Archive | ලිපි RSS feed for this section

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය

8 Apr

වත්ත ජාවාරමට බදු දී සෞඛ්‍යයට දත නියවීම

මෙරට උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත‍්‍ර තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ අර්බුදය පිළිබඳ සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව ජනාධිපතිවරයා අතට පත්ව ඇත. කමිටුව පත් කරනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යවරයායි. කමිටුවේ ප‍්‍රධානියා වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවින්ද්‍ර රුබේරු, කමිටු සාමාජිකයන් වූ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එච්. ආර්. යූ ඉන්ද්‍රසිරි, පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත ජයවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අබේකෝන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති නිලධාරී ඒ. ආර් අහමඞ් යන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රාමාණිකයන් ඉදිරිපත් කළ වාර්තාවක වැදගත් කම අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත්, ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවත්, එම වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන්ගේ දෙමාපියනුත් ප‍්‍රකාශ කළ කරුණු ද මාධ්‍ය මගින් හෙළි කළ කරුණු ද සම්පූර්ණ සත්‍ය බව මෙම පංච පුද්ගල කමිටුව සනාථ කර ඇත.

මාලබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලනය මුල සිටම නිරතව සිටි වංචා සහගත ක‍්‍රියාන්විතයන් බොහොමයක් කමිටුවේ නිරීක්ෂණයට භාජනය වීම පිළිබඳව අපි සතුටු වෙමු. එහෙත් කමිටුවේ නිරීක්ෂණයන්ට පරස්පර වූ නිගමනයන් ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කළේ ඇයිද යන්න ප‍්‍රශ්න සහගතය. කමිටුවේ නිගමනයන් පිටස්තර පුද්ගලයකු විසින් සම්පාදනය නොකළේ නම් එය සිදු කොට ඇත්තේ යම් තැනැත්තකුට හෝ ආයතනයකට ඇති පක්ෂපාතීත්වය නිසා බැව් වාර්තාව සම්පූර්ණයෙන්ම කියවන්නකුට අවබෝධ වීම වැළැක්විය නොහැක.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් ආයෝජන මණ්ඩලය රවටන ලද ආකාරය කමිටුව නිරීක්ෂණය කර ඇත. 2008 වසරේදී දකුණු ආසියානු තාක්ෂණ සහ (more…)

උරුමය විකුණන මුත් උරුමය නොරකින ආණ්ඩුවක්

31 Mar

ශ‍්‍රී ලංකාවේ සියලූ ඓතිහාසික හා ජාතික උරුමයන් සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම රජයේ ප‍්‍රමුඛ වගකීමක් ලෙස සලකන්නෙමි. උරුම අරුණ ව්‍යාපෘතිය යටතේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක ස්ථාන 10,000ක් සංරක්ෂණය කැරේ. පෞරාණික උරුමයන් බවට පත්ව ඇති පුරා වස්තු විනාශකිරීම, විකිණීම හෝ මිලදී ගැනීම වැනි ක‍්‍රියාවල නිරතවන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමට නීති සකස් කැරේ.

මේ මහින්ද චින්තනයේ ජාතික උරුමයන් පිළිබඳව සඳහන් අතීත අබිමන හෙටටත් (27 පිටුව) යන ජාතික ප‍්‍රතිපත්තියයි. ඒ අනුව කෞතුකාගාර දෙපාර්තමේන්තුවක් ඇති ලෝකයේ එකම රට ලෙස ලංකාවේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට 2012 වර්ෂය සඳහා පමණක් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන 69ක් සහ එම (more…)

රේල් පාරේ පිල්ලි ගැසීම

25 Mar

මාතර සිට කතරගම දක්වා යෝජිත දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලි අත්තදක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 27802 ක් හෙවත් රුපියල් කෝටි 3060.2 ආධාරයක් ලබාදීමට චීන රජය කැමැත්ත පළකර ඇති පුවතක් ආණ්ඩුවේ පුවත්පතක ප‍්‍රධාන ශිර්ෂයක් ලෙස නොබෝදා පළවිය. මෙය ආණ්ඩුවේ සංවර්ධනයේ යෝධ පියවරක් බව පෙන්වීම එකී පුවත්පතේ යටි අරමුණය. මෙරට තුළ සංවර්ධනය ගමන් කරණුයේ මාර්ග සංවර්ධනය හරහා බව මනාව පැහැදිලිවන කරුණකි.

මෙලෙස ආරම්භවන සංවර්ධන වැඩසටහන්වලට ආරම්භයේ විශාල ප‍්‍රචාරයක් ලැබෙන මුත් පසුව එය කෙලෙස ඉදිවනවාද ඒවායින් කවුරුන් පිල්ලි ගසනවාද යන්න විමසුමට (more…)

කොළොන්නාවෙන් සාක්ෂියක්

18 Mar

සුදු වෑන් මෙහෙයවන්නේ කවුද?

ඝාතනය කරන ලද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර චිතකයේ දැල්වෙමින් දැයෙන් සමුගත් පසුගිය වසරේ ඔක්තෝබර් 11 වැනිදාය. ඒ කොළොන්නාව උමගිලිය කී‍්‍රඩාංගණයේදීය. ඉන් මාස පහක් ගෙවී යෑමට දින දෙකක් තිබියදී මාර්තු දහවැනිදා උමගිලිය කී‍්‍රඩාංගණයේදී කොළොන්නාවේ තවත් දේශපාලකයකුගේ ඉරණම විස ඳීම ස ඳහා කි‍්‍රයාත්මක වූ මෙහෙයුමක් ව්‍යර්ථවී ගියේය. දේ්ශපාලනඥයා කෙළොන්නාව නගර සභාවේ සභපති ඞී.ජී.රවීන්ද්‍ර උදශශාන්තය. රවීන්ද්‍ර උදයශාන්තගේ ඡුන්ද දේශපාලනයේ පළමු පියවරේ පසුගිය පළාත් පාලන මැතිවරණයයි. එහිදී වැඩිම මනාප ලබාගැනීම හේතුවෙන් ඔහු කොළොන්නාව නගර සභාවේ සභාපති පුටුවට සෙන්දුවූයේ දශකයකටත් අධික කාලයක් තිස්සේ එජාපයට නතුව තිබූ කොළොන්නාව නගර සභාවේ බලය පාලක එක්සත් ජනතා නිදහස් (more…)

පටිසෝතගාමී හා විප්ලවකාරී ළදරු වලිප්පුව

10 Mar

සෝදිසි කිරීම් ගැන

රාවය 25 වැනි සංවත්සරය ගැන ගාමිණී වියන්ගොඩ ලියා තිබූ විවේචනයට ඇතුළත් අවසාන කරුණ ගැන මට ඔහු සමග එකඟ විය හැකිය. උත්සව පරිශ‍්‍රයට ඇතුළු වන අය පරීක්ෂාවට ලක්කිරීමේදී කිසියම් පුද්ගල පිරිසක් පීඩාවට ලක්වී ඇත්නම් ඒ ගැන ඔවුන්ට මාගේ අවංක කනගාටුව පළකරමි. ගාමිණී ඒ ගැන දන්නා දේවල් එහි ලියා තිබුණි. ඔහුගේ සටහනට ඇතුළත් නොවන කරුණක්ද මට අසන්නට ලැබුණි. ශ‍්‍රී ලංකාව බිහිකළ ශ්‍රේෂ්ඨතම නර්තනවේදියා ලෙස සැලකිය හැකි චිත‍්‍රසේන ශූරීන්ගේ බිරිඳ වජිරාටද සිත්වේදනා ඇති කරන අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවූ බව මට අසන්නට ලැබුණි. එහෙත් එම තත්ත්වය කලාතුරකින් කිහිපදෙනකුට හැර පොදුවේ හැම කෙනකුටම බලපෑ තත්ත්වයක් ලෙසද සැලකිය නොහැකිය. පරීක්ෂා කිරීමේ ක‍්‍රියාවලිය මෘදු තත්ත්වයක තබාගැනීම සඳහා රාවයේ නියෝජිතයන් දෙදෙනකුද එම (more…)

මනෝවිකාරකාරයන්ගේ ජිනීවා කුමන්ත‍්‍රණය

6 Mar

ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, වරෙක ලියූ සිය ලිපියක ජාතිවාදියා මානසික රෝගියකු බවට තර්ක කරයි. ඔහුගේ තර්කය මෙබඳුය. නැති දෙයක් ඇතැ යි කියා සිතන්නා මානසික රෝගියෙකි. ජාතියක් කියා දෙයක් නැත. එනිසා ජාතියක් ඇතැ යි සිතා කටයුතු කරන ජාතිවාදියා මානසික රෝගියෙකි. අදිකාරම්ගේ මේ තර්කය අදට ගැලපෙන තත්ත්වයට සකස්කළහොත් මෙසේය. රටේ නායකයන් විදුලි පුටුවක හිඳුවීමට අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් උත්සාහ දරන්නේය කියා දෙයක් නැත. එනිසා එවැනි දෙයක් ඇතැ යි සිතා කටයුතු කරන්නෝ මානසික රෝගීහුය.

ඒ අර්ථයෙන් මේ මොහොතේ ලංකාවේ සෑහෙන පිරිසක් මානසික රෝගීන් ලෙස හැඳින්වීමට සිදුවීම කනගාටුදායක නමුත් පිළිගත යුතු යථාර්ථයකි. ඇත්ත වශයෙන්ම (more…)