Archive | ක්‍රීඩා RSS feed for this section

කෙළිබිමේ ගුණ සුවඳ – නුඹ තුළින් මම දුටිමි

8 Apr

අදින් වසර හතරකට පෙර ගම්පහ වැලිවේරියේ සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකින් මෙරට මලල ක‍්‍රීඩා පිටිය ආලෝකමත් කළ ප‍්‍රවීණ ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් මහතා ජීවිතක්ෂයට පත්විය.
1940 මාර්තු 17 දින ගල්කිස්සේ උපන් ලක්ෂ්මන් මොරටු මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේදී ප‍්‍රසිද්ධ පාසල් මීටර් 100, 200 ශූරතාවන් දිනා වර්ණ ලැබීය. පසුව ජාතික මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයට පිවිස මීටර් 100, 200, 400 ඉසව්වන් හා සහාය දිවීමේ ඉසව්වන් ජයගත්තේ ලංකා වාර්තා බිඳ හෙළමිනි. පසුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී සේවය කළ අවධියේ දක්ෂතම මලල ක‍්‍රීඩකයාට හිමි ශූරතාව පිට පිටම කිහිප වතාවක් ජයග‍්‍රහණය කළ ඔහු එතෙර තරග කිහිපයකදී ලංකාව නියෝජනය කළේය. පසුව (more…)

ඇමති පීනන්නට නොයන්නේ මන්ද?

31 Mar

ස්ලාසු (Slasu) හෙවත් ශ‍්‍රී ලංකා ජල ක‍්‍රීඩා සංගමය වූ කලි සාගරය මැද අතරමංවූ රුවල් ඉරීගිය රුවල් ඔරුවකි. මෙසේ රුවල් ඉරීගොස් ඇත්තේ දැවැන්ත වූ චණ්ඩ මාරුතයකිනි; දරුණු කුණාටුවකිනි. මේ චණ්ඩ මාරුතයත් දරුණු කුණාටුවත් ‘නේතෘ’ යන නාමයෙන් නාමකරණය කිරීමට කාලය එළැඹ තිබේ.
නේතෘ යනු රාජකීය විද්‍යාල ජල සංගමය නියෝජනය කරමින් දෙදහසේ මුල් භාගයේ ජල ක‍්‍රීඩා සංගමයකට රිංගූ චරිතයකි. එවකට පිහිනුම් සංගමයේ සිටි දැවැන්ත චරිතවලට කිට්ටු වී තට්ටු කළ නේතෘ පසුකාලීනව ජල ක‍්‍රීඩා සංගමයේ එකම හිමිකරුවා බවට පත්විය. රන්මල් කොඩිතුවක්කු යටතේ සිටි නේතෘ පසුව රන්මල්ව ජල ක‍්‍රීඩාව තුළ තමා යටතට ගත්තේය. ජල ක‍්‍රීඩා සංගමයේ සභාපතිව සිටි වසන්ත කරන්නාගොඩද පසුකාලීන නේතෘගේ රූකඩයක් බවට පත්විය. වසන්ත කරන්නාගොඩගෙන් පසු එහි (more…)

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිල අනාථය

25 Mar

මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව මෙන්ම ක‍්‍රිකට් විචාර කලාවද කණපිට ගැසිය යුතු කාලය එළැඹ ඇත. දකුණු අප‍්‍රිකාවේදී අන්ත පරාජයට පත්වූ ශ‍්‍රී ලංකා පිල ගැන මෙරට ක‍්‍රිකට් විචාරකයන් කීවේ කුමක්ද?
ඩිල්ෂාන්ගේ නායකත්වයේ දුර්වලකම හා අවසාන තරග දෙකෙහි අප ලද ජය අප‍්‍රිකාවේ පරාජය මකාලූ බවය. එයින් නොනැවතුණු තැන  ඕස්ටේ‍්‍රලියාවේ පැවති සී.බී. තරගාවලියේදී අප තරග හතරක්  ඕස්ටේ‍්‍රලියාව පැරදවීම නිසා අවසන් තරගය පරාජය වීම සැලකිය යුතු නැති බවත් සමස්තයක් ලෙස ගත් කල සූරයන් අපයැ’යි ලිවීය. එකී ගැම්මටම බංග්ලාදේශයට ආසියානු කුසලාන තරගාවලියට ගිය අප හිස් අතින් හිස්කමින් ගෙදර එනවිට අද කියනුයේ කුමක්ද?
(more…)

ඩිලාන්ට හොඳ නම්, වීරසේකරට හොඳ නම්, පාලිතට නරකද?

18 Mar

මෙරට මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධුරය දරන ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු හයවන වරටද සිය සභාපති ධුරය සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇත. එහෙත් ක‍්‍රීඩා අමාත්‍යවරයා පාලිතට අනුමැතිය දීමට මැලිවන බව ක‍්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් පාලිතගේ පාලනයට එරෙහිව පෙත්සමක් ක‍්‍රීඩා බලධාරීන්ට යොමුකොට ඇතැ’යිද එය සැලකිල්ලට ගෙන මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිත මලල ක‍්‍රීඩා නිිලවරණය කල්දැමූ බවද දැනගන්නට ලැබේ.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් වත්මන් මලල ක‍්‍රීඩා පරිපාලනයට විරුද්ධ නම් ඒ පිළිබඳ සලකා බැලීම වටී. එහෙත් එය මලල ක‍්‍රීඩා නිලවරණය කල්තබන්නට හේතුවක් ලෙස සැලකිය නොහැකිය. එයින් පෙන්නුම් කරන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පරිපාලනයේ අඳබාලකමය.
(more…)

මන්කඞ් කිරීම කරළියට ඒම

10 Mar

සීබී තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා ඳක්ෂතා සියල්ල මේ වන විට ඔබ ඳන්නවා ඇතැ’යි සිතමු. නායකත්වයේ වෙනසත් සමග සිඳුවූ මේ වෙනස ඳ කතා කළ යුතුම ය. මහේල මහා ප‍්‍රාතිහාර්යයක් පෑවා සේ ය. අනෙකුත් ක‍්‍රීඩකයෝ ඳ ඊට සම්මාඳම් වීම අපූරු ය. තම නායකත්වයේ ඳී සාර්ථක පිතිකරුවෙකු වීමට නොහැකි වූ ඩිල්ෂාන් ඳ අන් කවරඳාටත් වඩා සාර්ථකවීම කතාබහට ලක්කළ යුතු ය. නමුත් ඒ සියල්ල පසෙක තබා අපේ ක‍්‍රිකට් ගැන කතා කළ හැකි සිඳුවීම් ඳෙකක් පිළිබඳ ව අවධානය යොමු කිරීමට අපි සිතුවෙමු. පහත පළ වෙන්නේ එයයි.
පළමු සිඳුවීම
(more…)

පානදුර තටාකයෙන් නාන දේශපාලකයන්

6 Mar

පානදුර ජල තටාකය ගැන අපි බොහෝ දේ බොහෝ කාලයක සිට අකුරු කරන්නෙමු. එය දත් හෙටත් එලෙසමය. පානදුර ජල තටාකය අපට ඇති එකම ප‍්‍රශ්නය නොවුවද එක ප‍්‍රශ්නයකි.
පානදුර  ජල තටාකයෙහි වත්මන ගැන කතා කිරීමට ඇත්තේ අසුබවාදී කතාවකි. එහි අද පවතින දේශපාලනයෙහි මඩ වගුරක් බවට පත්වී හමාරය. මේ පිළිබද පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගෙන් අප විමසූ විට ඔහුට බරපතළ ප‍්‍රශ්නයකි. අප  පානදුර තටාකය ගැන  දිගින් දිගටම ලියන්නේ  මන්ද යන්නය.
පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ද පානදුර තටාකයට කෙළ හළන පුද්ගලයකු  බව අප කාලන්තරයක සිට දැන සිටියෙමු. එබැවින් ඔහුට අපගේ ලිවීම (more…)