Archive | සම්මුඛ සාකච්ඡා RSS feed for this section

උතුර, දේශපාලන විභවතාව උරගා බැලිය යුතුයි

8 Apr

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සේනාධීර ගුණතිලක

අප ඉදිරියේ තිබෙන්නේ සමාජ දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටින ශී‍්‍ර ලංකාවක්. මේ කාරණය ඔබ තේරුම් අරන් ඉන්නෙ කොහොමද?

බැලූ බැල්මට ලංකාවේ එබඳු මුහුණුවරක් තිබෙනවා. ලංකාවේ වටේ ව්‍යාපාරය පැත්තෙන් බැලූවත් පවතින ධනේෂ්වරය පැත්තෙන් බැලූවත් එම ව්‍යාපාර හෝ සංවිධාන යම් සන්ධිස්ථානයකට පැමිණ තිබෙන බව පෙනෙනවා. ඊට වම පැත්තෙන් ආසන්නම උදාහරණය තමයි ජ.වි.පෙ පැවති ව්‍යාපාර මේ අර්බුදයට සැබෑ ලෙසම අභිමුඛව වෙන්න අසමත් වූවා. විපක්ෂයෙන්ම ජාතික ප‍්‍රශ්නය ඉදිරියේ සෙසු ව්‍යාපාර සේම වමේ ව්‍යාපාරයත් අසමත් බවකුයි ප‍්‍රකට කළේ. මේ නිසා තමයි විවිධ ප‍්‍රජාවන්ගේ පැත්තෙන් ගත්තත් පොදුවේ බැලූවත් සමාජ ප‍්‍රතිසංස්කරණ ඉල්ලන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන්නෙ. එහෙත් වමේ ව්‍යාපාරය හැටියට ඒ ප‍්‍රතිසංස්කරණවලින් එහා ගිය දැක්මක් සමාජය පිළිබඳව තිබිය යුතුයි. ඒ මොහොතේ එළඹෙන ප‍්‍රශ්නවලට උත්තර සොයමින් සිටින තත්ත්වයකුයි එට තුළ අපිට දක්නට ලැබෙන්නෙ. වමේ ව්‍යාපාරයට ඒ පුළුල් වපසරිය බැහැරකර දෛනිකව කරගත යුතු දේවල් සමග පමණක් එල්ලෙන්න බැහැ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණ නිදහස, ප‍්‍රකාශනයේ නිදහස වැනි දේවල් සම්බන්ධයෙන් ප‍්‍රතිසංස්කරණවාදී ආකල්පයක් මූලිකවම දැරිය යුතු වෙනවා නේද? නැතහොත් පුළුල් වගකීමක් ඉටුකිරීමේ ප‍්‍රවේශය ගන්නෙ කොතැනින්ද?

(more…)

ලංකාවේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණය වුණා

31 Mar

අමාත්‍ය ඩිව් ගුණසේකර

ජිනීවාහිදී උද්ගතවූ ප‍්‍රශ්නය කළමනාකරණය කරගැනීමට අපි රටක් හැටියට උත්සාහ කළ ආකාරය දෙස ආපසු හැරී බලන්නෙ කොහොමද?

මෙහි පසුබිමේ ඇති කාරණා අපි පළමුව සලකා බැලිය යුතුයි. යුද්ධය අවසන් වුණේ 2009 මැයි 18 වැනිදා. 14දා ජනාධිපතිතුමා ජෝර්දාන් ගියා. 13දා කැබිනට් එකක් තිබුණා. එදා රෑ 10.00ට විතර ජනාධිපතිතුමාට ටෙලිෆෝන් කෝල්ස් එනවා, ඇමරිකාවෙන්, එංගලන්තයෙන්. ඔවුන් කාරණා තුනක් ඉදිරිපත් කළා. යුද්ධය නතර කරන්න. ඊට මැදිහත්වෙන්න. එජා සංවිධානය මාර්ගයෙන් හෝ මැදිහත්වෙන්න කියන බලපෑම ඔවුන් අපිට කළා. නමුත් ජනාධිපතිතුමා නොසැලී සිටියා. ඊට දවස් දෙකකට පසු බැන් කී මූන් ආවා. මූන් මෙහිදී ඇමරිකානු තානාපතිවරයා මෙන්ම තවත් අය හමුවුණා. මූන්ගේ මූඞ් එක හොඳ නැති බවත් මට තේරුණා. ඊට පස්සෙ ජිනීවා කවුන්සිලයේ විවාදය ආවා. දයාන් ජයතිලක එවර ඊට අදාළ කටයුතු මෙහෙයවූවා. අපිට ජයගත හැකිවුණා. ඊටත් පස්සෙ දරුස්මාන් වාර්තාව ආවා. එජා සංවිධානයට එය ඇතුළු කළ නොහැකි වුණා. ඉන්පසු අවස්ථාව තමයි ඉකුත් 22දා ජිනීවාවල ඇතිවූ තත්ත්වය. අද තියන ලෝක බලතුලනය අනුව තමයි ඒ මුළු ක‍්‍රියාවලියට සිදුවුණේ. 2001න් පටන් ගත් වසර දහය තුළ ලෝක රටාවෙ යම් වෙනසක් සිදුවෙමින් පැවතුණා. ඒ අනුව බලතුලනයත් වෙනස්වෙමින් පවතිනවා. ඊට හේතුව තමයි සංවර්ධනයවෙමින් පවතින රටවල් 5ක් බලවතුන් ලෙස මතුවීම. බි‍්‍රක්ස් කියන සංවිධානය ඒ අනුව (more…)

මානව හිමිකම් යෝජනාව අනිවාර්යයෙන්ම සම්මත වෙනවා

25 Mar

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු

ජිනීවා මානව හිමිකම් සැසියේදී මේ වන විට ලංකාව සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති ස්වභාවය මොකක්ද?

ඇමරිකාව ලංකාව සම්බන්ධයෙන් මේ වගේ යෝජනාවක් ඉදිරිපත් කළේ මොකද, අපේ ආණ්ඩුව හැමෝටම කියලා තියනවා ප‍්‍රතිසංවිධානය ගැනයි වගවීම ගැනයි කොමිෂන් එකක් පත් කළ බව. උගත් පාඩම් හා සංහිඳියා කොමිසම මගින් තිබෙන සියලූ ප‍්‍රශ්න පැහැදිලි කර ඒවාට විසඳුම් ක‍්‍රියාමාර්ග ලබාදෙන බව ආණ්ඩුව වේලාසන ජාත්‍යන්තරයත් දැනුවත් කළා. මෙහි අවසන් වාර්තාව කොමිසම විසින් ජනාධිපතිතුමාට භාර දුන්නෙ පසුගිය නොවැම්බරයෙ. දෙසැම්බරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2010 සැප්තැම්බරයේ අන්තර්කාලීන නිර්දේශ ඉදිරිපත් වුණත් ඒවාත් තාම ක‍්‍රියාත්මක කර නැහැ. කිසිම දෙයක් තවම ක‍්‍රියාත්මක කර නැති බව පැහැදිලියි. ජාත්‍යන්තර මට්ටමින් කියන්නෙ එක දෙයයි. උද්ගතව ඇති සියලූ ප‍්‍රශ්නවලට විසඳුම් තියෙන්නෙ එල්එල්ආර්සී වාර්තාව බව ශ‍්‍රී ලංකා ආණ්ඩුව කිව්වා. එහෙමනම් ඇයි මේක ක‍්‍රියාත්මක කරන්න පසුබහින්නෙ කියලයි ඔවුන් දැන් අහන්නෙ. ඇමරිකාව මේ ඉල්ලීම දිගින් දිගටම කළා. 2009 සැසිවාරයේදී කැනඩාව මෙවැනිම යෝජනාවක් ගෙන එන්න සූදානම් වුණු වෙලාවෙ ඇමරිකාව තමයි කිව්වෙ ඒක දැන්ම කරන්න එපා ලංකාණ්ඩුව මේ පිළිබඳව ඉක්මනින් පියවර ගනීවි කියලා.

(more…)

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ඖෂධ මාෆියාවට පිළියමක්

18 Mar

සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන

සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ ඖෂධ මාෆියාවක් කි‍්‍රයාත්මක වන බව ඔබ අවස්ථා කිහිපයකදී ප‍්‍රකාශ කර තිබුණා. එහි ස්වභාවය සහ ඒ ගැන ඔබගේ විශේෂ ඇත්දැකීම් මොනවාද?

ඖෂධ මාෆියාව අලූත් දෙයක් නෙවෙයි. ඒක මුළු ලෝකයේම තිබෙන ජාවාරමක්. ලෝකයේ තිබෙන දූෂිත ව්‍යාපාර අතර අංක එක තමයි ආයුධ වෙළෙඳාම. දෙක ඖෂධ වෙළෙඳාම. මේ දෙකේම ඉන්නේ පුංචි මිනිස්සු නෙවෙයි. අපි වගේ පුංචි රඳූ ටක් මේ ජාවාරම්කාර දූෂිත ව්‍යාපාරිකයන්ගෙන් බේරෙන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේ තිබෙන ලොකු අභියෝගයක්. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අපි නිෂ්පාදනය කරන්නේ බටහිර ඖෂධ වර්ග 41 යි. මේ රටේ පෞද්ගලික සමාගම් බටහිර ඖෂධ 40 ක් විතර නිෂ්පාදන කරනවා. සාමාන්‍යයෙන් අප එදිනෙදා පාවිච්චි කරන ඖෂධ ප‍්‍රමාණය 1450 ක් විතර වෙනවා. මේවායින් අත්‍යවශ්‍ය ඖෂධ ප‍්‍රමාණය 282 ක් පමණ වෙනවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඖෂධ වර්ග 1450 කින් අපි රට තුළ නිපදවන්නේ 85 කට අඩුවෙන්. ඖෂධ වර්ග සියයක්වත් ආණ්ඩුව හා පෞද්ගලික අංශය නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි අනායනය කරන ඖෂධවලින් 80% ක් මිලදී ගන්නේ ඉන්දියාවෙන්. ඉතිරි 20% බටහිරටවල් වලින්. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඖෂධ සංස්ථාව තුළ එක දවසකට ටෙන්ඩර් 35-40 ක් විවෘත වෙනවා. එතකොට මේක අමාත්‍යාංශයකට වඩා විශාල (more…)

ඉදිරියේදී සංවර්ධනයට බ්‍රේක් ගහන්න වෙනවා.

10 Mar

ආචාර්ය හර්ෂද සිල්වා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර

රුපියලේ අගය අවප‍්‍රමාණයෙන් රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපෑවා. ආනයනික භාණ්ඩවල මිල සීඝ‍්‍රයෙන් ඉහළ ගියා. හදිසියේම මෙවැනි අවප‍්‍රමාණයන් සිදු කිරීමට පසුබිම් වූ කාරණා කොයි වගේද?

රුපියලේ අගය අවප‍්‍රමාණය කළේ පොලී අනුපාතිකය ඉහළ දැමීමත් සමඟම. ඒකට හේතුව තමයි දැන් ආණ්ඩුව පොලී අනුපාතය අඩු කරලා තියාගෙන හිටියේ පාරිභෝජනය වැඩි කරන්න. මොකද යුද්ධයෙන් පසු ඇතිවුණු සාමය මිනිසුන්ට ඇඟට දැනෙන්නට ඕනෑ කියලා. ජනාධිපතිතුමා හිතුවා ඒක ඇඟට දැනෙන්න තමයි තැන් තැන්වල කිය කියා ගියේ දැන් පාරේ කොච්චර මොටර් සයිකල් තියෙනවාද? තී‍්‍රවිල් කොච්චර තියෙනවද? කාර් කොච්චර තියෙනවාද කියලා.

වාහන ආනයනය කිරීම සියයට 17 කින් වැඩිවෙලා. බදු අඩු කරලා තිබුණා. රූපවාහිනි, ශීතකරණ විකුණනවා කියාල තිබුණා. තැන් තැන්වල ඉතින් නෝ පොලී කිය කියා ගෙවන ක‍්‍රමයට මිනිසුන්ව බඩු දුන්නා. මිනිසුන්ට ක්‍රෙඩිට් කාඞ් බෙද බෙදා ගියා. බහුතරයක් මිනිසුන් ඒවා ගත්තා. කොහොම හරි අඩු පොලී අනුපාතයක් යටතේ කරන්න පුළුවන් ඒ දේවල්. එක පැත්තිකින් පොලිය අඩුකරගෙන ඉන්න ගමන් මිනිස්සු පරිභෝජනය වැඩි කරනවා කියන එක අර්ථ දක්වන්නේ ආනයනය වැඩිකරන එකෙන්. මොකද පාරිභෝගික භාණ්ඩවලින් ගොඩක් ආනයනය කරන භාණ්ඩ, කෑම වර්ග, ඇතුළුව. ඊට පස්සේ ආනයනය වැඩි කරන්න රුපියලේ අගය අධි ප‍්‍රමාණය කරලා තියාගෙන හිටියා. එතකොට අපට හිතෙනවා බඩු ලාභයි. ආනයනික භාණ්ඩ ලංකාවට එනවා. රුපියල අධි ප‍්‍රමාණය වීම නිසා රුපියල ශක්තිමත්. ඒ හින්දා අපේ රටේ ආර්ථිකය ඉතා හොඳයි. ආශ්චර්යට ඔන්න මෙන්න, චීනයට (more…)

යුද අපරාධ සිදුවුණා නම් ඊට වගකිවයුත්තන්ට දඬුවම් ලැබිය යුතුයි

6 Mar

සිවිල් සමාජ ක‍්‍රියාකාරිනී නිමල්කා ප‍්‍රනාන්දු


ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ යෝජනාවේ අන්තර්ගතය කෙබඳුද?

ජිනීවා නුවරදී පසුගිය 29 වැනිදා ශ‍්‍රී ලංකාව පිළිබඳ නිල නොවන කෙටුම්පත (Informal Draft text) ඉදිරිපත් කරලා තිබෙනවා. එහිදී ප‍්‍රධාන කරුණු දෙකක් අවධානයට යොමුවෙනවා. එකක් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශයන් ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සලයේ 20 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ යුතුයි කියන එක. ඒක තමයි ඔවුන් ඉතාම සරලව ඉල්ලූම් කරන යෝජනාව. මේ කරුණු සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන කලබැගෑනිය දේශපාලනය අතින් අපි හඳුනාගත යුතුයි. අනෙක් පැත්තෙන් මේ අයුරින් රජය මැදිහත්ව රජයේ උද්ඝෝෂණයක් හැටියටත්, රජය තමන්ව අද හෙට මරණයට නියම වෙලා තිබෙන බවටත්, අපිව මෙයින් බේරාගන්න කියමින් ගෙන යන මෙම වැඩපිළිවෙළ සිවිල් සමාජ ක‍්‍රියාකාරිනියක් හැටියට මට තේරුම් ගන්න පුළුවන්. රජයක් විසින් ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේදී තිබෙන්නාවූ වගකීම හා වගවීම කියන කරුණු රජය විසින්ම පැහැර හැර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ ජීවත්ව සිටින මිනිස්සුන්ට ඒ අයගේ හෘදය සාක්ෂිය පිළිබඳ කාරණයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් වෙන කාටවත් වැඩිය විශාල හඬක් නගනවා අපි එහෙම කළේ නැහැ කියලා කියන්න. (more…)