ශ‍්‍රී ලංකාවට අදාළව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ අතර උණුසුම් විවාදයකට හේතුවී තිබෙන බව පෙනේ.
විරුද්ධ පක්ෂය හිතන්නේ එවැන්නක් සිදුවීම රටට සිදුවූ හොඳක් ලෙසය. එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාවට නගන ලෙස ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.
මෙම යෝජනාව සම්මතවීම ආණ්ඩුව දකින්නේ රටට සිදුවූ ලොකු නරකක් ලෙසය. විදේශ බලකිරීම් නිසා නොව එල්එල්ආර්සී සමහර නිර්දේශ තමන් ක‍්‍රියාත්මක කරන බව ආණ්ඩුව කියන්නේය.
මෙය පොදුවේ රටට එල්ල වූ අභියෝගයක් ලෙස සලකා එකට එකතු වී ක‍්‍රියාකරන්නට මෙම දෙපක්ෂයම කැමති බවක් පෙනෙන්නට නැත.
යුද්ධයේදීද මෙම දෙපක්ෂය දෙපැත්තට ඇද්දේය. යුද්ධයක් කරන අවස්ථාවකදී විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීම අවශ්‍යවේයැ යි ආණ්ඩුව කල්පනා නොකළේය. එවැනි අවස්ථාවකදී බලයේ සිටින ආණ්ඩුවට සහාය දියයුතුයැ යි විරුද්ධ පක්ෂයද කල්පනා නොකළේය.