස් ඡන්දයකින් කළ යුතුව ඇත.

එසේ වුවහොත් ඡන්ද විමසීම 18වනදා සිදුනොවනු ඇති බවත් එය 21 වනදා දක්වා කල් යා හැකි බවත් එජාප ආරංචි මාර්ග පවසයි.

එළඹෙන 18වනදා පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී 2012 වසරට නායක, උපනායක, නියෝජ්‍ය නායක, ජාතික සංවිධායක හා සභාපති යන තනතුරු සඳහා තැනැත්තන් තෝරාගැනීම නිවේදනය කිරීම සිදුවන බව එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා රාවයට ප‍්‍රකාශ කළේය.

එහිදී පක්ෂ ව්‍යවස්ථාවට අනුව ඉහත තනතුරු සඳහා සම්මුතියෙන් කරනු ලබන පත්කරගැනීම්වලට ප‍්‍රමුඛත්වය ලබා දෙන අතර තැනැත්තන් දෙදෙනකු හෝ වැඩි ගණනක් එකම තනතුරකට යෝජනාවී ඇති අවස්ථාවක ඉන් එක් අයකු සම්මුතියෙන් තෝරා ගැනීම සඳහා යම් කාලයක් ලබා දෙන බවත් එමගින්ද එක් තැනැත්තකු තෝරාගත නොහැකි වුවහොත් රහස් ඡන්දයක් පවත්වා තැනැත්තන් තෝරා පත් කරගැනීමට නියමිත බවද තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කළේය.

ඡන්දයක් නිවේදනය කළ පසු ඊට ඡන්ද ප‍්‍රකාශ කිරීම සඳහා එජාප පාර්ලිමේන්තුතු කණ්ඩායම් හා කෘත්‍යාධිකාරී මණ්ඩලය යන දෙකම රැස්විය යුතු නිසා ඒ සඳහා අවම වශයෙන් පැය 24ක කාලයක් ලබාදිය යුතු වැවින් ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් උද්ගත වුවහොත් එළඹෙන 21වනදාට ප‍්‍රථම දිනකදී කෘත්‍යධිකාරී මණ්ඩල ඡන්දය පැවැත්වීමට නියමිත බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා කරු ජයසූරිය මහතා පත්කිරීමට යෝජනා කොට එය මහලේකම්වරයාට හා සාමාජිකයන්ට මේ වන විට දැනුම් දී ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය. මේ අතර කරු ජයසූරිය මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ 18 වනදාට තෝරාගැනීමට නියමිත අනෙක් තනතුරු සඳහා කරු ජයසූරිය මහතාගේ පාර්ශවයෙන් පුද්ගලයන් ඉදිරිපත් කරනවාද යන්න පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.