ක්‍රීඩා

ඩිලාන්ට හොඳ නම්, වීරසේකරට හොඳ නම්, පාලිතට නරකද?

මෙරට මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධුරය දරන ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු හයවන වරටද සිය සභාපති ධුරය සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඉල්ලා ඇත. එහෙත් ක‍්‍රීඩා අමාත්‍යවරයා පාලිතට අනුමැතිය දීමට මැලිවන බව ක‍්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් පාලිතගේ පාලනයට එරෙහිව පෙත්සමක් ක‍්‍රීඩා බලධාරීන්ට යොමුකොට ඇතැ’යිද එය සැලකිල්ලට ගෙන මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිත මලල ක‍්‍රීඩා නිිලවරණය කල්දැමූ බවද දැනගන්නට ලැබේ.
ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් වත්මන් මලල ක‍්‍රීඩා පරිපාලනයට විරුද්ධ නම් ඒ පිළිබඳ සලකා බැලීම වටී. එහෙත් එය මලල ක‍්‍රීඩා නිලවරණය කල්තබන්නට හේතුවක් ලෙස සැලකිය නොහැකිය. එයින් පෙන්නුම් කරන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පරිපාලනයේ අඳබාලකමය.
ඕනෑම සංගමයක් ක‍්‍රියාකාරීද නැද්ද යන්න සොයා බලන මිණුම් දණ්ඩක් ක‍්‍රීඩා අමාත්‍යාංශය සතුවිය යුතුය. එයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ දෙන පෙත්සම්ද විරෝධතාද එක් කරගත හැකිය.  ඕනෑම කෙනකුට විරෝධතාවක් ගොනු කළ හැකිය. පෙත්සම් ඉදිරිපත් කළ හැකිය. එය එකම විසඳුම ලෙස ගෙන ක‍්‍රියාකිරීම නොවටී. එලෙස ක‍්‍රියාකරන්නේ නම් ක‍්‍රීඩා අමාත්‍යාංශයක් නඩත්තු කිරීම නොවටිනා බව කිවයුතුය.
ක‍්‍රීඩා අමාත්‍යවරයාට පාලිත ප‍්‍රනාන්දු සමග අරියාදුවක් තිබිය හැකිය. එමෙන්ම මලල ක‍්‍රීඩා සංගමය ගැන අපටද විවේචන තිබේ. එහෙත් මෙතනදී ප‍්‍රශ්නය වෙනස්ය. මෙතන සිදුවන්නේ කන්න  ඕනෑවිට කබරගොයා තලගොයා කරගැනීමේ න්‍යායය.
ක‍්‍රීඩා සංගම්වලට දේශපාලකයන් ඇතුළත්වීමට විරුද්ධව නීති සකසනවායැ’යි තමා සන්තකයේ ඇති බලය හංගාගෙන කටමැත දෙඩවූ ක‍්‍රීඩා අමාත්‍යවරයා තම සගයා හොඳ මිනිහා කියමින් ඩිලාන් පෙරේරාට තවදුරටත් සභාපති පුටුවෙහි ඉන්නට කල් දුන්නේය. මෙරට වොලිබෝලය ශීඝ‍්‍ර ලෙස සංවර්ධනය වී ඇතැ’යි ඩිලාන් පෙරේරා වොලිබෝලයට මහඟු සේවාවක් කර ඇතැ’යි මුමුණන මහත්වරු ඔහු කර ඇත්තේ කුමක්ද සවිස්තරාත්මකව නොපෙන්වති. ඩිලාන් කළ කෙන්ගෙඩියකුත් වොලිබෝලයේ දියුණුවකුත් අපි නොදනිමු. නොදකිමු. එහෙත් මහින්දානන්දගේ පිහිටෙන් ඩිලාන් මෙවරත් වොලිබෝල් සභාපති විය.
මෙරට පාපන්දු ක‍්‍රීඩාව අන්තයටම පිරිහී ඇතැ’යි කී මහින්දානන්ද අමාත්‍යවරයා තවදුරටත් සභාපති පුටුවෙහි රැුඳෙන්නට සරත් වීරසේකරට බලය දුන්නේය. වූෂූ සංගමයේ කාබාසිනියකු වන පී.බී. ඒකනායකට ආයේ බලය දුන් ක‍්‍රීඩා ඇමති පාලිතට පමණක් අමුතු ක‍්‍රීඩාවක් පෙන්වමින් සිටී.
තව නොබෝ දිනකින් ක‍්‍රීඩා අමාත්‍යවරයා පාලිතටද මේ වසරේ ඉන්නට සහතිකය දෙන බව අප හොඳාකාරවම දනිමු. ඒ පාලිත වටා ඇති දේශපාලන රැස් වළල්ල නිසාවෙනි. ඒ බව දැන දැන මොහොතකට හෝ වීරයෙකු වීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා වළිකති.
ඒ සියල්ලෙන් පෙනෙනුයේ මහින්දානන්දට කළහැක්කක් නැති බවය. එහෙත් ඔහු බොහෝ දේ කළ  හැකි සේ සිටී. මෙරට ක‍්‍රීඩාව ලෙස සෝ්ද-සෝදා මඬේ දමන්නට ඇත්තේ ක‍්‍රිකට් පමණය. ඒ ඇරුණු කොට අනෙක් සියලූ ක‍්‍රීඩා වළපල්ලේය. එයින් ගොඩඒමක්ද දැකිය නොහැක්කේ තවදුරටත් එකී යමපල්ලන්ම ක‍්‍රීඩාවල රැඳෙන බැවිනි. ඒ අනුව ඩිලාන්ට, සරත්ට, ටීබීට, සුමිත්ට තවදුරටත් එකම බොරුව කරගෙන සිටිය හැකි නම් එකී ඉඩකඩ පාලිතට පමණක් ඇහිරීමේ සදාචාරයක් වෙත්ද? මහින්දානන්ද අමාත්‍යවරයා ක‍්‍රීඩාවට දැනෙන වෙනසක් කරතැ’යි අපි අභිමානයෙන් නොඇදහුවෙමු. මන්ද මේ රටාවේ මහින්දානන්ද එක් ඉත්තකු පමණක් බැවිනි. අපට ක‍්‍රීඩාව වෙනුවට කතා කිරීමට සිදුව ඇත්තේ නිලධාරි ගැනය. ක‍්‍රීඩාව නිවැරදි දිශාවකට තල්ලූ කිරීමට නම් නිවැරදි කරගත යුතු සැබෑ යාන්ත‍්‍රණයද එයමය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s