Archive | කතු වැකිය RSS feed for this section

කෙස් පැලෙන තර්ක

8 Apr

ශ‍්‍රී ලංකාවට අදාළව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ අතර උණුසුම් විවාදයකට හේතුවී තිබෙන බව පෙනේ.

විරුද්ධ පක්ෂය හිතන්නේ එවැන්නක් සිදුවීම රටට සිදුවූ හොඳක් ලෙසය. එල්එල්ආර්සී යෝජනා ක‍්‍රියාවට නගන ලෙස ඔවුහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

මෙම යෝජනාව සම්මතවීම ආණ්ඩුව දකින්නේ රටට සිදුවූ ලොකු නරකක් ලෙසය. විදේශ බලකිරීම් නිසා නොව එල්එල්ආර්සී සමහර නිර්දේශ තමන් ක‍්‍රියාත්මක කරන බව ආණ්ඩුව කියන්නේය.

මෙය පොදුවේ රටට එල්ල වූ අභියෝගයක් ලෙස සලකා එකට එකතු වී ක‍්‍රියාකරන්නට මෙම දෙපක්ෂයම කැමති බවක් පෙනෙන්නට නැත.

යුද්ධයේදීද මෙම දෙපක්ෂය දෙපැත්තට ඇද්දේය. යුද්ධයක් කරන අවස්ථාවකදී විරුද්ධ පක්ෂයේ සහාය ලබාගැනීම අවශ්‍යවේයැ යි ආණ්ඩුව කල්පනා නොකළේය. එවැනි අවස්ථාවකදී බලයේ සිටින ආණ්ඩුවට සහාය දියයුතුයැ යි විරුද්ධ පක්ෂයද කල්පනා නොකළේය.

(more…)

ජිනීවා යෝජනාවේ නෛතික තත්ත්වය

31 Mar

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය 23 වැනිදා සම්මත වූ යෝජනාවට අදාළ නිර්දේශ ක‍්‍රියාත්මක නොකළද එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ හැකි දෙයක් නැති බව හා ඒ හා කිසිම නෛතික බැඳීමක් නැති බව කියන අදහස් පළවෙමින් පවතී. රටක් වශයෙන් ඕනෑම තීන්දුවක් ගන්නට පෙර එහි යථා තත්ත්වය තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

නූතන අර්ථයෙන් ගත්විට ජාත්‍යන්තර නීතිය ආරම්භවන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියෙනි. එය ලෝක යුද්ධ අවසාන අවධියේදී ජයග‍්‍රාහී රාජ්‍යයන් 1944 අගෝස්තුවලදී හා 1945 පෙබරවාරිවලදී කරන ලද සාකච්ඡුා දෙකකින් පසුව 1945 අපේ‍්‍රල් 25 වැනි දින සැන්ෆ‍්‍රැන්සිස්කෝවලදී සකස් කරගන්නා ලද ප‍්‍රඥප්තියකි. එක්සත් ජාතීන්ගේ (more…)

පරාජයෙන් උගත යුතු පාඩම්

25 Mar

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සිදුවූ තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකාව සමත් නොවීය. බැලූබැල්මට එය අහිංසක පෙනුමකින් යුතු වුවත් මෙතැන් සිට සිදුවන කටයුතු නිවැරදි ලෙස හා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමට ශ‍්‍රී ලංකාව අසමත්වෙතොත් එය ශ‍්‍රී ලංකාව කෙරෙහි නරක බලපෑමක් ඇති කිරීමටද හේතුවිය හැකිය.

ඇතිවූ පරාජය කෙරෙහි ඉන්දියාවේ ඇතිවූ වෙනස්වීම තීරණාත්මක ලෙස බලපෑවේය. ඉන්දියාවට සිය ස්ථාවරය වෙනස් කිරීමට සිදුවූයේ තමිල්නාඩුව නිසාය. ඉන්දියාව සිය ස්ථාවරය වෙනස් නොකළේ නම් එම හේතුව මතම ඉන්දියානු ආණ්ඩුව බිඳවැටෙන්නට ඉඩ තිබුණි. එමගින්ද පෙනෙන්නේ අප මුහුණ දී තිබෙන මෙම අර්බුදයේදී ඉන්දියානු මහා ආණ්ඩුවට පමණක් නොව තමිල්නාඩුවටද ලැබෙන වැදගත්කමේ ප‍්‍රමාණයයි.

(more…)

ජය පරාජය කුමක් වුවත්

18 Mar

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ශ‍්‍රී ලංකාවට අදාළව ඇමරිකාව ඉදිරිපත් කර තිබෙන යෝජනාවෙන් ලැබෙන ජය පරාජය කුමක් වුවත් සන්සුන්ව හා ඥානාන්විතව ක‍්‍රියාකිරීමේ වගකීමක් ශ‍්‍රී ලංකාවට ඇත්තේය. විරෝධය පෑම්, උද්ඝෝෂණය කිරීම්, තෝරාගත් රටවල භාණ්ඩ වර්ජනය කිරීම් වැනි දේවල් නිසා වියහැක්කේ තිබෙන අවුල්සහගත තත්ත්වය තවදුරටත් වර්ධනයවීම පමණය. ඒ දේවල් නිසා මෙතෙක් සිදුවූයේද ප‍්‍රශ්නය තව තව අවුල්වීම මිස, ලිහිල්වීම නොවේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නය නිසා දැන් ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව තිබෙන්නේද අස්ථාවර තත්ත්වයකය. එය ඉන්දියාවේ යහපතට හේතු නොවනවා සේ ම ශ‍්‍රී ලංකාවේ යහපතටද හේතුනොවන්නේය.

විරුද්ධ පක්ෂ ව්‍යාපාරයද මේ අවස්ථාවේදී බොරදියේ මාළුබාන තැනකට නොයා යුතුය. මේ ආණ්ඩු ක‍්‍රමය තුළ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත්ව ඇති ආණ්ඩු පක්ෂය හා විරුද්ධ පක්ෂ ව්‍යාපාර අතර පවත්නා වෛරසහගත අන්තර් සම්බන්ධයද රටේ අවුල් උග‍්‍ර කිරීමට මිස තිබෙන ආරාවුල් නිරාකරණය කරගැනීමට ආධාර වී නැත.

එල්ටීටීඊයට එරෙහිව තීරණාත්මක යුද්ධයකට යන්නට පෙර විරුද්ධ පක්ෂය දැනුවත් කොට ඔවුන්ගේද සහාය ලබාගැනීමේ වගකීමක් ආණ්ඩුවට තිබුණේය. එහෙත් (more…)

ජිනීවා යෝජනාව හා ශ‍්‍රී ලංකාව

10 Mar

ශ‍්‍රී ලංකාවට අදාළ ඇමරිකා එක්සත් ජනපදය කෙටුම්පත් කරන ලද යෝජනාව මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී තිබේ. එම යෝජනාව ඉදිරිපත්වීම වළකා ගැනීමට ශ‍්‍රී ලංකාව දරන ලද උත්සාහය අසාර්ථක වී තිබෙන අතර ලෝක මහා බලවතා ලෙස සැලකිය හැකි ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කර තිබෙන එම යෝජනාව ඡන්ද විමසීමේදී පරාජය කිරීමට සමත්වේද නැද්ද යන්න පැහැදිලි නැත. යෝජනාව පරාජය කිරීමට අසමත් වෙතොත් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සමග මාර්ග සැලැස්මක් ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇති අතර එම ක‍්‍රියාවලිය පරීක්ෂා කිරීමේ බලය මානව හිමිකම් කවුන්සිලයට හිමිවන්නේය.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමේ කැමැත්ත ශ‍්‍රී ලංකාව ප‍්‍රකාශ කර තිබුණි. එහෙත් එම ක‍්‍රියාවලියට බාහිර ඇඟිලි ගැසීම් සිදුවනවා දක්නට ශ‍්‍රී ලංකාව (more…)

ශ‍්‍රී ලංකාව හා මානව හිමිකම් කවුන්සිලය

6 Mar

ශ‍්‍රී ලංකාව නැවත වරක් ජිනීවා මානිව හිමිකම් කවුන්සිලයේ සාකච්ඡුාවට ලක් කැරෙන වැදගත් මාතෘකාවක් බවට පත්වී තිබේ. ඇමරිකානු යෝජනාවකට අනුව ශ‍්‍රී ලංකාව උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක‍්‍රියාවට නගන කාලසටහනක් සහිත මාර්ග සැලැස්මක් කවුන්සිලයට ඉදිරිපත් කළ යුතුය. එම යෝජනාව සම්මත වුවහොත් ශ‍්‍රී ලංකාව හැම මාස තුනකට වරක්ම කවුන්සිලයට ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර වාර්තා කරන ප‍්‍රගතිය ගැන කවුන්සිලය සෑහීමට පත්නොවේ නම් කවුන්සිලයට අවශ්‍ය නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා තහංචි පනවන තත්ත්වයක් ඇති කළ හැකිය.

යහපත් අරමුණින් කරන විදේශ බලපෑම් සේ ම යහපත් නොවන අරමුණින් කැරෙන විදේශ බලපෑම්ද සිදුවිය හැකිය. එහෙත් නූතන ලෝකයේ විදේශ බලපෑමෙන් (more…)