Archive | November, 2011

ඖෂධ අවසන් – ජෙනරාල්ට ප්‍රතිකාර නෑ

25 Nov

ජෙනරාල් ෆොන්සේකා මහතාගේ රෝගී තත්ත්වයන් සඳහා ලබා දී තිබූ ඖෂධ මේ වන විට අවසන් වී ඇති නිසා ෆොන්සේකා මහතා ප‍්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව නොදීමෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට ලක්ව ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කළාය.

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ප‍්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙක් පසුගිය 24වනදා විදේශගත වූ බවත් අනෙක් වෛද්‍යවරයාද මේ සතිය තුළදී විදේශගත වීමට නියමිත බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ප‍්‍රකාශ කළාය.

සුදුකොඩි නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කළ පසු මේ වන තෙක් ප‍්‍රතිකාර සඳහා යොමුවීමට ෆොන්සේකා මහතාට ඉඩ ලබාදී නොතිබිණි. පසුගිය 23වනදා ජෙනරාල් ෆොන්සේකාගේ උරහිසේ හා පාදයේ ආබාධයක් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට නියමිතව තිබුණද ඒ සඳහා යොමුවීමට අවසර ලබා දී නොතිබිණි. ජෙනරාල් ෆොන්සේකා මහතා බෝම්බ ප‍්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ඇතිවූ පෙනහළු හා උදරයේ ආබාධ සඳහා මසක් පාසා වෛද්‍ය පරීක්ෂාවකට ලක්කළ යුතු වුවත් පසුගිය 24වනදා ඒ සඳහා ද අවසර ලැබී නොතිබිණි. අනෝමා ෆොන්සේකා මහත්මිය එදින ජෙනරාල්වරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් නවලෝක රෝහල අසලට ගොස් සිටියද එදිනද ෆොන්සේකා මහතා ප‍්‍රතිකාර සඳහා රැුගෙනවිත් නැත.

සුදුකොඩි නඩුවෙන් අනතුරුව වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට යොමුකිරීමට නම් නැවතවරක් නීතිපතිගෙන් ඒ සඳහා නියෝගයක් අවශ්‍ය බව බන්ධනාගාර නිලධාරීන් පැවසු බවද ෆොන්සේකා මහත්මිය තවදුරටත් ප‍්‍රකාශ කරයි. එහෙත් සුදුකොඩි නඩුව පැවති කාලය තුළ තෙවරක් අධිකරණය විසින් ෆොන්සේකා මහතා නිසි වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුකරන ලෙස නියෝග කර තිබිණි.

මේ අතර පසුගිය 24වනදා ජෙනරාල් ෆොන්සේකා මහතාට ප‍්‍රතිකාර කිරීම සඳහා වෙනත් බන්ධනාගාර වෛද්‍යවරුන් කිහිපදෙනෙකු යොදවා තිබුණද ඔවුන්ගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම ජෙනරාල්වරයා ප‍්‍රතික්ෂේප කොට තිබුණි. තමා ප‍්‍රතිකාර සඳහා රැගෙන නොයෑම හෙතුවෙන් ෆොන්සේකා මහතා නොවැම්බර් 23වැනිදා සවස බන්ධනාගාරය තුළදී උපවාසයක් ආරම්භ කිරීමට සූදානම්වී ඇති අතර පසුව එය නවතා දමා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් හා පැවති සාකච්ඡාවකින් පසුය.

පසුගිය 24වනදා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බැලීමට ජයන්ත කැටගොඩ, පාලිත තෙවරප්පෙරුම හා අශෝක අබේසිංහ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් ඇති අතර ජයන්ත කැටගොඩ මහතා ප‍්‍රකාශ කළේ සහකාර වෛද්‍යවරුන් 4 දෙනෙකු ෆොන්සේකා මහතා පරීක්ෂා කිරීමට පැමිණ සිටි බවයි. එහිදී සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දුවේ ආකාරයට දඬුවම ක‍්‍රියාත්මක වනවා නම් තමන්ට ප‍්‍රතිකාර ලබා දීම සඳහා දුන් අධිකරණ නියෝගයද ක‍්‍රියාත්මක කළ යුතු බවයි.

සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමේ තීරණය නැවත සලකා බැලීම සඳහා ඉදිරිපත් කර ඇති අභියාචනය විභාගයට ගැනීමට නියමිත 25වන සිකුරාදා ෆොන්සේකා මහතාට ලැබිය යුතු ප‍්‍රතිකාර ගැනීම සඳහා ඔහුට අවස්ථාව ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද ජයන්ත කැටගොඩ මහතා රාවයට ප‍්‍රකාශ කළේය.

උගත් පාඩම් කොමිසම හා උගතයුතු පාඩම්

25 Nov

උගත් පාඩම් කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදී තිබේ. එහි තිබෙන සොයාගැනීම් හා ඊට ඇතුළත් නිර්දේශ මොනවාද යන්න තවමත් පැහැදිලි නැත. එය ජාත්‍යන්තර අවධානයට යොමුවූ කොමිසමක් ලෙස සැලකිය හැකිය. බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිවරයා ප‍්‍රකාශ කර තිබුණේ කොමිෂන් සභා වාර්තාව ප‍්‍රසිද්ධ ලේඛකයන් බවට පත්කිරීම මගින් ශ‍්‍රී ලංකාව සිය අවංකභාවය ප‍්‍රකාශ කළයුතු බවය. කොමිෂන් සභා වාර්තාව දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුව ප‍්‍රකාශ කර තිබේ. එය යහපත් ප‍්‍රවේශයක් ලෙස සැලකිය හැකිය.

මර්වින්, කුඩුලාල් සහ මහින්ද

25 Nov

කන්නට ඕනෑවූ විට කබරගොයා තලගොයා වී, සිරස රූපවාහිනිය සිය ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේදී සතිය මුලදී විකාශනය කරනු ලැබූයේ අමාත්‍ය මර්වින් සිල්වා එජාප නායක රනිල් වික‍්‍රමසිංහට විරුද්ධව කරනු ලැබූ චෝදනාවක්ය.
එම චෝදනාව කරනු ලබන්නේ නිකම්ම නොවේ. අමාත්‍ය මර්වින් සිල්වාගේ නමට මුලින් ආචාර්ය පට්ටමක්ද එල්ලමින්ය. බොරුව නැවත නැවත පුනරුච්චාරණය කිරීමෙන් එය සත්‍යයක් බවට පත්වීමේ ගොබෙල්ස් න්‍යාය අනුව මේ විකාශයන් නරඹන සාමාන්‍ය මහජනයා සිතනු ඇත්තේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වැන්නවුන් වාගේ අමාත්‍ය Continue reading

භාෂණයේ නිදහසට සීමාවන් දැමිය හැක්කේ නීතියෙන් පමණයි

25 Nov

ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න

තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇති වැදගත්කම සහ එම අයිතිය නීතියෙන් සුරක්ෂිතකර දී ඇති ආකාරය පිළිබඳ කතා කළොත්?

තොරතුරු ලබාගැනීමේ අයිතිය භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහසේ කොටසක් හැටියටයි පිළිගැනෙන්නේ. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේත් සඳහන් වනවා තොරතුරු සෙවීමට, ලබාගැනීමට හා පිටකිරීමට ඇති අයිතිය භාෂණයේ හා ප‍්‍රකාශනයේ අයිතියට ඇතුළත් වන බව. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන Continue reading

යටියන්තොට ගිය හම්බන්තොට – 2018

25 Nov

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරග සත්කාරක රට වශයෙන් ශ‍්‍රී ලංකාව තෝරා ගන්නා ලෙස කරන ලද ඉල්ලීම බහුතර ඡුන්ද බලයකින් ප‍්‍රතික්ෂේප විය. මේ සඳහා වූ තරග ලංසුවට හා ප‍්‍රචාරක වියදමට ඩොලර් මිලියන 800ක් පමණ වියදම් වූ බව මාධ්‍යවල පළවිය. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මූල්‍ය කටයුතු කළමනාකරණය කරගැනීම නිසා මිලියන 11ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වූ බව ක‍්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි. මෙම තරගය ලබා ගැනීම සඳහා වැය කළ මුදල නාස්ති කළ මුදල කළු පැල්ලමක් මෙන් ක‍්‍රීඩා ඉතිහාසය පුරාවට පවතින්නේ මෙම Continue reading

25 Nov

ඉන්දන බාල බවට සංස්ථාවට පැමිණිලි

18 Nov

ඞීසල් ලීටරයකින් වාහනයක් ධාවනය කළ හැකි දුර ප‍්‍රමාණය පෙරට වඩා අඩුවී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ අනුව 2003 වසරේදී පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය විසින් නිකුත් කළ අංක 1295/11 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන්ව ඇති නියමිත සල්ෆර් ප‍්‍රතිශතය අඩංගු ඞීසල් වෙළෙඳපොළට නිකුත්වන්නේදැ යි සැකසහිත බවත්, ඒ පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාටද ලිඛිතව දැනුම් දී ඇති බවත් විජේරත්න මහතා පැවසීය.මීට අමතරව ඞීසල් හා පෙට‍්‍රල් ලීටරයකින් ගමන් කළ හැකි දුර පෙරට සාපේක්ෂව වර්තමානයේ අඩුවීමක් ඇතැ යි පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි කිහිපයක්ද රාවයට ලැබිණි.

ඒ අනුව ඞීසල් හා පෙට‍්‍රල්වල සල්ෆර් ප‍්‍රතිශතය වැඩිවීමෙන් ඉහත සඳහන් ආකාරයේ බලපෑමක් ඇතිවන්නේදැ යි කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාගෙන් රාවය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඞීසල් හෝ පෙට‍්‍රල්වල අඩංගු වියයුතු සල්ෆර් ප‍්‍රතිශතය වැඩිවීමකදී රථවාහනවල එන්ජිමේ අභ්‍යන්තර දහනයේදී සල්ෆර් අධිකව දහනය වීම නිසා නිපදවන ශක්ති ප‍්‍රමාණය අඩුවිය හැකි බවයි. ඒ අනුව වේගය අඩුවන අතර යාහැකි දුර ප‍්‍රමාණයද අඩුවිය හැකි බවයි. එමෙන්ම එන්ජිමේ පිස්ටන් වැනි කොටස් ගෙවීයා හැකි බවත් රථවාහනවලට අමතරව ඉහළ ගෙන්දගම් ප‍්‍රතිශතයකින් යුත් ඞීසල් දහනයෙන් පිටවන දුම් පරිසරයට මෙන්ම මිනිසුන්ටද අහිතකර බවත් ඒ මහතා සඳහන් කළේය.

2003 වසරේදී නිකුත් කළ ගැසට් පත‍්‍රයට අනුව මේ වසරේදී සුපිරි ඞීසල්වල සල්ෆර් ප‍්‍රතිශතය 0.05%ක් විය යුතු බවත්, සාමාන්‍ය ඞීසල්වල එම ප‍්‍රතිශතය 0.1%ක් විය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් වර්තමාන වෙළෙඳපොළ තුළ තිබෙන ඞීසල් එම ප‍්‍රමිතියෙන් යුක්තද නැද්ද යන්න සඳහා පරීක්ෂණ පැවැත්වීමට පරිසර අමාත්‍යාංශය මගින් හෝ වෙනයම් ක‍්‍රමයකින් ස්වාධීන ආයතනයක් පිහිටුවා නැති බවත් විජයමුණි මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඛනිජ තෙල් මිලදී ගැනීමේදී නියමිත සල්ෆර් ප‍්‍රතිශතය යම් කුඩා ප‍්‍රමාණයකින් වෙනස් වුවත් එම ඛනිජ තෙල් මිලදී ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරන බවට එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. වර්තමානයේ ඇති තෙල්වල වර්ණය හා සුවඳද මීට පෙර ඒවාට වඩා වෙනස් බව කොළොන්නාව තෙල් සංකීර්ණයේ සේවකයන් පවසන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව විමසීම සඳහා ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරිය සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් එය අසාර්ථක විය.