ජිනීවා යෝජනාවේ නෛතික තත්ත්වය

31 Mar

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය 23 වැනිදා සම්මත වූ යෝජනාවට අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක නොකළද එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි දෙයක් නැති බව හා ඒ හා කිසිම නෛතික බැඳීමක් නැති බව කියන අදහස් පළවෙමින් පවතී. රටක් වශයෙන් ඕනෑම තීන්දුවක් ගන්නට පෙර එහි යථා තත්ත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

නූතන අර්ථයෙන් ගත්විට ජාත්‍යන්තර නීතිය ආරම්භවන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙනි. එය ලෝක යුද්ධ අවසාන අවධියේදී ජයග‍්‍රාහී රාජ්‍යයන් 1944 අගෝස්තුවලදී හා 1945 පෙබරවාරිවලදී කරන ලද සාකච්ඡුා දෙකකින් පසුව 1945 අපේ‍්‍රල් 25 වැනි දින සැන්ෆ‍්‍රැන්සිස්කෝවලදී සකස් කරගන්නා ලද ප‍්‍රඥප්තියකි. එක්සත් ජාතීන්ගේ Continue reading 

උරුමය විකුණන මුත් උරුමය නොරකින ආණ්ඩුවක්

31 Mar

ශ‍්‍රී ලංකාවේ සියලූ ඓතිහාසික හා ජාතික උරුමයන් සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සලකන්නෙමි. උරුම අරුණ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන 10,000ක් සංරක්ෂණය කැරේ. පෞරාණික උරුමයන් බවට පත්ව ඇති පුරා වස්තු විනාශකිරීම, විකිණීම හෝ මිලදී ගැනීම වැනි ක‍්‍රියාවල නිරතවන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමට නීති සකස් කැරේ.

මේ මහින්ද චින්තනයේ ජාතික උරුමයන් පිළිබඳව සඳහන් අතීත අබිමන හෙටටත් (27 පිටුව) යන ජාතික ප‍්‍රතිපත්තියයි. ඒ අනුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලෙස ලංකාවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට 2012 වර්ෂය සඳහා පමණක් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 69ක් සහ එම Continue reading 

ලංකාවේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණය වුණා

31 Mar

අමාත්‍ය ඩිව් ගුණසේකර

ජිනීවාහිදී උද්ගතවූ ප‍්‍රශ්නය කළමනාකරණය කරගැනීමට අපි රටක් හැටියට උත්සාහ කළ ආකාරය දෙස ආපසු හැරී බලන්නෙ කොහොමද?

මෙහි පසුබිමේ ඇති කාරණා අපි පළමුව සලකා බැලිය යුතුයි. යුද්ධය අවසන් වුණේ 2009 මැයි 18 වැනිදා. 14දා ජනාධිපතිතුමා ජෝර්දාන් ගියා. 13දා කැබිනට් එකක් තිබුණා. එදා රෑ 10.00ට විතර ජනාධිපතිතුමාට ටෙලිෆෝන් කෝල්ස් එනවා, ඇමරිකාවෙන්, එංගලන්තයෙන්. ඔවුන් කාරණා තුනක් ඉදිරිපත් කළා. යුද්ධය නතර කරන්න. ඊට මැදිහත්වෙන්න. එජා සංවිධානය මාර්ගයෙන් හෝ මැදිහත්වෙන්න කියන බලපෑම ඔවුන් අපිට කළා. නමුත් ජනාධිපතිතුමා නොසැලී සිටියා. ඊට දවස් දෙකකට පසු බැන් කී මූන් ආවා. මූන් මෙහිදී ඇමරිකානු තානාපතිවරයා මෙන්ම තවත් අය හමුවුණා. මූන්ගේ මූඞ් එක හොඳ නැති බවත් මට තේරුණා. ඊට පස්සෙ ජිනීවා කවුන්සිලයේ විවාදය ආවා. දයාන් ජයතිලක එවර ඊට අදාළ කටයුතු මෙහෙයවූවා. අපිට ජයගත හැකිවුණා. ඊටත් පස්සෙ දරුස්මාන් වාර්තාව ආවා. එජා සංවිධානයට එය ඇතුළු කළ නොහැකි වුණා. ඉන්පසු අවස්ථාව තමයි ඉකුත් 22දා ජිනීවාවල ඇතිවූ තත්ත්වය. අද තියන ලෝක බලතුලනය අනුව තමයි ඒ මුළු ක‍්‍රියාවලියට සිදුවුණේ. 2001න් පටන් ගත් වසර දහය තුළ ලෝක රටාවෙ යම් වෙනසක් සිදුවෙමින් පැවතුණා. ඒ අනුව බලතුලනයත් වෙනස්වෙමින් පවතිනවා. ඊට හේතුව තමයි සංවර්ධනයවෙමින් පවතින රටවල් 5ක් බලවතුන් ලෙස මතුවීම. බි‍්‍රක්ස් කියන සංවිධානය ඒ අනුව Continue reading 

ඇමති පීනන්නට නොයන්නේ මන්ද?

31 Mar

ස්ලාසු (Slasu) හෙවත් ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය වූ කලි සාගරය මැද අතරමංවූ රුවල් ඉරීගිය රුවල් ඔරුවකි. මෙසේ රුවල් ඉරීගොස් ඇත්තේ දැවැන්ත වූ චණ්ඩ මාරුතයකිනි; දරුණු කුණාටුවකිනි. මේ චණ්ඩ මාරුතයත් දරුණු කුණාටුවත් ‘නේතෘ’ යන නාමයෙන් නාමකරණය කිරීමට කාලය එළැඹ තිබේ.
නේතෘ යනු රාජකීය විද්‍යාල ජල සංගමය නියෝජනය කරමින් දෙදහසේ මුල් භාගයේ ජල ක‍්‍රීඩා සංගමයකට රිංගූ චරිතයකි. එවකට පිහිනුම් සංගමයේ සිටි දැවැන්ත චරිතවලට කිට්ටු වී තට්ටු කළ නේතෘ පසුකාලීනව ජල ක‍්‍රීඩා සංගමයේ එකම හිමිකරුවා බවට පත්විය. රන්මල් කොඩිතුවක්කු යටතේ සිටි නේතෘ පසුව රන්මල්ව ජල ක‍්‍රීඩාව තුළ තමා යටතට ගත්තේය. ජල ක‍්‍රීඩා සංගමයේ සභාපතිව සිටි වසන්ත කරන්නාගොඩද පසුකාලීන නේතෘගේ රූකඩයක් බවට පත්විය. වසන්ත කරන්නාගොඩගෙන් පසු එහි Continue reading 

31 Mar

ඇමරිකානු යෝජනාව ජයගනී

25 Mar

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවට පක්ෂව ඡන්ද 24 ක් හා විපක්ෂව ඡන්ද 15 ක් ලැබීමෙන් සම්මත විය. රටවල් 8 ක නියෝජිතයෝ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම යෝජනාව විවාදයට ගැනීම වැළැක්වීම සඳහා වන ප‍්‍රති යෝජනාවක් රටවල් 14 ක අනුග‍්‍රහය ඇතිව ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කියුබාව විසින් ඉදිරිපත් කරන ලද නමුත් එය සාර්ථක නොවීය.

කියුබාව, චීනය, රුසියාව,ඉක්වදෝරය, උගන්ඩාව, ෆිලිපීනය, ඉන්දුනීසියාව, තායිලන්තය, බංග්ලාදේශය ඇන්ගෝලාව සහ මාලදිවයින මෙම යෝජනාවට විරුද්ධව කරුණු දැක්වූහ.

ඇමරිකාව, යුරෝපා සංගමය වෙනුවෙන් බෙල්ජියම, නයිජීරියාව, උරුගුවේ ඇතුළු රටවල් කිහිපයක් යෝජනාවට පක්ෂව කතා කළහ.

ඡන්දය විමසීමේදී ඉන්දියාව මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දීම විශාල වැදගත්කමක් ගත්තේය.

ආසියානු කලාපයට අයත් සාමාජික රටවල් 13 අතරින් බංග්ලාදේශය, චීනය, ඉන්දුනීසියාව, කුවේට්, මාලදිවයින, පිලිපීනය, කටාර්, සවුදි අරාබිය, තායිලන්තය යන රටවල් නවය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර මැලේසියාව, කිර්ගිස්ථානය සහ ජෝර්දානය ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ආසියානු රටවල් අතරින් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ ඉන්දියාව පමණි.

අප‍්‍රිකානු කලාපයට අයත් සාමාජික රටවල් 13 අතරින් බෙනින්, කැමරූන්, ලිබියාව, මුරුසිය, නයිජීරියාව යන රටවල් 5 යෝජනාවට පක්ෂ වූහ. ඇන්ගෝලාව, බොට්ස්වානා, බුර්කිනා ෆාසෝ, ජිබුටි, සෙනෙගාල් යන රටවල් 5 ඡන්දය දීමෙන් වැළකී සිටියහ. යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ අප‍්‍රිකානු රටවල් අතරින් මොරිටේනියාව, කොන්ගෝව සහ උගන්ඩාව යන රටවල් 3 පමණකි.

ලතින් ඇමරිකානු රටවල් අතරින් චිලී, කොස්ටාරිකා, ගෝතමාලා, මෙක්සිකෝව, පේරු සහ උරුගුවේ යන රටවල් 6 යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර කියුබාව සහ ඉක්වදෝරය විරුද්ධව ඡන්දය දුන්හ.

නැගෙනහිර යුරෝපය රටවල් අතරින් පෝලන්තය, මොල්දාවා ජනරජය, චෙක් ජනරජය, රුමේනියාව සහ හංගේරියාව යෝජනාවට පක්ෂ විය. එම කලාපයේ රටවල් අතරින් යෝජනාවට විරුද්ධ වූයේ රුසියානු ෆෙඩරේෂණය පමණකි.

බටහිර යුරෝපීය සහ අනෙකුත් රටවල් අතරින් ඔස්ටි‍්‍රයාව, බෙල්ජියම, චෙක් ජනරජය, ඉතාලිය, නෝර්වේ, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් සියල්ලම යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ විශේෂ යෝජනාව විවාදයට ගන්නා සැසිවාරය 21 වැනිදා ජිනීවා වේලාවෙන් 10.30 ට පමණ ආරම්භ වූ අතර කවුන්සිලයේ සභාපතිවරිය සැසිවාරය ආරම්භ කළාය.

මානව හිමිකම් කවුන්සිලය සඳහා වන ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය එලීන් චෙම්බර්ලේන් ඩොනහියු විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළාය.

මෙම යෝජනාව මෙවර සාකච්ඡාවට නොගෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන සැසිවාරය දක්වා කල්දාන ලෙස යෝජනාවක් ලංකාව වෙනුවෙන් වෙනත් රාජ්‍යයන් 14 ක ගේ අනුග‍්‍රහය ඇතිව කියුබාව විසින් ඉදිරිපත් කරන ලදි.

ඇමරිකානු තානාපතිනිය එයට පිළිතුරු දෙමින් කියා සිටියේ යෝජනාවට සංශෝධන ඉදිරිපත් කර එයට ඡන්දය විමසනු වෙනුවට යෝජනාව ප‍්‍රමාද කිරීමට කටයුතු කිරීම පිළිගත නොහැකි බවය. එබැවින් මෙම අතුරු යෝජනාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන ලෙස ඇය අනෙක් සාමාජික රටවල් වලින් ඉල්ලා සිටියාය. ඉන්පසු කියුබාව විසින් මෙම ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීම වැළැක්වීම සඳහා ඡන්දය දෙන ලෙස සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලදි.

‘මෙම යෝජනා කෙටුම්පත රටක ස්වෛරීභාවය බිඳදැමීමක් මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ විශ්වසනීය භාවය බිඳ දැමීමකි. මෙම යෝජනාව මගින් වෙනත් රටවල්වලට විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවලට අහිතකර ලෙස බලපාන පූර්වාදර්ශයක් ඇති විය හැකියි. එබැවින් මෙම යෝජනාව පරාජය කළ යුතුය” කියුබානු තනාපතිවරයා පැවසීය.

ඉන්පසු යුරෝපා සංගමය වෙනුවෙන් කතා කළ බෙල්ජියම් තානාපතිවරයා මෙම ඇමරිකානු යෝජනාවට සහාය පළකරමින් කතා කළේය. තමන් මෙම යෝජනාවට සහාය දෙන බවත්, එය සමඟ සහයෝගයෙන් ක‍්‍රියාකරන ලෙස ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළ බෙල්ජියානු තානාපතිවරයා සිවිල් සමාජයට එරෙහිව රට තුළදී සහ ජිනීවා හිදී එල්ල කරනලද ප‍්‍රහාර හෙළා දකින බවත්, එම සිවිල් සමාජ නියෝජිතයන්ට ආරක්ෂිතව තම මව් රටට යාමට අවකාශය සලසන ලෙසත් ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ඉන්පසු චෙක් ජනරජයේ තානාපතිවරයා ඇමරිකානු යෝජනාවට පක්ෂව කතා කළේය.

ඉන්පසු චීන තනාපතිවරයා ශ‍්‍රී ලංකාවට පක්ෂව සහ මෙම යෝජනාවට එරෙහිව කරුණු දැක්වීය.

වෙනත් අදහස් දැක්වීමත් සිදු නොවූ බැවින් මෙම යෝජනාවට විෂය වන රට වන ශ‍්‍රී ලංකාවට කවුන්සිලයේ සාමාජිකයකු නොවුණද කරුණු දැක්වීම සඳහා විනාඩි 3 ක් ලබා දෙන ලදි. මෙහිදී මහින්ද සමරසිංහ ඇමැතිවරයා මෙම යෝජනාවට තමා ප‍්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ වන බවත්, වැරදි පූර්වාදර්ශයක් ඇති වීමට තමා විරුද්ධ බවත් කීය. වීදුරු ගෙවල්වල සිටින අය අනුන්ට ගල් නොගැසිය යුතු බවද ඔහු කීය. අපට කාලය සහ අවකාශය අනවශ්‍ය ඇඟිලි ගැසීම්වලින් තොරව ලබා දිය යුතු බවද ඔහු පැවසීය.

ඡන්ද විමසීම පැවතියේ ඉන්පසුවය.

ක‍්‍රියාත්මක නොකළොත් සම්බාධක

ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව ජයගැනීම නිසා උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඊට අමතරව එම කොමිෂන් වාර්තාවේ ප‍්‍රමාණවත් ලෙස සාකච්ඡුා කර නැති ජාත්‍යන්තර නීතියට අදාළ කටයුතු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් පියවර ගැනීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් වූ අධීක්ෂණ කටයුතු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවට පැවරෙන බවත් විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අදහසය.

තම වගවීම පිළිබඳ කටයුතු සඳහා ශ‍්‍රී ලංකාවට අවුරුදු දෙකක පමණ කාලයක් බොහෝවිට ලැබෙනු ඇති බවත්, එම කාලයේදී අදාළ කටයුතු සිදුකිරීමට බැරි බව ප‍්‍රකාශ වුවහොත් ශ‍්‍රී ලංකාවට එරෙහිව මීටත් වඩා තදබල යෝජනාවක් ඉදිරිපත් විය හැකි බවත්, එහි ප‍්‍රතිඵල වශයෙන් ආර්ථික සම්බාධක වැනි තහංචි ශ‍්‍රී ලංකාවට එරෙහිව පැනවිය හැකි බවත් එම නීතිවේදීන්ගේ අදහසය.

ඉන්දීය ස්ථාවරය පහදයි

අමිල ප‍්‍රදීප්

ඉන්දියාව ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඡන්දය ලබාදුන්නේ ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සුළු ජන අයිතීන් වැනි කාරණා සම්බන්ධව රජය සතුව ඇති අවධානය වැඩි දියුණු කිරීමටත්, ශ‍්‍රී ලංකාව විසින්ම විසඳුමක් ලෙස දෙන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් වාර්තාව ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකාව උනන්දුකිරීමටත් බව ඉන්දියාව පවසා ඇත.

මාර්තු 22දා පුවත්පත් සාකච්ඡාවක් කැඳවමින් ඉන්දීය විදේශ කටයුතු ඇමති එච්.එම්. ක‍්‍රිෂ්ණා මේ බව සඳහන් කොට ඇත්තේ ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඉන්දියාව ඡන්දය ලබාදීම පිළිබඳව හේතු දැක්වීමකදීය.

ශ‍්‍රී ලංකාව තමන්ට 13 වන සංශෝධනයට එහා ගිය විසඳුමක් පිළිබඳව පැවසූ බවත්, මීට අමතරව මානව හිමිකම් සහ වගවීමේ ක‍්‍රියාවලිය ප‍්‍රවර්ධනය කරන බව පැවසුවත්, මෙම ඇමරිකානු යෝජනාව ඒ සියල්ලට අඩිතාලමක් වනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා පවසා ඇත.

පරාජයෙන් උගත යුතු පාඩම්

25 Mar

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සිදුවූ තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත් නොවීය. බැලූබැල්මට එය අහිංසක පෙනුමකින් යුතු වුවත් මෙතැන් සිට සිදුවන කටයුතු නිවැරදි ලෙස හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට ශ‍්‍රී ලංකාව අසමත්වෙතොත් එය ශ‍්‍රී ලංකාව කෙරෙහි නරක බලපෑමක් ඇති කිරීමටද හේතුවිය හැකිය.

ඇතිවූ පරාජය කෙරෙහි ඉන්දියාවේ ඇතිවූ වෙනස්වීම තීරණාත්මක ලෙස බලපෑවේය. ඉන්දියාවට සිය ස්ථාවරය වෙනස් කිරීමට සිදුවූයේ තමිල්නාඩුව නිසාය. ඉන්දියාව සිය ස්ථාවරය වෙනස් නොකළේ නම් එම හේතුව මතම ඉන්දියානු ආණ්ඩුව බිඳවැටෙන්නට ඉඩ තිබුණි. එමගින්ද පෙනෙන්නේ අප මුහුණ දී තිබෙන මෙම අර්බුදයේදී ඉන්දියානු මහා ආණ්ඩුවට පමණක් නොව තමිල්නාඩුවටද ලැබෙන වැදගත්කමේ ප‍්‍රමාණයයි.

Continue reading