අධිකරණයට අදාළ අර්බුදය තීරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙන මෙම අවස්ථාවේදී පොදු යහපත ගැන උනන්දුවක් දක්වන නිදහස් පුවත්පතක් වශයෙන් සාම්ප්‍රදායික මුල් පුවත් වාර්තාකරණයෙන් බැහැර වී අධිකරණ දෙකක් විසින් ලබාදී තිබෙන තීරණයන් නොසලකා දෝෂාභියෝග ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක ජනාධිපතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත්, දේශපාලන පක්ෂවලත්, මහජනයාගේත්, පාඨකයන්ගේත් දැනගැනීම සඳහා මෙසේ පිඬු කොට වාර්තා Continue reading
රස්තියාදුකාර ආණ්ඩුවක් හා රස්තියාදුකාර නායකයෝ
13 Janරස්තියාදුකාරයන්යැ යි සමාජය කියන්නේ අණක් ගුණක් නීතියක් නොතකන, කිසිවකු කියන දෙයක් නොඅසන, හොඳ නරක නොබලා තමන්ට ඕනෑ දෙයම කරන පාදඩ ගණයේ පුද්ගලයන්ටය.
අගවිනිසුරුවරියට එරෙහිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් ඉදිරිපත්කරන ලද දෝෂාභියෝග යෝජනාව වනාහි නීති විරෝධී, මුළුමනින්ම දේශපාලන Continue reading
අවිචාරය, උද්දච්චකම හා අශීලාචාරත්වය
13 Janමීට පෙර බලයේ සිටි කිසිම ආණ්ඩුවක් නොකළ බරපතළ හා සාහසික වරදක් අගවිනිසුරු අර්බුදයේදී මේ ආණ්ඩුව විසින් කර තිබේයැ යි කිවහැකිය. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හා අභියාචනාධිකරණය විසින් දෙන ලද තීන්දු හා නියෝග නොසලකා ක්රියාකිරීමය. ඒ මගින් ආණ්ඩුව අධිකරණයේ සුජාතභාවය අහෝසි කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීම මගින් ආණ්ඩුවේ සුජාතභාවයද අහිමි කරගෙන තිබේයැ යි කිව හැකිය.
ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 (1) වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට අදාළ ප්‍රශ්න විභාග කොට තීන්දුදීමේ තනි හා අනන්‍ය බලය පැවරී තිබුණේ Continue reading
බජාර් එකේ චන්ඩි වගේ රටක් පාලනය කරන්න බෑ
13 Janදේශපාලන විද්‍යාව පිළිබඳ සම්මාන මහාචාර්ය රංජිත් අමරසිංහ
අගවිනිසුරුවරියට එරෙහි ආණ්ඩුවේ දෝෂාභියෝග වැඩ පිළිවෙළේ වර්තමාන තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කරන්න ලැහැස්ති වුණු දේ නීත්‍යනුකූල නෑ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනකොට තීන්දුවක් දීලා ඉවරයි. ආණ්ඩුක්‍රම Continue reading
පරාජයේ කොටස්කරුවෝ කවුද?
13 Janඕස්ටේ්රලියාව සමග පැවැති ටෙස්ට්තරගාවලිය 3-0ක් ලෙස අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැන් එක්දින සහ විස්සයි/20 තරගවලට සූදානම් වෙති. ඒ සඳහා ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම කණ්ඩායමට එකතුවීමට ඔස්ටේ්රලියාවට ගියේ නොබෝදා ය.
ලත් පරාජයේ කොටස්කරුවන් කවුරුන්දැයි තෝරාගැනීමට නොහැකිව දැන් ක්‍රිකට් පාලකයෝ එකි- නෙකාට දොස් තබා ගනිති. තම තමන් සුදනන් වීමට උත්සාහ දරති. මෙහි ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව දෙසට සිග්නල් වැටීම ය.
Continue reading