ලිපි
කොළොන්නාවෙන් සාක්ෂියක්
සුදු වෑන් මෙහෙයවන්නේ කවුද?
එසේ වුවද කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයාගේ ජීවිතය දැන් පෙරටත් වඩා අනතුරේය. ඒ සුදුවෑන් රථයකින් පැමිණි හමුදා සාමාජිකයන් පිරිසක් පළමුවරට රටට හෙළිදරව් වීමය. පොලිස් ආරක්ෂාව ඔහුගේ නිවසට ලබාදී තිබුණද ඔහුට අද නගර සභාවේ කටයුතු සිදුකිරීම ස ඳහා වත් නිවසින් එළියට යා නොහැකිය. නගර සභාවේ පරිපාලන කටයුතුත් ඔහු අද සිදුකරන්නේ නිවසේ සිටය. ශී‍්‍ර ලංකාවට නදුරු අත්දැකීමක් වූවාහ මේ තත්ත්වය එක්තරා ආකාරයකට පුද්ගලයෙකු නිවාස අඩස්සියට පත්වූවා වැනිය. කොයිවේලාවේ සොයා ඒ දැයි නොදන්නා මරණ බියක් සම ඟ තත්ත්වය තවත් සංකීර්ණත්වයට පත්කර ඇත.
ඔහු ශී‍්‍ර.ල.නි.ප යේ නගරසභා සභාපතිවරයකු වුවද ශී‍්‍රලනිපයේ නායකයා මෙන්ම රටේ නායකයාද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ තම පාක්ෂියාගේ හා පුරවැසියාගේ දුකසැප විමසා තිබුණේ නැත. අමාත්‍යවරුන්වන ශී‍්‍රලනිප යේ ජේ්‍යෂ්ඨයන්ද ඔහුගේ දුකසැප විමසා තිබුණේ නැත. සිය පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් විමසා දුරකථනයෙන් හෝ සම්බන්ධවීමට ඔහු උත්සාහ කළද බොහෝ අය දුරකථනයෙන් පවා ඔහුව මගහැරගොස් තිබුණේය. ඔහු වටා මේ මොහොතේ සිටින්නේ ඔහුගේ පවුලේ සාමාජිකයනුත්, හිතමිතුරනුත්, අවට ගම්වැසියනුත් පමණය.
කොළොන්නාව නගරසභාවේ සභාපතිවරයාගේ ඉතිහාසගත ගනුදෙනු පිළිබ ඳව හෝ වර්තමාන ගනුදෙනු පිළිබ ඳව අප කිසිවක් නොදනිමු. එහෙත් අප දන්නදෙය නම් අධිකරණ කි‍්‍රයාමාර්ගයකින් හැර කිසිවකුගේ ජීවිතය පිළිබ ඳ තීරණ ගැනීමේ හැකියාවක් කිසිවකුට නැති බවය. එය කොළොන්නාවේ නගර සභාවේ සභාපතිවරයාටත් අදාළ විය යුතු යුතුය. ඔහුගේ ජීවිතය පිළිබ ඳ තීරණය සුදුවෑන් සංස්කෘතිය මෙහෙයවන පුද්ගලයාට හෝ පිිරිසට තීරණය කිරීමට දීමේ හැකියාවක් නැත.
යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කුමක්කීවත්, ආණ්ඩුව කුමක්කීවත් මේ පසුගිය කාලය පුරාවටම මිනිසුන් පැහැරගෙනගොස් මෘත දේහයවත් නොතබා මිනිසුන් අතුරුදන් කරවූ සුදුවෑන් සංස්කෘතිය නිරාවරණය වීමත් බවට සාක්ෂි ඕනෑ තරම්ය.
එකක් පෙබරවාරි 21 වැනිදා මීතොටමුල්ල පොතුවිල් කුඹුර කසළ අංගනයේදී කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයාගේ මල්ලිව මහ දවාලේ පැහැරගෙන ගිය පිරිසේ දෙදෙනෙකු අල්ලාගත් සිව්දෙනා අතර සිටියේ යැයි එම පැහැර ගැනීම සිදුකළ අවස්ථාවේ ඒ තැන සිට පිරිස හඳුනා ගැනීමය.
දෙවැන්න යුද හමුදාවෙන් පැනගිය පිරිස් අත්අඩංගුවට ගැනීම ස ඳහා යුද හමුදා පොලීසියේ නොව පිරිසක් සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණියේ ඇයි ද යන්නය. තෙවැන්න මාර්තු 10 වැනිදා කොළොන්නාවේි උමගිලිය කී‍්‍රඩාංගණයේ හා ඒ අවට මෙසේ යුද හමුදාවෙන් පැනගිය පිරිස් සිටින බවට අනුමාන කළේ කෙසේ ද යන්නය. තවද ඒ ස ඳහා සුදුවෑන් රථයකින්ම පැමිණියේ ඇයිද යන්නය. යුද හමුදවෙන් පැනගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ පිරිස නිලවශයෙන් පැමිණියේ නම් පොලීසිය හා ගම්වාසීන් ලූහුබ ඳින විට පිරිසක් පලා ගියේ ඇයි?
ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාව පෙන්වා පැමිණි රාජකාරිය ප‍්‍රකාශ කරන්නට තිබුණේය. එමෙන්ම පිරිසේ එක් අයකු කොළොන්නාවේ නගර සභාවේ සභාපතිවරයාට වෙඩි තැබුවේ ඇයි? මේ පිරිස කිසිදු සටහනක් නොදමා එළිවන ජාමයේ පොලීසියෙන් රැුගෙන ගියේ ඇයි? සුදුවෑන් රථය හා එහි රියදුරාට පොලිස්භාරයට ගැනීමට ඉඩනොදුන්නේ ඇයි? වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ක්ෂණයෙන් මාරු කළේ ඇයි? යනාදි වශයෙන් සාක්ෂි හා සැකකරුවන් රාශියක් මේ ආකාරයට පෙළ ගැස්විය හැකිය.
අප දකින තරමින් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ කොණ්ඩය හා රැුවුල කැමති ආකාරයකට වවන්නට ඉඩ දෙන්නේ යුද හමුදා බුද්ධි අංශයට, යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයන්ට හා යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන්ට පමණය. පී.සී 8649 දරන එදින සිද්ධියට සම්බන්ධ සුදුවෑන් රථය පදවාගෙන පැමිණ තිබුණේ ශී‍්‍ර ලංකා යුද හමුදා විශේෂ බලකායේ කෝප‍්‍රල් ගිරාඹේගෙදර උදේනි සමරජීව කරුණාරත්නය. අදාළ සුදුවෑන් රථය යුද හමුදාව විසින් කොළඹ 06 පාමංකඩ පිහිිටි වාහන කුළියට ලබාදෙන තැනකින් ලබාගත් වාහනයක්ය.
ආණ්ඩුව එල්.ටී.ටී.ඊ සංවිධානය සම ඟ සිදුකළ යුද්ධය සමයේදී සුදුවෑන් සංස්කෘතියක් තිබුණේය. එදා සුදුවෑන්වලින් පැහැරගෙන යනු ලැබුවේ දෙමළ ජාතිකයන්ය. යුද්ධය අවසන්ව වසර දෙකක් ගතවීමෙන් පසුව දැන් නැවත සුදුවෑන් සංස්කෘතියක් එළඹ ඇත. එදා සිංහල ජාතිකයන් ඒ ගැන යමක් නොකීවේ පැහැර ගැනීමට ලක්වන්නන් දෙමළ ජාතිකයන් වීම නිසාය. අද බොහෝ විට පැහැර ගැනීමට ලක්වන්නේ සිංහල ජාතිකයන්ය. දැන් මේ ගැන කතාකරන්නට කිසිවකු නැත. මතක් වන්නේ මාර්ටින් නීමෝර කවියාගේ ජනපි‍්‍රය කිවයය.
සුදුවෑන් පැහැර ගැනීම් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීම ස ඳහා එල්.ටී.ටී,ඊ ය, එල්.ටී.ටී.ඊ හිතවාදීන්.. කුමන්ත‍්‍රණකරුවන් හෝ ආණ්ඩු විරෝධීන් විසින් සිදුකරන්නේද? ආණ්ඩුව එය එසේ යැයි කියන්නේ නැත. අඩුම තරමේ තමන්ගේ පාලනයට පිටින් මිනිසුන් පැහැරගන්නා සුදුවෑන් සංස්කෘතියෙන් ක‍්‍රියාත්මක වනවා යැයි ආණ්ඩුව හෝ ආරක්ෂක ලේකම්වරයා කියන්නේ නැත. කොළොන්නාවේ මහජන මෙහෙයුමෙන් සුදුවෑන් රථයක් ඇල්ලූවා හැර මිනිසුන් රාශියක් පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇති සුදු වෑන් සංස්කෘතියට අදාළ කිසිවකු හෝ ආණ්ඩුව මේ දක්වා අල්ලාගෙන නැත අල්ලලන්ට උත්සාහ දරන පාටක්ද පෙනෙන්නට නැත. මහ දවල් කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී ආයුද සන්නද්ධ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටී සැකකරුවකු සුදුවෑන් රථයකින් පැහැරගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම එහි ආරක්ෂාවට සිටි පොලීසියෙන් මෙන්ම එහි ආරක්ෂාවට සිටි පොලීසියේදී මැෂින් තුවක්කු කි‍්‍රයාවිරහිත වූයේ සුදුවෑන් මෙහෙවන හස්තය කවුදැයි දන්නා නිසා විය යුතුයි.
සුදුවෑන් තමා පසුපස ඒමට හේතුව මහාපරිමාණයෙන් සිදුවූ යකඩ ගනුදෙනුවක් බව කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයාගේ මතයය. එය ඇත්තක් යැයි සැලකූ විට අපට පෙනේ. චිත‍්‍රය තවත් භයංකාරය එක්කෝ සුදුවෑන් සංස්කෘතිය මෙහෙයවන්නේ අනුන්ගෙන් කොන්ත‍්‍රාත්ලබාගන්නා අය විය යුතුයි. පසුගිය සුදුවෑන් අතුරුදන්වීම්වලට ලක්වූවන්ගේ ප‍්‍රසිද්ධියට පත්වී ඇති පැටිකිරිය හා සැස ඳීමේදි මේ සුදුවෑන් කොන්ත‍්‍රාත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් තෙක් දිවෙන බව නිරීක්ෂණය කළ හැකිය.
මේ සා බරපතළ සිද්ධියක් සිදුවීත් පොලිස් පරීක්ෂණයක් සිදුවන්නේ නැතිය. පොලිස් පරීක්ෂණයක් සිදුවෙනවා ද නැද්ද යන්න හෝ එහි ස්වරූපය පිළිබ ඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාද දන්නේ නැත. සුදුවෑන් මෙහෙයවන්නේ කවුද? කොළොන්නාවේ සිද්ධියෙන්ම ජනතාවට ඒ පිළිබ ඳව සිතාගත හැකිය.
ගියේ පැනගිය අය හොයන්න
බි‍්‍රගේඩියර් රුවන් වණිගසූරිය
යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක
කොළොන්නාවේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව යම්කිසි පරීක්ෂණයක් සිදුකරනවාද?
අපි වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ රාජකාරියකට පිරිසක් බාධා එල්ල කරලා තියෙනවා කියලා. ඊට අමතරව යුද හමුදා පොලීසියත් මේ පිළිබ ඳව පරීක්ෂණයක් කරනවා.
එදින යුද හමුදා සාමාජිකයන් කොළොන්නාව ප‍්‍රදේශයට ගියේ ඇයි?
අපේ පැනගිය සෙබළුන් ගැන සොයා බලන්න.
මේ විදිහට ගිහින් තියෙන්නේ යුද හමුදා පොලීසියේ සාමාජිකයන්ද?
යුද හමුදා සෙබළුන්
අපි දන්නා තරමට යුද හමුදාවේ විනය භාරව කටයුතු කරන්නේ යුද හමුදා පොලීසිය. ඒ අය නොවේද මේ පැනගියා යැය කියන සෙබළුන් අල්ලන්න ගිහින් තියෙන්නේ
යුද හමුදා පොලීසිය පමණක් ගියොත් අපිට මේ කටයුතු කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ
මේ ගිය පිරිසක් සම ඟ යුද හමුදා පොලීසිය සාමාජිකයොත් ඉ ඳලා තියෙනවාද?
යුද හමුදා පොලීසියට ඒ අය රිපොට් කරනවා
එතකොට සිද්ධියට සම්බන්ධ මේ පිරිස යුද හමුදාවේ මොන අංශයටද අයිති?
එක අදාළ නෑ. රාජකාරිය කරන්නේ අධීක්ෂණයක් යටතේ.
මේ පිරිස අතර රැුවුල වවපු අය හිටියා. අපි දකින විදිහට එවැනි අවසරයක් තියෙන්නේ යුද හමුදාවේ අංශ තුනකට පමණයි.
වරදවා වටහා ගැනීමක්. රාජකාරියට අවශ්‍ය පරිදි එම අවසරය ඇත්තේ අහවල් ඒකකයට කියලා නියමයක් නෑ. උදහරණකට මුහුණෙන් කුරුළෑ තියෙන කෙනෙක් කියලා හිතමු. එ වගේ අයෙක් වෛද්‍ය හේතුවක් විදිහට ඉදිරිපත් කළොත් රැවුල වවන්න අවරස දෙනවා. ඒ ස ඳහා රෙගුලාසි යුද හමුදාවේ තියෙනවා.
මේ ඇවිත් තියෙන වාහන පෞද්ගලික ආයතනයකින් ආයතනයකින් යුද හමුදාව කුළියටගත් වාහනයක් නේද?
ඔව් යුද හමුදාව පෞද්ගලික ආයතනයක් හයර් කරපු වාහනයක්
යුද හමුදාවෙන් පැනලා ගිය සෙබළු විශාල සංඛාවක් කොළොන්නාවේ ප‍්‍රදේශයේ ඉන්නවාද?
සමස්තයක් ලෙස රටපුරාම පැනගිය අය විහිදී ඉන්නවා.
වාහනයේදී රියදුරා පහරකා තුවාල ලැබීමෙන් පසු දැන් ප‍්‍රතිකාර ලබන්නේ යුද හමුදා රෝහලේද ජාතික රෝහලේද?
තුවාල ලැබූ සෙබළා 12 වැනිදා කොළඹ ජාතික රෝහලෙන් නිදහස් කරලා තියෙනවා.
යකඩ ටෙන්ඩරයේ ප‍්‍රතිඵලයක්
සී.ජී.රවීන්ද්‍ර උදය ශාන්ත
සභාපති කොළොන්නාව නගර සභාව
මීතොටමුල්ල පොතුවිල් කුඹුර කසල අංගනයේ ඉන්නකොට තමයි මාගේ මල්ලිව ප‍්‍රසද්ධියේම සුදුවෑන් එකකින් අරගෙන ගියේ. පෙබරවාරි 21 වැනිදා තමයි මල්ලිව අරගෙන ගියේ. මම හිතන්නේ මගේ මල්ලිව ඝාතනය කරලා ඉවරයි. මාව මැරීමේ මේ කුමන්ත‍්‍රණය සිදුකරන්නේ මගෙන් දේශපාලන වශයෙන් පළිගන්න. මම පළමු පාර ඡුන්දය ඉල්ලලා තමයි මෙතෙක් යූ.එන්.පීයට තිබුණෙ නගර සභාව සන්ධානයට අරන් දීලා වැඩිම මනාප අරගෙන නගර සභාවේ සභාපති වුණේ. ඡුන්දයට ඉස්සරින් තමයි බීසීසී එකේ යකඩ ටෙන්ඩරය තිබුණේ. ටෙන්ඩරයේ මුළු ගාන ලක්ෂ හාරසිය ගානක්. ටෙන්ඩරයට මම ලක්ෂ විස්සක් දුන්නා. ලාල් අයියා (කුඩු ලාල්* ලක්ෂ තිස් පහක් දුන්නා. කෙළොන්නාවෙ සමුපකාරය ලක්ෂ පනහක් දුන්නා. දුමින්ද සිල්වා මහත්තයාගේ මස්සිනා කෙනෙක් ඉන්නවා ගිහාන් කියලා එයා ඉතුරු සල්ලි දැම්මා. දුමින්ද මහත්තයාගේ මස්සිනාගේ කට්ටියගේ නමින් තමයි ටෙන්ඩරයේ දාලා තිබුණේ. දුමින්ද මහත්තයා ටෙන්ඩරය ගන්න සහයෝගය දුන්නා මේ ටෙන්ඩරයේදී විරසකයක් ඇතිවුණා. දුමින්ද මතත්තයා සිද්ධිය සමථයකට පත් කළා. මම කාගෙවත් ගොලයෙක් නොවේ. ඒත් මේ ප‍්‍රශ්නයෙන් පස්සේ එම ඡුන්දය දෙන්න එපා කියලා දුම්න්ද සිල්වා මහත්යා කියලා තිබුණා. දුමින්ද මහත්තයාෙ එක්ක මම ඉන්නවා කියලා හිතලා භාරත මහත්තයාත් විරසක වුණා. අන්තිමට තනියම ඡුන්ද සටන කරලා තමයි මට කොළොන්නාව දින්නන වුණේ. කොළොන්නාවේ වැඩ අවුල් කරන්න තමයි දැන් සමහර අය උත්සාහ කරන්නේ. මේ ටෙන්ඩර් එකට සම්බන්ධ වුණ ඉහළම අයගේ සයහයෝගය අරගෙන තමයි මාව මරන්න උත්සාහ කරන්නේ.
ස්ථානාධිපති මාරු කිරීම සිද්ධියට සම්බන්ධ නෑ
අජිත් රෝහණ – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක
කොළොන්නාවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසීය යම් පරීක්ෂණ සිදුකරනවාද
විමර්ශනයක් සිදුකරනවා දෙපාර්ශ්වයෙන්ම ප‍්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. හමුදාවේ අය කියලා තියෙන්නේ ඒ අය පැනගිය සෙබළෙක්ව අල්ලන්න ආවා කියලා. සභාපතිවරයා කියලා තියෙන්නේ ඔහුව පැහැර ගන්න ආවාය කියලා. අපි සභාපතිවරායාට පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙනවා.
අත්අඩංගුවට පත් හමුදාවේ පිරිස පහුවෙනිදා පාන්දරම නිදහස් කරලා තියෙනවා. ඒ අය පිළිබ ඳ විස්තර පොලිීසිය ලබාගෙන තියෙනවද?
ඔව්
මේ සිද්ධිත් සමග වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පාවා මාරු කරනු ලබනවා.
ඒ මාරු කිරිම මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නෑ. ඊට දවසකට පෙර ස්ථානාධිපතිවරයා නිවාඩු සහිතව සිටියේය. එදින ඔහු පොලිස්ස්ථානයේ සිටියෙත් නෑ. සිද්ධියට පැය දෙකකට කලින් තමයි ඔහුට ස්ථාන මාරුව ලැබුණේ.